Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
12
"එයාට හැදිලා තියෙන්නේ පිළිකාවක් කියලා එයාවත් දන්නේ නෑ.." - මරණය පෙනි පෙනී පොලිස් කාන්තාවක් වුණු 6 හැවිරිදි පුංචි දියණියගේ සංවේදී කතාව - Photos

- "එයාට හැදිලා තියෙන්නේ පිළිකාවක් කියලා එයාවත් දන්නේ නෑ.." - මරණය පෙනි පෙනී පොලිස් කාන්තාවක් වුණු 6 හැවිරිදි පුංචි දියණියගේ සංවේදී කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,954 Views
එයාට අපි කිව්වේ, ඇඟ ඇතුළේ නරක මිනිස්සු ඉන්නවා කියලයි
 
මගේ දුව හාස්කමකින් හරි බේරුණොත් හොඳයි
 
ඇබිගේල් ඔරියස් කියන්නේ යෙක්සාස් ප්‍රාන්තයේ ඇන්ගල්ටන්වල පදිංචි 6හැවිරිදි දැරියක්. 2017 පෙබරවාරි මාසයේදී ඇබිගේල් වසර 4ක් පිරෙද්දි ඇගේ දෙමව්පියන්ට අහන්න ලැබුණේ නම් සුබ ආරංචියක් නොවෙයි. ඒක බොහෝම දුක්මුසු එකක් වගේම බිය උපදවන පණිවිඩයක් වුණා.
 
එනම් ඇයට වකුගුඩු ආශ්‍රිතව පිළිකාවක් වැළඳ ඇති බවයි වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබුණේ. මෙම ප්‍රකාශයෙන් අනතුරුව ඇගේ මවත් පියාත් භීතියට පත්ව හඬන්නට පටන් ගත් අතරම ඇයව එයින් මුදවාගන්නා ආකාරය සිතමින් කල් ගෙව්වා.
 
වෛද්‍යවරුන් කියා සිටියේ ඇයට ශල්‍යකර්මයක් කළ යුතු බවයි. එම සැත්කම සිදු කිරීමෙන් එක වකුගඩුවක් ඉවත් කළ යුතු බවයි ඔවුන් කියා සිටියේ.

වසර මුලදී වෛද්‍යවරුන් දැරිය පරීක්ෂා කර සිදු කරන ලද ප්‍රතිකාරවලින් ඇය සුවය ලැබුවා වගේම 2017 ඔක්තෝම්බර් මාසයේදී ඇබිගේල් පිළිකා තත්ත්වයෙන් මිදී ඇති බව වෛද්‍යවරුන් දැනුම් දුන්නා. මෙය ඇගේ දෙමව්පියන්ට සතුට ගෙන දුන්නු ආරංචියක් වුණා.
 
ඒත් ඒ සතුට වැඩි කාලයක් පැවතුණේ නැහැ.
 
2018 මැද භාගයේදී ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරුන් ඇයගේ පිළිකාව පෙනහළු කරාද පැතිර ඇති බව දෙමව්පියන්ට කියා සිටියා, එනම්, එය මේ මොහොතේ සුව කළ නොහැකි මට්ටමට පැමිණ ඇති බවයි වෛද්‍යවරුන්ගේ අවසාන නිගමනය වුණේ.
 
එම පණිවිඩයෙන් දෙමව්පියන් ආයෙමත් කඩාගෙන වැටුණා. ඇගේ රෝගී තත්ත්වය නැවත වතාවක් උත්සන්න වේවී කියලා ඔවුන් සිහිනෙකින්වත් බලාපොරොත්තු වුණේ නැහැ.
 
නමුත් දැන් ඒ දේ සිද්ධ වෙලා. ඇගේ මවට ඇය ඉදිරියේ හැඬුම් ආවා. 6 හැවිරිදි සිඟිත්තියට මවගේ වෙනස දැනෙන්න ඇති. ඒත් කලින් වතාවක කිව්වා වගේ ඇගේ ශරීරයට නරක මිනිසුන් ඇතුළු වී ඇති බව කියමින් මව ඇයව තුරුළු කරගත්තා. ඇබිගෙල් තම මව අස්වසමින් ඇයට නොහඬා ඉන්නැයි කියා තිබෙනවා.
 
දිනක් ඇබිගේල් පැවසුවේ තමන්ට පොලිස් නිලධාරියෙක් වීමේ සිහිනයක් ඇති බවයි. දියණියගේ ආශාව ඉෂ්ඨ කරන අදහසින් දෙමව්පියන් පොලිස් ප්‍රධානියාව මුණ ගැසී තිබෙනවා.
 
පුංචි ඇබිගේල්ගේ රෝගී තත්ත්වය දැනගත් පොලිස් ප්‍රධානියා, “මම ඔයාව පොලිස් නිලධාරිනියක් විදිහට බඳව ගන්නවා. ඒ සඳහා උත්සවයකුත් සුදානම් කරනවා..“ යැයි පවසා තිබෙනවා. ඒ මොහොතේ ඇබිගේල්ගේ මුහුණ සතුටින් පිරෙන හැටි ජායාරූප බලන ඔබට පෙනෙයි.
 
උත්සවය පැවැත්වුණේ සෙනසුරාදා දිනයකදී. පොලිස් නිලධාරිනයකගේ නිල ඇඳුමකින් සැරසී ආ ඇය පොලිස් ප්‍රධානියා ඉදිරියේ දිවුරම් දෙනු ලැබුවා. ඇයට පොලිස් ලාංජනය පැළඳු අනතුරුව ඇය එදින දවසම පොලිස් ස්ථානය තුළත්, පොලිස් නිලරථවලත් ගමන් කරමින් දවස ගත කළා.
 
ඇය, තමන් නරක මිනිසුන් අත්අඩංගුවට ගන්නා බව කියා තිබුණේ ඉමහත් සතුටින්. එසේම තමාගේ ශරීරයට අතුළු වූ නරක මිනිසුන්ද කෙසේ හෝ පරාජය කර රෝගී තත්ත්වයෙන් මිදෙන බවයි ඇය කියා සිටියේ.
 
පොලිස් ප්‍රධානියාට ඇබිගේල් දිවුරුම් දුන් අවස්ථාව අතිශයින්ම සංවේදී දර්ශනයක් වූ අතර ඔහුට හැඬෙන්නට ආවා. ඔහු කියා තිබුණේ ඇබිගේල්ගේ දෙමව්පියන්ගේ ධෛර්‍යය ගැන තමන් පුදුමයට පත් වූ බවයි.
 
බලාපොරොත්තු රහිත වුණත් ඇබිගේල්ගේ දෙමව්පියන් පවසන්නේ කුමන හෝ හාස්කමකින් තම දරුවා බේරා ගැනීමට දෙවියන් යදින බවයි.
 
-ජෝසප් ඩයස්-


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  583 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  2,121 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  903 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  336 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,094 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  653,122 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  242,820 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,339,951 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,554,026 Downloads

Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  5,387 Downloads



Top 10 Commenters

Latest Comments

Top