Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
11
"තාත්තා මට පොඩි කාලේ ඉඳන් කිව්වේ සංගීත ක්‍ෂේත්‍රයට එනවට වඩා වෙන දෙයක් කරන්න කියලා.." - ධනපාල උඩවත්තගේ පුතා කියයි

- "තාත්තා මට පොඩි කාලේ ඉඳන් කිව්වේ සංගීත ක්‍ෂේත්‍රයට එනවට වඩා වෙන දෙයක් කරන්න කියලා.." - ධනපාල උඩවත්තගේ පුතා කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,625 Views
"මගේ අම්මාගෙනුයි තාත්තාගෙනුයි අපි කිසිම වැරැද්දක් දැකලා නෑ..."

"රෑ 8 වෙද්දී ගෙදර එන්න ඕන, නැත්තම් මරණ තර්ජන තමයි.."

ධනපාල උඩවත්ත කියන්නේ කාලයක් ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි වූ ගායකයෙක්. ඔහුගේ පැරණි සියළුම ගීත ජනතාව ආදරයෙන් වැළදගත්තා.  කලක් නිහඩව හිටියත් ඔහුව ඉදහිට ප්‍රසංග වේදිකාවෙන් දකින්න ලැබෙනවා. ඔහුගේ ආදරණිය පුතා තමයි ගයාන්. ඔහු දැන් ගායනයට අවතීර්ණ වෙලා. මේ ගයාන් උඩවත්ත ඔහු ගැන කියන කතාවයි

ගයාන් අලුත් වැඩකින් එළියට ඇවිත්?
ඔව්. මම තාත්තාගේ ඔරිජිනල් ගීතයක් වුණු 'මං ඉතාලියේ තනි වුණා' ගීතය රීමේක් කරලා ඒකට මියුසික් වීඩියෝවකුත් කරලා රිලීස් කළා. මමයි ගයාන් ගුණවර්ධනයි එකතු වෙලා කරන ප්ලස් මයිනස් සංගීත කණ්ඩායමත් එක්ක තමයි මේ වැඩේ මම කළේ.

තාත්තාගේ මුල් ගීතයේ ආරෙන් මිදිලා නේද මේ ගීතය නිර්මාණය කරලා තියෙන්නේ?
මේ ගීතය තාත්තාගේ ශෛලියෙන් වෙනස් කරලා නිර්මාණය කළේ. බයිලා ආර නැතිව තාත්තාගේ වචනවලට මට මුලින්ම එළියට ආපු ගායන ශෛලිය පාවිච්චි කරලා හැඟීම්බර ගීතයක් විදියට තමයි මම මෙය නිර්මාණය කළේ.

මේක ගයාන් එළියට දාන පළමු ගීතය නේද?
ඔව්, මේක මගේ පළමු ගීතය.

ගයාන් හා හා පුරා කියලා තමන්ගේ ගීතයක් විදියට එළියට දාන්න මේ ගීතය තෝරා ගත්තේ ඇයි?
තාත්තා මේ ගීතය ගයද්දී ඒ ගීතයේ සංගීත නිර්මාණය කළේ මම. පසුගිය කාලේ ඒ ගීතයට යූ ටියුබ් views  මිලියනය පැනලා තිබ්බා. ඊට පස්සේ මට හිතුණා මේ ගීතය රීමේක් කරන්න ඕනේ කියලා. තාත්තත් (ධනපාල උඩවත්ත) මට කිව්වා මේ ගීතය මගේ ඔරිජිනල් එකක් විදියට නිර්මාණය කරන්න කියලා. මම මේ ගීතයේ මෙලඩි එකට පුදුම ආසයි. තාත්තා ලියපු වචනවලටත් ආසයි. ඒකයි මම මේ ගීතය රීමෙක් කළේ.

ඒ ගීතය ඔබේ හඩින්  අහද්දී තාත්තා මොකද කිව්වේ?
පළමු වැඩේ හොඳයි කියන ප්‍රතිචාරය තමයි තාත්තා මට දුන්නේ. තාත්තා හැමදාම මගේ වැඩවලට ආශීර්වාද කරනවා.

මෙහි රූප රචනය ගැනත් කතා කරමු?
ඔව්. අපි අවිස්සාවේල්ලේ බංගලාවක් අරගෙන තමයි මෙහි රූගත කිරීම් කළේ. මගේ තාත්තා ලියපු ගීතයට ගැළපෙන විදියට අපි රූප රචනය කළා. ගයාන්, රචිත, මම, මින්දද, චමිල, සංගීත් කියන මගේ සංගීත කණ්ඩායමේ පිරිස වගේම කිත්මා ද සිල්වා කියන නංගීත් මේ රූප රචනාවට එකතු වෙනවා.

