"ගෙළ වැළලා ගන්නවා කියලා සොහොනකට රැගෙන ගිහින් දුෂණය කරලා.."
"මව හැර ගිහිං දරුවා හිටියේ තාත්තා ළග.."
මව විදේශගතව වෙනතක් බලා ගනිද්දී නිවසේ සිටි තම 14 හැවිරිදි දියණිය අඹුකමට ගත් නරුම පියකු වහාම අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි ගම්පොල මහෙස්ත්‍රාත් හා දිසා විනිසුරු ශ්‍රීනිත් විජේසේකර මහතා වෙලම්බොඩ පොලිසිය වෙත නියෝග කර තිබෙනවා.
වසරකට අධික කාලයක් පුරා නිවසේදී ලිංගික අතවරයට ලක්ව ඇති මෙම පාසල් දියණිය පරිවාස නියෝගයක් මත උඩුනුවර වෙලම්බොඩ සිය මිත්තණිය බාරේ සිටියදී නැවතත් එම පියා පැමිණ යතුරුපැදියකින් ඇය රැගෙන ගොස් මහව කරුවලගස් වැව ප්‍රදේශයේ සොහොනක් තුළදී ඇය අතවරයට ලක් කිරීමේ සිද්ධියකින් පසු මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී ඇති බව සදහන්.
මෙම දියණිය කුඩා කලදීම මව විදේශගත වී තිබෙනවා. මුල් කාලවලදී එම මව නිවසට පැමිණ තිබුණත් පසුව විදේශගත වූ ඇය තම සැමියා හා දරුවා මඟහැර ගොස් තිබෙන බවත් සදහන්.
මේ අතර 38 හැවිරිදි පියා දියණිය අඹුකමට ගෙන ඇති අතර එය මහව පොලිසිය වෙත වාර්තා වීමෙන් පසු මෙම පුද්ගලයාට නීතිය මඟින් කටයුතු කොට පසුගිය අප්‍රේල් මසදී අධිකරණය මඟින් ඇය පරිවාසගත කර තිබෙනවා.
පරිවාසගත වූ මෙම පාසල් ශිෂ්‍යාව පසුව මිත්තණිය භාරයට පත් කොට ඇති අතර එම මිත්තණිය ඇයගේ නිවසට රැගෙනවිත් තිබෙන බවද පැවසේ.
මේ අතර පසුගිය 6 වැනි දින මහ ගෙදරට පැමිණ ඇති මෙම දියණියගේ පියා දියණියට පවසා ඇත්තේ ඔහු සමග මහව පුංචි අම්මලාගෙ ගෙදර ගිහින් එමු නැත්නම් මම මෙතනම බෙල්ලෙ වැල දාගන්නවා යනුවෙනි.
පසුව එම නිවසේ තිබූ යතුරුපැදිය ද රැගෙන මෙම දියණිය රැගෙන මහවට ගොස් තිබෙන බවත් අධිකරණ නියෝගයක් ඇති නිසා ඔහුගේ නිවසට යෑමට බිය වූ මෙම පුද්ගලයා ගම්මුන්ට හොර රහසේ දියණිය රැගෙන මෙසේ සොහොනට ගොස් ඇයට එහිදී අතවර කර ඇතැයි අනාවරණය වී තිබෙන බවස පැවසේ.
සිය පියා සමඟ යළි දියණිය පැමිණීමෙන් පසු අධිකරණ නියෝගයට බිය වූ මිත්තණිය ඇය රැගෙන වෙලම්බොඩ පොලිසියට පැමිණ සිද්ධිය පවසා තිබෙනවා.