Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
11
"කුඩු බොන්න සල්ලි නැති වෙනකොට මම ගණිකා වෘත්තියේ යෙදිලා සල්ලි හෙව්වා.." අම්මාගේ අනියම් ඇසුර නිසා නොමඟට ගිය සුරූපී තරුණියකගේ සංවේදි කතාව

- "කුඩු බොන්න සල්ලි නැති වෙනකොට මම ගණිකා වෘත්තියේ යෙදිලා සල්ලි හෙව්වා.." අම්මාගේ අනියම් ඇසුර නිසා නොමඟට ගිය සුරූපී තරුණියකගේ සංවේදි කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

31,362 Views
අම්මා අපිව ඒ මිනිහට බිල්ලට දීලා බලන් හිටියා..
පිටකොටුවට බහින සුනංගුවට මාව අරගෙන යන්න මිනිස්සු හිටියා..
 
ඇය හැඩකාරයි. පෙනුම ප්‍රසන්නයි. සෑම මොහොතකම ගී පදවැල් මුමුණමින් දුවන, පනිින ඇය විටෙක විසේකාරයි. පුංචි සන්දියේ සිට දඟකාර චරිතයක් වූ ඇය ගැහැනියක් බවට පත් කර ඇත්තේ බලහත්කාරයෙනි. ඒ ඇයගේ අම්මාගේ අනියම් සැමියා විසින්. බේබදු කාමාතුර ඒ සල්ලාලයාගේ මනදොළ සපුරාගත් පසුව පුංචි කිරිල්ලිය තවත් සල්ලාලයන්ට මුදලට විකිණීමට තරම් ඔහු තිරිසනෙක් වී වුණා. එසේ අතින්, අතට ගිය අසරණියව මත්ලෝලී සල්ලාලයන් විසින් මත්ද්‍රව්‍යයට හුරු කර ඇත්තේ මත හුවමාරුවට ඉත්තෙක් කර ගැනීමටයි. මත්ද්‍රව්‍ය  ගනුදෙනුකාරිණියක් වූ ඇය අවසානයේ මත් කුඩු ලෝලිනියක් විය. එහෙත් සත්පුරුෂයකුගේ මඟපෙන්වීම මත ඇය මේ විශෝධන මධ්‍යස්ථානය සොයාගෙන පැමිණයේ සල්ලාලයන්ගෙන් මිදී නිදහසේ ජීවත්වීමේ අරමුණින් දැනට ආයතනගත වී සිටින ඇයට දැන් වයස අවුරුදු දහහතකි. මේ ඇයගේ කතාවයි...

‘‘අපේ පවුලේ විනාශයට මුල අම්මා. අපි පුංචි කාලේ ඉඳලා අම්මා කුඩු, කසිප්පු විකිණුවා. මගේ තාත්තා කවුද කියන්න මම දන්නෙ නෑ. මට තේරෙන වයසේ බාප්පා කියලා කෙනෙක් ගෙදරට ආවා ගියා. ඒ මනුස්සයා අපිට ගොඩක් ආදරයෙන් හිටියා. අම්මා එක්ක එකතු වෙලා කසිප්පු බිස්නස් කළත්, ඒ උපයන සල්ලි සේරම වියදම් කළේ අපේ ගෙදරට. අක්කලා, අයියලව ඉස්කෝලෙ යැව්වා. මාව අනාථ නිවාසයක නතර කරලා ඉස්කෝලේ යැව්වා. ඒත් මට ඉගෙනගන්න බැරි වුණා. අපේ පවුලේ කාටවත් අධ්‍යාපනය පිහිටලා තිබුණේ නෑ. කවුරුවත් ඉස්කෝලේ හයේ පන්තියටවත් ගිහිල්ලා නෑ...’’
 