ගයාන්ට තාත්තා නිසා ගීතය ප්‍රචාරය කරගන්න මාධ්‍ය සහයෝගය ලබා ගන්නත් පහසු ඇති?
මම ජිප්සීස් එක්ක වැඩ කරන නිසා මට මාධ්‍ය එක්ක හොඳ ගනුදෙනුවක් තියෙනවා. ඉතින් තාත්තා නිසා වගේම මටත් මාධ්‍ය සහයෝගය ලබා දෙන පිරිස ඉන්නවා. එහෙම සහයෝගය දෙන්න කැමැති නැති අයත් ඉන්නවා.

ඔබේ පරපුරේ අය එක්ක බලද්දී ඔබේ ගමන ප්‍රමාදයි කියලා හිතෙන්නේ නැද්ද?
අනෙක් අය එක්ක බලද්දී මම ඉන්නේ පසුපසින්. නමුත් මම රැල්ලට යන්නේ නැතිව මටම ආවේණික නිර්මාණ කරන්න කැමැතියි. මගේ ගීත මමමයි නිර්මාණය කර ගන්නේ. මම මට ආවේණික හොඳ වැඩ ටිකක් කරගෙන ඉදිරියට යනවා.

ගායක පියවරුන්ගේ ඔබේ පරපුරේ පුත්තු කලින්ම එළියට ඇවිත් ක්‍ෂේත්‍රයේ වැඩ කරන්න පටන් ගත්තා. ගයාන් ගායන ක්‍ෂේත්‍රයට එන්න ප්‍රමාද වුණේ ඇයි?
මගේ සංගීත කණ්ඩායම මම හදා ගත්තේ පාසල් යන කාලේ ඉඳන්. දැන් මගේ සංගීත කණ්ඩායම අවුරුදු පහක් විතර පරණයි. ඉතින් මට ඕන වුණේ තනි පුද්ගලයෙක් විදියට ඉස්සරහට එනවට වඩා කණ්ඩායමේ හැමෝමත් එක්ක ගමනක් යන්න. ගයාන් ගුණවර්ධන මගේ මිත්‍රයා තමයි මාව මෙහෙම වැඩක් කරන්නත් යොමු කළේ. මම දැනට ජිප්සීස් සංගීත කණ්ඩායමේ ශබ්ද පරිපාලකවරයෙක් විදියට වැඩ කරනවා. මම ඒ ඉගෙන ගත්ත හැමදේම එක්ක මගේ ගමනක් හදා ගන්නත් ආසාවෙන් ඉන්නවා.

ධනපාල උඩවත්ත, ඔබේ පියා ඔබව සංගීත ක්‍ෂේත්‍රයට තල්ලු කළේ නැද්ද?
තාත්තා මට පොඩි කාලේ ඉඳන් කිව්වේ සංගීත ක්‍ෂේත්‍රයට එනවට වඩා වෙන දෙයක් කරන්න කියලා. සංගීත ක්‍ෂේත්‍රය අස්ථාවරයි කියලා ඔහු කිව්වා. තාත්තා කිව්වේ සංගීතය දෙවැනි තැන තියාගෙන ස්ථීර රැකියාවක් කරන්න කියලා.

ඒත් ගයාන් ස්ථීර රැකියාවටත් තෝරා ගත්තේ සංගීතය?
ඔව්, දැන් මම ස්ථීර රැකියාව ලෙස කරන්නේ ජිප්සීස් සංගීත කණ්ඩායමේ ශබ්ද පරිපාලක ලෙස කටයුතු කරන එක. මට වෙනම ශබ්දාගාරයකුත් තියෙනවා. ඊට අමතරව මම සංගීත පන්ති පවත්වනවා.

ගයාන් වැඩිපුරම කැමැති ගායන ශෛලිය මොකක්ද?
මම බයිලා ගීත හොඳට කියනවා කියලා තමයි ගොඩක් අය කියන්නේ.

ගයාන් වැඩිපුර කැමැති ගායනයටද නැත්නම් සංගීත මෙහෙයවීම්වලටද?
මගේ ගායනා අහන් ඉන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. නමුත් ගීතය අහන අයගෙන් ප්‍රතිචාර ලැබෙනවා. මම සංගීතය සම්බන්ධ දේවල් තමයි ආසාවෙන් කරන්නේ.

