Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
10
"තිසාරා තුන් කුලුදුල් දැරියක්.. පුංචි තිසාරාව කලා ඔයේ දැම්මද? බිල්ලකට දුන්නද? ජීවතුන් අතරද ?" රටම කම්පාකල පුත්තලම දැරිය ගැන වෙනස්ම කතාවක් එළියට - Video

- "තිසාරා තුන් කුලුදුල් දැරියක්.. පුංචි තිසාරාව කලා ඔයේ දැම්මද? බිල්ලකට දුන්නද? ජීවතුන් අතරද ?" රටම කම්පාකල පුත්තලම දැරිය ගැන වෙනස්ම කතාවක් එළියට - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

32,732 Views
දැරියගේ  සිරුර ගැන තවමත් කිසිදු හෝඩුවාවක් නැහැ..

පොලිස් සුනඛයා කලාඔයේ ඉවුරේ ඇති ගල්තලාවක් මත නැවතීම...

පසුගිය 29 වනදා මුළු රටම භීතියට පත් කළ සිදු වීමක් වුණා. ඒ පුත්තලම කරුවලගස්වැව ප්‍රදේශයේදී සිව් හැවිරිදි දැරියක් අභිරහස් ලෙස අතුරුදහන් වීමයි. දැරියගේ අතුරුදහන් වීම පිළිබඳ මව පොලිසියට කළ පැමිණිල්ලක් මත දැරිය සොයා පොලිස් කණ්ඩායම් රැසක් දින ගණනක් පුරා සොදිසි මෙහෙයුම් සිදු කළා.

පසුව පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ මව පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කර තිබුනේ තම සිව් හැවිරිදි දියණියට පහර දී කලා ඔයට දැමූ බවයි. පොලිසියේදී සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ වැරදිකරු වූ මව පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර කෙරුණා.

මවගේ ප්‍රකාශයෙන් පසු දිනක් ගණක් පුරා කලා ඔයේ දැරිය සොයා මෙහෙයම් සිදු කළත් දැරියගේ සිරුර සම්බන්ධ කිසිදු හෝඩුවාවක් තවමත හමු වී  නැහැ. මේ එම ඛේදනීය සිදුවීම ගැන පුවත්පතක පල වූ සටහනක්..

එදා 2019 ජනවාරි 30 වැනිදාය. එදින උදේ 9.30ට පමණ සාලියවැව පොලිසියේ දුරකථනය හැඬවුණේ වෙනදාමෙන් හොර මත්පැන් තොරතුරක්, නීති විරෝධී ගස්, පස්, වැලිගොඩ දැමීමක්, ප්‍රවාහනයක්, පවුල් අරාවුලක් වැනි පොලිසියකට දුරකථන ඇමතුම් ලැබෙන සාමාන්‍ය සිදුවීම්වලට අදාළව නම් නොවේ.

සාලියවැව නීලබැම්ම ඕලුමඩුව හයේ කනුව ප්‍රදේශයේ වයස අවුරුදු හතර හමාරක දැරියක් අතුරුදන් වූ පුවතක් මෙසේ දුරකථන මාර්ග ඔස්සේ සාලියවැව පොලිසියට ලැබී තිබිණි.

වහා ක්‍රියාත්මක වූ සාලියවැව පොලිස් ස්ථානාධිපති ඉඳුනිල් රණවීර මහතා සිය නිලධාරීන් කණ්ඩායමක් මේ ලද තොරතුරු ඔස්සේ විමර්ශනය සඳහා හයේ කණුව ඕලුමඩුව ප්‍රදේශයට පිටත් කර හැරියේය.

එසේ පිටත්ව ගිය නිලධාරීන් පොලිස් ස්ථානාධිපතිවරයාට වාර්තා කළ විමර්ශන තොරතුරුවලට අනුව ඕලුමඩුව හයේ කණුව ප්‍රදේශයේ වාසය කළ වටවල ගමගේ තෙනුරි තිසාරා නම් අවුරුදු හතර හමාරක් වයසැති දැරියක් ජනවාරි 30 දින උදේ 7.30-8.30 අතර කාලය තුළ අතුරුදන් වී ඇති බවයි.