‘‘මට වයස අවුරුදු තුනේ ඉඳලා මම ජීවත් වුණේ අනාථ නිවාසේ. කිසිම දවසක මාව බලන්න අපේ අම්මා ආවේ නෑ. අනිත් ළමයින්ගේ දෙමව්පියො ඇවිත් යනකොට මට හරිම දුකයි... වේදනාවයි... වයස අවුරුදු අටක් විතර වෙනකොට මම අනාථ නිවාසයෙන් පැනලා ගෙදර ගියා. එතකොට බාප්පා ගෙදරින් ගිහින් අම්මා ජීවත් වුණේ වෙන මනුස්සයෙක් එක්ක. ඒ මිනිහා සතෙකුටත් එහා ගිය තිරිසනෙක්. අපේ අම්මාගේ කැමැත්ත පිට අක්කලා දෙන්නවත් අනාථ කරලා අඹුවන් කර ගත්තා. මම උස් මහත් වෙනකොට මාවත් අනාථ කළා. වේදනාවෙන් කෑගහගෙන ගිහින් අම්මට කිව්වත්, අම්මා ඒ තිරිසනාට වචනයක්වත් කිව්වේ නෑ. ඒ මිනිහා ගෙදරින් යයි කියන බයට අම්මා අපිව බිල්ලට දුන්නා. සමහර දවසට ඒ තිරිසනා අපි තුන්දෙනාවම තියාගෙන හිටියා. ඒ දේවල් අම්මා දැක්කත්, නොදැක්කා වගේ හිටියා. අම්මගේ බිස්නස්වලට ඒ මනුස්සයාගේ උපරිම සහයෝගය තිබුණා. ආරක්‍ෂාවත් තිබුණා. ඒ වාසියට තමයි අම්මා අපිව බිල්ලට දීලා බලාගෙන හිටියේ. ඒ තිරිසනා අපිව පාවිච්චි කරලා එයාගේ යාළුවන්ටත් දුන්නා. අක්කලා දෙන්නා අනාථ වෙලා පාරටම වැටුණා. අයියලා දෙන්න ගෙදරින් ගිහින් කුඩු, කසිප්පු මත්ද්‍රව්‍ය බොන්න පටන් ගත්තා. දරුවො ගෙදරින් ගියත් හොර මිනිහා ගෙදරින් යනවට අපේ අම්මා අකැමැති වුණා. බාප්පාගේ වද වේදනා ඉවසගෙන ඉන්න බැරි තැන මම ආච්චි අම්මලාගේ ගෙදර ගිහින් නතර වුණා...‘’
 
 ‘‘ඒ ගෙදරත් මට කිසිම ආරක්‍ෂාවක් තිබුණේ නෑ. නැන්දගේ පුතාලා මාරුවෙන්, මාරුවට මාව පාවිච්චි කළා. මට ගංජා, අරක්කු පෙව්වා. එයලාගේ යාළුවො පස් හයදෙනා එකතු වෙලා කුඩු, ගංජා බීලා, මටත් පොවලා එකට හිටියා. සමහර දවසට මම කැමැත්තෙන් හිටියා. ගොඩක් දවස්වලට හිටියේ අසරණකමට. මම ඒ අයගේ සෙල්ලම් බඩුවක් වගේ වුණා. එහෙම යනකොට එයලා මගේ අතේ තැන්, තැන්වලට කුඩු,
 
 ගංජා පැකට් යැව්වා. මගේ වියදමට සල්ලි දුන්නා. සල්ලි අතට ලැබෙනකොට මමත් කැමැත්තෙන්ම බිස්නස් එක කරගෙන ගියා. ඒත් ඒ බිස්නස් එක වැඩි කාලයක් කරගෙන යන්න බැරි වුණා. කුඩුත් එක්ක අයියලාව පොලිසියට කොටු වෙලා තිබුණා. ඊට පස්සෙ මම ආයෙමත් ගෙදර ගියා. ගෙදරට ගිය දවසේම බාප්පා මට කරදර කරන්න හැදුවා. මම කැමැති වුණේ නෑ. බාප්පා ළඟට යන්න කියලා අම්මා මට බැන්නා. ඒ යන්නෙත් නැති තැන ‘පලයං බාප්පා ළඟට කියලා අම්මා මෝල් ගහක් අරගෙන මගේ කකුල් දෙකට ගැහුවා. සතියක් දෙකක් යනකම් මට ඇවිද ගන්නවත් බැරි වුණා. අම්මා තෙල් ගාලා, පත්තු බැඳලා වෙදකම් කළා. කකුල්වල වේදනාවෙන් කෑගහද්දීත් අර තිරිසනා මට කරදර කළා. හොඳට ඇවිදින්න පුළුවන් වෙච්ච ගමන් මම ගෙදරින් පැනලා ගිහින් බස්වල, කෝච්චිවල සිංදු කියන්න පටන් ගත්තා...’’
 
 ‘‘අපේ පවුලේ හැමෝටම ලස්සනට සිංදු කියන්න පුළුවන්. අක්කලා දෙන්නා මටත් වඩා ලස්සනට සිංදු කියනවා. මම බස්වල සිංදු කියනකොට මිනිස්සු වශී වෙලා වගේ බලාගෙන හිටියා. දවසකට හොඳ ආදායමකුත් ලැබුණා. බස්වල සිංදු කියන්න පටන් අරගෙන ටික දවසක් යනකොට අයියා කෙනෙක් එක්ක යාළු වුණා. එයත් බැඳපු කෙනෙක්. ඊට පස්සේ ඒ අයියත් එක්ක කොළඹ කාමරයක් කුලියට අරගෙන ජීවත් වුණා. එතකොට මට වයස අවුරුදු දහයයි. ඒත් මගේ ඇඟ හොඳට පිරිලා තිබුණා. ඒ නිසා කවුරුවත් මට අවුරුදු දහයයි කියලා හිතුවේ නෑ...’’
 
 ‘‘මම කඩේක වැඩ කළා. ඒ අයියා බස්වල පළතුරු වෙළඳාම් කළා. ඒ අයියත් තදින්ම කුඩුවලට ඇබ්බැහි වෙලා හිටියා. එයා ගෙදරට ගෙනත් කුඩු බොන වෙලාවට මටත් දුන්නා. මමත් බිව්වා. දවස ගානේ කුඩු බිව්වා. ටික දවසක් යනකොට කුඩු නැතිව මටත් ඉන්න බැරි වුණා. මට කඩෙන් ලැබෙන පඩිය සේරම වියදම් වුණේ කුඩුවලට. අයියත් පළතුරු විකුණලා හම්බ කරලා ගත්ත ලාභය සම්පූර්ණයෙන්ම වියදම් කළේ කුඩුවලට. කෑවේ නැති වුණත් අපි දෙන්නට කුඩු නැතිව ඉන්න බැරි වුණා. කුඩු බොන්න සල්ලි නැති වෙනකොට මම ගණිකා වෘත්තියෙත් යෙදුණා. පිටකොටුවට බහින සුනංගුවට මාව අරගෙන යන්න මිනිස්සු හිටියා. විවිධ මිනිස්සු මාත් එක්ක එකට ඉඳලා තියෙනවා. සමහර මිනිස්සු මගේ වයස කිව්වම අතට සල්ලි දීලා මාත් එක්ක එකට ඉන්නෙ නැතිව ගිහින් තියෙනවා. මාත් මිනිස්සු එක්ක නිදාගත්තේ ආශාවෙන් නෙමෙයි. කුඩු බොන්න සල්ලි හොයාගන්න. එක මිනිහෙක් එක්ක කාමරයකට ගිහින් රුපියල් දාහක් අරගෙන මම දිව්වේ කුඩු පොට් එකට. මම කුඩු පැකට් එක අරගෙන එනකම් අයියා ගෙදර බලාගෙන හිටියා. කුඩු චුට්ටක් බිව්වට පස්සෙ තමයි අපිට පණක් ආවේ. මම ඒ අයියා එක්ක එකට හිටියේ හරිම කැමැත්තෙන්. එයා කිසිම දවසක මට ගහලා, බැණලා නෑ...’’
 
 ‘‘දවසක් පිටකොටුවේ ඉන්නකොට පොලිසියට කොටු වෙලා මාව උසාවියට දාලා පරිවාසයට දැම්මා. හිරේට දාලා දවසක් දෙකක් යනකොට කුඩු සික් එක දරාගන්න බැරි වුණා. විලාප දීලා ඇඬුවා. ඒත් මාව සනසන්න කවුරුවත් හිටියේ නෑ. අඬලා, දොඩලා සතියක් දෙකක් යනකොට කුඩු සික් එක නැතිව ගියා. ඒත් ඒ පරිවාස නිවසේ හිටිය අකීකරුම කෙනා මමයි. අතපය කපා ගත්තා. ඔලූව බිත්තියේ ගහගෙන තුවාල කරගත්තා. කවුරුවත් කියන දෙයක් මම ඇහුවේ නෑ. ජීවිතය හදාගන්න කොච්චර අවවාද කළත් ඒවා තේරුම් ගන්න මට මොළයක් තිබුණේ නෑ. මම මුරණ්ඩු වෙනකොට විවිධ ප්‍රදේශවල පරිවාස නිවාසවලට මාරු කළා. අවුරුදු හයක් මම පරිවාසේ හිටියා. ඒ අවුරුදු හයට ඒ නිවාසවල වැඩ කරපු මිස්ලට ගොඩක් වද දුන්නා. ඒත් ඒ මිස්ලා කවුරුවත් මට ගැහුවේ නෑ. බැණලා අවවාද කරලා හදන්න හැදුවා. ඒත් ඒ අවවාද කිසිම දෙයක් මට තේරුණේ නෑ. ඒ වෙනකොට මම හිටියේ අවවාද පිළිගැනීමට පුළුවන් මානසිකත්වයක නෙමෙයි. මගේ ඔළුව විකෘති වෙලා තිබුණේ. මම ජීවත් වෙච්ච පරිසරයේදී මට ඇහුණේ තනිකර නරක වචන. නරක මඟපෙන්වීම. යහපත් වචනයක් අහලම තිබුණේ නෑ...’’
 
 ‘‘අවුරුදු හයකට පස්සේ අම්මා ඇවිත් මාව ගෙදර එක්කරගෙන ගියත් මගේ මානසිකත්වය සම්පූර්ණයෙන්ම යහපත් පැත්තට හැරිලා තිබුණේ නෑ. ගෙදරට අඩිය තිබ්බ මොහොතේ ඉඳලා මට විඳින්න වුණේ පරණ ජීවිතයමයි. එදා රාත්‍රියේම බාප්පාගේ විකෘති ලිංගික අශාවන් ඉටුකරගැනීමට මාව පාවිච්චි කළා. මාව ගෙදර තියාගන්න ඕනෑ නිසා මගේ අතට සල්ලි මිටි ගණන් දුන්නා. කුඩු පැකට් තුන, හතර දුන්නා. මම ඒවාට ආශාවෙන් ගෙදර නතර වුණා. ඒත් බාප්පගේ පහත් ලිංගික ආශාවන් මට ඉවසන්න බැරි වුණා. මම නැවත ආච්චි අම්මලාගේ ගෙදර ගියා. එතකොට අයියලත් හිරෙන් නිදහස් වෙලා ඇවිත් නැවත කුඩු බිස්නස් පටන්ගෙන තිබුණා. මම ඒ අයත් එක්ක එකතු වෙලා කුඩු බිස්නස් කළා. එතකොට මට කොච්චර කුඩු බිව්වත් මදි. අයියලා මට දෙන සේරම සල්ලි වියදම් කළේ කුඩු බොන්න. ඒ සල්ලි මදිවෙනකොට ගමේ කොල්ලන්ට ලිංගික ශ්‍රමය විකුණලා සල්ලි අරගෙන කුඩු බිව්වා. දුර පළාත්වලට ගිහිල්ලා ගෙයින් ගෙට ඇවිදලා ආබාධිත ළමයකුගේ ෆොටෝ එකක් පෙන්වලා සල්ලි එකතු කළා. දවසකට ලොකු මුදලක් එකතු වුණා. ඒ සේරම සල්ලි වියදම් කළෙත් කුඩු බොන්න...’‘
 
 ‘‘දවසක් ගෙදරකට ගිහින් ෆොටෝ එක පෙන්නලා ‘මල්ලිට ඔපරේෂන් එකක් කරන්න තියෙනවා... ලක්‍ෂ තිහක් යනවා... අපි දුප්පත්...’ කියලා ආධාර ඉල්ලූව ඒ ගෙදර මනුස්සයා මගෙන් විස්තර අහන්න පටන් ගත්තා. මම බය වෙලා වචන පැටලිලා වෙව්ලන්න ගත්තා...’’
 