ජිප්සීස් කණ්ඩායමට එකතු වුණේ තාත්තාගේ හැඳුනුම්කම් හරහාද?
මම ඊට කලින් විවිධ ක්‍ෂේත්‍රවල වැඩ කළා. බැංකුවක වැඩ කළා. ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විදියට වැඩ කළා. තරුණ සේවා සභාවේ සංගීත අංශයේ වැඩ කළා. මම ශබ්ද පරිපාලනය ගැන ඉගෙනගෙන ඉද්දි ජිප්සීස් සංගීත කණ්ඩායමට ශබ්ද පරිපාලකවරයෙක් හොයනවා කියලා ආරංචියක් ආවා. ඒ හරහා තමයි මට මේ අවස්ථාව ලැබුණේ.

ඔබේ පියා ප්‍රවීණ ජනප්‍රිය ගායන ශිල්පියෙක්. ඔහු හදාගත්ත තැන ගයාන්ටත් හදාගන්න පුළුවන් වෙයිද?
තාත්තා තමයි මගේ වීරයා. තාත්තා කරපු හැම දෙයක්ම මම දැක්කා. තාත්තාට ලැබෙන රසික ආදරය දැක්කාම ඒ තැනට යන්න ආසාවක් ඇති වුණා. ධනපාල උඩවත්තගේ පුතා විදියට අපිට ඒ කාලේ ඉඳලම විශේෂත්වයක් තිබුණා. මටත් ඒ තැන හදාගන්න වුවමනාවක් තියෙනවා.

ඔබේ සංගීත කණ්ඩායමටත් වැඩ ජයද?
අපි විවිධ උත්සව සඳහා සංගීතය සපයන වැඩකටයුතු කරගෙන යනවා. අපිට ස්ටුඩියෝ දෙකක් තියෙනවා. අපේ සංගීත කණ්ඩායමේ අය ශබ්ද පරිපාලනය ගැන දන්න නිසා ඔවුන් විවිධ මෙලඩි කරනවා. ෆේස්බුක් හරහා රසිකයන්ගෙන් ගී පද අරගෙන ඒවට සංගීතය නිර්මාණය කරන වැඩත් කරනවා. දැනට ගයාන් ගුණවර්ධන ගීත තුනක් කරලා ඉවරයි. මගේ තව ගීත දෙකකුත් එන්න තියෙනවා ඉදිරියේදී. ඒ ගීත සහ තවත් ගීත හයක් එකතු කරලා අප්‍රේල් මාසයේදී අපේ ගීත ඇල්බමයක් රසිකයන් අතරට ගේන්න කටයුතු සූදානම් කරගෙන ඉන්නවා.

ගයාන්ගේ වැඩවලට පවුලෙන් ලොකු සහායක් ලැබෙනවා ඇති?
ඔව්. මම යම් තැනකට ඇවිත් ඉන්නවා. ඒ පිටුපස ඉන්නේ මගේ අම්මයි තාත්තයි. ඒ දෙන්න අපිට හරි පාර පෙන්නුවා. මගේ මල්ලී කලින් සංගීත කටයුතු කළා. ඒත් දැන් ඔහු පෞද්ගලික බැංකුවක මානව සම්පත් කළමනාකරණ අංශයේ සේවය කරන නිසා ඔහුට සංගීත කටයුතුවලට සම්බන්ධ වෙන්න වෙන්නේ නෑ. ඔහුගෙනුත් ලොකු සහයක් මට ලැබෙනවා.

තාත්තා හරි පාර පෙන්නලා දුන්න නිසා ගයාන්ට වැරැදි පාරවල් තෝර ගන්නත් බැහැ නේද?
ඔව්. මම කවදාවත් වැරැදි මාර්ගයක යන්නෑ. මගේ අම්මාගෙනුයි තාත්තාගෙනුයි අපි කිසිම වැරැද්දක් දැකලා නෑ. මගේ තාත්තා සිගරට්, අරක්කු පාවිච්චි කරන්නේ නෑ. ඒ ආදර්ශය පවා අපිට දීලා තියෙනවා. මම කොහේ හරි ගියත් රෑ අට වෙද්දි ගෙදරින් කෝල් එනවා. 10.00 පහු වුණොත් ගෙදරින් මරණ තර්ජන. කොහේ ගියත් රෑ 11, 12 වෙද්දී ගෙදර ඉන්න ඕනේ. වැඩක නම් සැරින් සැරේ කෝල් කරලා අම්මයි තාත්තයි පුදුම විදියට අපි ගැන හොයලා බලන්නේ. ඒ නිසා මම වැරැදි පාරක යයි කියලා හිතන්නේ නෑ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  9,417 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  11,595 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  5,239 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,524 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,823 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  796 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  899 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,983 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  23,884 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  2,533 Downloads



Top 10 Commenters

Latest Comments

Top