පුත්තලම, මැල්ලන්කුලම ප්රදේශයේ දින කිහිපයක සිට සැරිසරමින් සිටි දැවැන්ත පිඹුරෙකු අල්ලාගැනීමට වනජීවි නිළධාරින් සමත්ව තිබෙනවා.
ප්රදේශවාසීන් විසින් කළ දැනුම් දීමකින් අනතුරුවයි මෙම සත්වයා අල්ලාගැනීමට හැකිව ඇත්තේ.
අඩි දහයකට ආසන්න දිගකින් යුත් මෙම පිඹුරා වයස අවුරුදු 10ට ආසන්න බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ.