Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
10
ඩුබායිහි දී අත්අඩංගුවට ගත් මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීම කල් යයි - හේතුව මෙන්න - Video

- ඩුබායිහි දී අත්අඩංගුවට ගත් මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීම කල් යයි - හේතුව මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,336 Views
ඩුබායි හි දී අත්අඩංගුවට ගැනුණු මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස එරට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම තවත් දින කිහිපයකින් කල් යනු ඇති බවට වාර්තා වනවා.

එරට ආරංචි මාර්ග සඳහන් කළේ පොලීසිය මගින් සිදුකරන අභ්‍යන්තර පරීක්ෂණ අවසන් වී නොමැති බැවින් අධිකරණයට ඉදිරිපත් කිරීම මෙලෙස පමා වනු ඇති බවටයි.

මේ අතර, මධුෂ් සමඟ සබඳතා පැවැත්වූ පාතාල කල්ලි සාමාජිකයින් කිහිප දෙනෙකුම මෙරට දී දැනටමත් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඔහුත් සමඟ සමීපතම සබඳතා පැවැත්වූ අයෙකු වන අකුරැස්ස - තෙලිජ්ජවිල - තල්ගස්වත්ත ප්‍රදේශයේ පදිංචි හෙට්ටිආරච්චිගේ අසේල එරංග හෙවත් ගෙසා නැමති 23 හැවිරිදි තරුණයෙකු ටී - 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ 20ක් සමඟින් සූරියවැව - විහාරගල ප්‍රදේශයේදී අද දහවල් අත්අඩංගුවට ගැණුනා.  

සැකකරුට එරෙහිව ඝාතන සහ අපරාධ චෝදනා රැසක් ද පවතින අතර, ඔහු පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ පියාගේ අවසන් කටයුතු භාරව කටයුතු කළ අයෙක්.

මීට අමතරව ඔහු මධුෂ් සමඟ නිරන්තරයෙන් දුරකථනයෙන් සම්බන්ධතා පවත්වා තිබෙනවා.

එමෙන්ම, මධුෂ් සමඟ සබඳතා පැවැත්වූ තවත් පුද්ගලයෙකු ද අද පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා.

එමෙන්ම, පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ ප්‍රබල සහයකයෙකු වන අන්දරේවත්තේ චාමර නැමැත්තා ද මට්ටක්කුලිය ප්‍රදේශයේ අද උදෑසන සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, අද උදෑසන පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදියි.

මොහු මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කප්පම් ලබාගැනීමේ සිද්ධීන් රැසකට සම්බන්ධ බවට අනාවරණ වී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,298 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  36,153 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  33,344 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,023 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,190 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,050 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  42,947 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,693 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,662 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  9,802 Downloads



Top 10 Commenters

Latest Comments

Top