මේ දැරියගේ මව 21 හැවිරිදි හිටිහාමි මුදියන්සේලාගේ නයනා කුමාරිය.

තම දියණිය තමන් සමඟ නිවෙසේ සිටි බවත් පසුව අතුරුදන් වී ඇති බවත් එය කෙසේ කොහොම සිදුවුණේ දැයි මතකයක් තමන්ට නැති බවත් නයනා කුමාරි මෙම පොලිස් නිලධාරීන්ට පවසා තිබිණි.

නයනා කුමාරි තම දියණියගේ අතුරුදන් වීමෙන් මහත් කම්පනයට පත්ව සිටින බවක් ඇයගේ හැසිරීමෙන් විමර්ශනයට ගිය පොලිස් නිලධාරීන්ට දැනෙන්නට විය.

නයනා කුමාරිගේ මව, එනම් අතුරුදන්වූ තෙනුරිගේ මිත්තනිය හතළිස් හැවිරිදි ටී.එල්. නිලූකා විජේරත්නය. ඇයගේ ස්වාමියා සහ නයනාගේ පියා දැනට ජීවතුන් අතර නැත. ඔහුව ඝාතනය කර ඔයට දමා ඇති බවට සැක කරන අතර ඔහුගේ මළ සිරුරද හමුවී නැත. නිලූකා විජේරත්න සහ ඇයගේ අනියම් සැමියා වන රාජකරුණා මුදියන්සේලාගේ රංජිත් කරුණානායක නයනාගේ පියාගේ මරණය වෙනුවෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මාස කිහිපයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට නිදහස් වූයේ එයට අදාළ අධිකරණ කටයුතුවලදී ප්‍රමාණවත් සාක්ෂි නොමැති වූ හෙයිනි.

නයනාගේ මව නිලූකා සහ නිලූකාගේ අනියම් සැමියා වන රංජිත් එකතු වී ඇත්තේ නිලූකාගේ පියාගේ මෙම අබිරහස් මරණයෙන් පසුවය.

නිලූකා විජේරත්න පොලිසියට පවසා ඇත්තේ මෙම සිද්ධිය සිදුවූ අවස්ථාවේ නිවෙසට මීටර් තුන්සියයක් පමණ දුරින් පිහිටි කලාඔයේ සිට ඉඩමකට ජල සැපයුම් සඳහා ඔයේ සවිකර තිබූ වතුර මෝටරය ක්‍රියාත්මක කිරීමට තමන් සහ තමාගේ දැන් සැමියා වූ රංජිත් සමඟ කලාඔයට ගොස් සිටි බවයි. තම මිණිපිරිය වූ තෙනුරි තිසාරා "සීයේ - ආච්චියේ" කියා කෑ ගසන හඬක් තමන්ට ඇසුණු බවයි. ඒ අනුව ආපසු නිවෙසට පැමිණ බලද්දී තම දියණිය වූ නයනා කුමාරි හෝ මිනිපිරිය නිවෙසේ නොසිටි බවයි. ඊට පැය බාගයකට පමණ පසුව නයනා කුමාරි නිවෙසේ සිට කිලෝමීටර් තුනක් පමණ දුරින් පිහිටි ගමේ කනත්ත (සුසාන භූමිය) ආසන්නයේදී හමු වුවද සිය මිනිපිරිය ඒ සමඟ නොසිටි බව පවසන නිලූකා විජේරත්න ඒ පිළිබඳව දුවගෙන් විමසූ විට ඇය ඒ පිළිබඳව තමන්ට මතකයක් නොමැති බව පවසා ඇත.

කෙසේ වුවද මේ සිද්ධියට අදාළව පැමිණිල්ලක් ජනවාරි 30 වැනිදා දහවල් නයනා කුමාරි විසින් සාලියවැව පොලිසියට කර ඇත.