 ‘‘මම පොලිසියේ. ‘ඇත්ත කියනවා. නැත්නම් දැන් තමුසෙව පොලිසියට අරගෙන යනවා...’’ කියලා මාව හොඳටම බය කළා. බය වැඩිකමටම ජීවිත කතාවම මම කිව්වා...
 
 ‘පුතේ, මම පොලිස් රාළහාමි කෙනෙක් නෙමෙයි. ෆාදර් කෙනෙක්. මට ඔයාගේ අසරණකම දැනුණා. ඒ වගේම ඔයා සල්ලි එකතු කරන්නෙත් බොරුවක් කරලා කියලා මට තේරුණා. ඒකයි මම ඔයාව බය කරලා ඇත්ත දැනගත්තේ. දැන් ඔයා බය වෙන්න එපා. මම ඔයාට පිහිට වෙනවා...’ කියලා ගේ ඇතුළට අරගෙන මට හොඳට කන්න බොන්න දීලා ඇඳුම් පැළඳුම් දීලා පල්ලියේ සිස්ටර් කෙනෙක්ට මාව භාර දුන්නා. ඊට පහුවෙනිදාම මාව මෙතැනට එක්කරගෙන ආවා. දැන් මම මෙතැනට ඇවිත් අවුරුදු දෙකක් විතර ඇති. ආපු මුල් දවස්වල නම් කුඩු සික් එක දරාගන්න බැරිව මෙතැනින් පැනලා යන්න හැදුවා. ඒත් එහෙම යන්න අවස්ථාවක් ලැබුණේ නෑ. ටික දවසක් යනකොට මම මෙතැනට හුරු වුණා. දැන් මගේ හිත සම්පූර්ණයෙන්ම මත්ද්‍රව්‍යවලින් නිදහස් වෙලා. ඒත් මට යන්න තැනක් නෑ. නැවත අම්මා ළඟට ගියොත් මාව පරණ තැනටම වැටෙනවා.
බාප්පගේ ලිංගික වහළියක් වෙන්න වෙනවා. ඒ වගේම අම්මා තවමත් පරණ බිස්නස් අතහැරලා නෑ. එයා මැරෙනකම් ඒ බිස්නස් කරනවා. ජීවත් වෙන්න එයාට වෙන කරන්න දෙයක් ඇත්තෙත් නෑ...’’
 
 ‘‘අයියලා දෙන්නෙක්, අක්කලා දෙන්නෙක් හිටියට ඒ කවුරුවත් යහපත් ජීවිත ගත කරන්නෙ නෑ. අක්කලා දෙන්නම කසාද බැඳලා දරුවො ඉන්නවා. ඒත් මිනිස්සු අතහැරලා අනාථ වෙලා. මත් කුඩුවලට ඇබ්බැහි වෙලා. ජීවත් වෙන්න ගණිකා වෘත්තියේ යෙදෙනවා. අයියලා දෙන්නගෙන් එක අයියා කෙනෙක් වඩේ විකුණනවා. තව අයියා කෙනෙක් ස්වීප් ටිකට් විකුණනවා. ඒ දෙන්නම මත් කුඩුවලට ඇබ්බැහි වෙලා. මල්ලිලා දෙන්නගෙන් ලොකු මල්ලිත් දැන් අයියලාගේ ගොඩටම එකතු වෙලා කියනවා. පොඩි මල්ලි මහණ වෙලා. ඒක විතරයි හිත සැනසීමෙන් කියන්න තියෙන්නෙ. මල්ලි මහණ වෙලා පව්කාර අපේ පවුලට විශාල පිනක් අත්කර දුන්නා. පව්කාර අපේ අම්මට ලබන ආත්මයේදීවත් සැපවත් ජීවිතයක් ගත කරන්න ඒ පිනම ඇති. අපේ සහෝදර, සහෝදරියන්ගෙන් වැඩියෙන්ම අම්මට ආදරය කළේ මමයි. අම්මා මොන නරක වැඩේ කළත් එයා ඒවා කරන්නෙ අපිව ජීවත් කරවන්න කියලා හිතාගෙන මම අම්මට සමාව දුන්නා. ඒත් දැන් නම් මගේ හිතේ අම්මට කිසිම සමාවක් නෑ. නීති විරෝධී සහ වනචර වැඩ නොකර යහපත් විදිහට ජීවත් වෙන්න මේ රටේ ඕන තරම් රස්සා තියෙනවා. ඒත් අම්මා මුළු ජීවිතයේම නරක ගෑනියක් විදිහට ජීවත් වෙලා තියෙන්නෙ. මම, මගේ තාත්තා අඳුරන්නෙ නැත්තේ ඒ නිසයි. අපි හැමෝම පාරට වැටුණේ අම්මාගේ වරදින්. ජීවිතේ වසනතුරාවට නැවත මම අම්මගේ මූණ බලන්න කැමති නෑ. සහෝදර, සහෝදරියොත් මට ඕන නෑ...’’
 
