පුත්තලම - මුල්ලිපුරම් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සිය දියණින් සමඟ හෙරොයින් ජාවාරමේ නිරත වූ මව්වරු දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ මෙලෙස අත්අඩංගුවට ගත් එක් මවකගේ වයස අවුරුදු 40 ක් වන අතර දියණිය 18 හැවිරිදි වියේ පසුවනවා.
මීට පෙර අවස්ථාවකදීද මෙම මව හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන මාස 6 ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව ඇප මත මුදාහැර තිබෙනවා.