එම පැමිණිල්ලට අනුව ගම්වාසීන් හා එක්ව පොලිස් කණ්ඩායම් යොදවා නයනා කුමාරිලාගේ නිවෙස පිහිටි ලඳු කැලෑ ප්‍රදේශය, කලාඔය, යාබදව පිහිටි විල්පත්තු රක්ෂිතයේ කොටසක් යනාදී වශයෙන් සෝදිසි කළ යුතු යැයි හැඟුණු ප්‍රදේශ දැඩි පරීක්ෂාවට ලක් කළද දැරිය පිළිබඳ කිසිදු හෝඩුවාවක් එදින සොයා ගැනීමට මෙම නිරීක්ෂණ කණ්ඩායම් සමත් නොවූහ.

කලාඔය පාදක කොට බිහිවූ නීල බැම්ම ගොවි ජනපද ව්‍යාපාරය කිසිදා නියඟයකින් විනාශයට පත් නොවන යල - මහ හොඳින් පැහෙන සරුසාර ගොඩ-මඩ ඉඩම්වලින් සපිරි සශ්‍රීක ප්‍රදේශයකි. ඊට යාබද විලුපත්තුව ජාතික වනෝද්‍යානය නිසා මෙම ප්‍රදේශය අතිශයින්ම සුන්දර පරිසරයකට හිමිකම් කියු දෙස් - විදෙස් සංචාරක ආකර්ෂණයටද පාත්‍ර වූ ප්‍රදේශයකි.

මෙහි පදිංචි අයගෙන් බහුතරය සාර්ථකව ගොවිතැන් කළ, ඉන් උපරිම පල නෙළාගන්නා කාටවත් අතනොපා තම දිවිමඟ සරු කරගන්නා දක්ෂ ගොවි ගෙවිළියන් විය.

ගම්වාසීන් පවසන ආකාරයට අති සාර්ථක දක්ෂ ගොවියකු වූ අබිරහස් ලෙස ඝාතනයට ලක්ව මියගිය බවට සැකකරන නයනා කුමාරිගේ පියාද පැණි ‍දොඩම්, කෙසෙල් වැනි ස්ථිර බෝග වගා කරමින් දිවි ගෙවූ නිර්මාංශාහාරයෙන් දිවි ගෙවූ ගුණ යහපත් පුද්ගලයෙකි.

නමුත් ඔහුගේ මරණයෙන් පසු නයනා කුමාරිගේ මව, අනියම් සැමියා ගොවිතැනට එතරම් සැලකිල්ලක් නොදැක්වූ, නීති විරෝධී මත්වතුර පෙරීම සහ අලෙවිය ජීවනෝපාය කරගත් අය ලෙස ජීවත් වී ඇත. මේ දෙදෙනා නයනා කුමාරි, අතුරුදන් වූ තෙනුරි තිසාරා සහ නයනාගේ මවට අනියම් සැමියාට දාව ලැබුණු හත් හැවිරිදි වියේ පමණ පසුවූ නයනාගේ සොහොයුරා යන මේ සියලු දෙනා පදිංචිව සිට ඇත්තේ එකම නිවෙසකය.
ඔය නයනලගෙ පවුලට කණකොකා හැඬුවේ නයනගෙ පියා අබිරහස් ලෙස ඝාතනය වුණාට පසුවයි. එතැනින් පස්සෙ අම්මයි රංජිතුයි රිමාන්ඩ් වුණා. නයනා තනිපංගලමේ හැදුනා. එයාට අවුරුදු 14දී නයනගෙ අම්මගෙ ඥාතියකු අතින් නයනා දූෂණයට ලක්වුණා. ඊට පස්සෙ බොහොම අඩු වයසින් කටුනායක පැත්තෙ ගාමන්ට්වල වැඩ කළා. ඒ කාලේ හම්බවුණු අකුරැස්ස පැත්තෙ කෙනෙක් සමඟ නයනා විවාහ වුණා. ඒ දෙදෙනාට ලැබුණු දරුවා තමයි ඔය අතුරුදන් වුණ දරුවා තෙනුරි තිසාරා. පස්සෙ නයනා ඒ මනුස්සයගෙන් වෙන්වුණා. තව කෙනෙක් එක්ක පවුල් කන්න පටන් ගත්තා. ඒ කාලෙ ඔය දරුවට පස්සෙ සම්බන්ධ වුණ මනුස්සයා පහරදීලා ප්‍රශ්නයක් වුණා. ඒ ප්‍රශ්න එක්ක පරිවාස හා ළමාරක්ෂක එකෙන් ඔය දරුවා භාරදීලා තිබුණෙ අම්මා වුණ නයනාට නෙමේ, කිරි අම්මා වුණ නිලූකාට. කොහොමත් මේ පවුල ගත කළේ හොඳ ජීවිතයක් නොවේ.