 ‘‘මම මේ ආයතනයේම ඉඳගෙන ගාමන්ට් එකක හරි රස්සාවක් කරනවා. ඒ ලැබෙන පඩිය මේ ආයතනයේ වියදමට යොදවලා පින් රැස් කරගන්නවා. පෙර ආත්මවල කරපු පව් නිසා තමයි අද මට මේ ඉරණම උරුම වෙලා තියෙන්නෙ. ඒ පව් මේ ආත්මයේදී ගෙවලා මතු ඉපදෙන ආත්මයකදීවත් සැපවත් ජීවිතයක් ගත කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මට තියෙන එකම බලාපොරොත්තුව එච්චරයි. ඇති එකම සතුට මේ ආයතනය භාර අක්කයි, අයියයි මට සලකන්නේ එයාලගේම නංගි කෙනෙකුට විදිහටයි. දැන් මගේ අම්මයි, තාත්තායි ඒ දෙන්නා. ජීවිතයට නොලැබුණු මවුපිය සෙනෙහස මට ඒ දෙන්නාගෙන් ලැබෙනවා. ඒ නිසා ඒ අය කියන විදිහට ජීවත් වෙනවා. එතැනිං එහාට මට ජීවිත බලාපොරොත්තු නෑ. මගේ ජීවිත කතාව කිව්වම කවුරුවත් මාව කසාද බඳින්න කැමති වෙන්නෙ නෑ. ඇත්ත කිව්වොත් ආයතනයකින් රස්සාවක් දෙන්නෙවත් නෑ. ඒ නිසා මේ ආයතනය හරහා තමයි මට ගාමන්ට් එකකට හරි යන්න වෙන්නෙ. හරි වෙලාවට අයියා මාව ජොබ් එකකට යවයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා...’’
 
 දැන් ඇය ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගෙන සිටින්නීය. ඇය ගත කළ කාලකණ්ණි ජීවිතයෙන් සම්පූර්ණයෙන්ම මිදී යහපත් ලෙස සමාජයේ ජීවත්වීමට බලාපොරොත්තුවෙන් සිටින්නීය. එහෙත් සමාජයේදී ලැබෙන පිළිගැනීම ගැන ඇයට ඇත්තේ කුකුසකි. එහෙයින් සමාජයේ ජීවත් වන පුරවැසියන් ලෙස අප ඇයව වැරැදි නිවැරැදි කරගත් යහපත් කාන්තාවක් ලෙස පිළිගත යුතුය. ඇය අසීරුවෙන් ගොඩනඟා ගත් ජීවිතයට සතුට උපදින්නේ එසේ වූවොත් පමණි. දහහත්වැනි වියේ පසු වන භද්‍ර යෞවනීයට ප්‍රේමණීය ජීවිතයක් ලැබෙන්නේ එසේ වූවොත් පමණි.
 
 තරංග රත්නවීර
(දිවයින පුවත්පත)
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  9,382 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  11,580 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  5,226 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,521 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,818 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  796 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  897 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,981 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  23,865 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  2,532 Downloads



Top 10 Commenters

Latest Comments

Top