කළේ හොඳ වැඩ නෙවේ. නයනත් ඔහොම කීප දෙනෙක් එක්ක පවුල් කෑවා. දරු සෙනෙහසක් එයාගෙ තිබුණෙ නැහැ. නිතර නිතර ඔය දරුවාට පහරදීම් ගැන ආරංචි වෙනවා. ඒ දරුවා හරිම සිරියාවන්ත දරුවෙක්. මොන්ටිසෝරි ගියා. ගුරුවරියන්ගෙ පාලිකාවන්ගෙ ආදරය දිනාගෙන හිටිය දරුවක්. මේ දරුවට වෙච්ච දේ ගැන ලොකු කම්පාවක් ගමේ අයට තියෙන්නේ. ඒ වාගෙම මේ පවුලට තිබුණෙ ගමේ ලොකු විරෝධයක්. අපැහැදීමක්. ඒක මේ සිද්ධියත් එක්ක තවත් වැඩිවෙලා. අප හා කතාබහක යෙදුණු ගම්වැසියකු පැවැසීය.

ජනවාරි 30 දිනය ගෙවී ගියේ පුංචි තෙනුරි තිසාරා පිළිබඳව කිසිදු හෝඩුවාවක් ලබා ගැනීමට නොහැකිවය.

පසුදින (ජනවාරි 31) පොලිස් නිල සුනඛයකුගේ සේවය ලබා ගැනීමට සාලියවැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉඳුනිල් රණවීර මහතා කටයුතු කළේ පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතා ඇතුළු උසස් නිලධාරීන්ගේ උපදෙස්ද සැලකිල්ලට ගනිමිනි.

තෙනුරි අවසන් වරට ඇඳ සිටි ඇඳුමක් ඉව කිරීමට සලස්වා මෙහෙයවන ලද පොලිස් සුනඛයා කලාඔයේ ඉවුරේ ඇති ගල්තලාවක් මතට ගොස්
නවතී. ගම්වාසීන්ගේද සහාය ඇතිව තාවකාලික පාරුවක් තනා ඒ මතින් පොලිස් සුනඛයා කලාඔයෙන් එගොඩට ගෙන ගොස් පරීක්ෂා කිරීමට ඉඩහදා දුන්නද එතැනින් එහාට තොරතුරක් සොයා දෙන්නට පොලිස් සුනඛයා සමත් වූයේ නැත.

මේ අතර දැරියගේ මව හැඬූ කඳුළින් යුතුව පොලිස් නිලධාරීන්ගෙන් හා ගම්වාසීන්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියේ තම දරුවා තමන්ට සොයාදෙන ලෙසයි. දැරිය පිළිබඳව කිසිදු හෝඩුවාවක් නොලැබෙද්දී ගම්වාසීන් වඩාත් කුපිත වන්නට විය.

මෙම කුපිත වීම නයනාගේ පවුලේ සියලු දෙනාට තර්ජනයක් විය හැකි බව දැනුණු පොලිස් ස්ථානාධිපතිවරයා නයනලාගේ නිවෙසට පොලිස් ආරක්ෂාව යොදවා නයනාගේ මව සහ මවගේ අනියම් සැමියා පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කරන්නට විය.

මේ ප්‍රශ්න කිරීම් හමුවේ මේ අයගෙන් පැවසෙන එකිනෙකට පරස්පර වූ සිද්ධි දාමයන් හේතුවෙන් තෙනුරිගේ අතුරුදන් වීමට අදාළ සැකය මේ පවුලටම එල්ල වන්නට විය.

'මගෙ ඔළුවට තුවක්කුව තියලා කවුරු හරි එක්ක කීවොත් පවුල පිටින් මරනවා කියලා දුව අරන් ගියා' නයනා විටෙක එසේ පවසයි. තවත් විටෙක 'ඇයි තවමත් මගෙ දරුවා හොයාගන්න බැරි වුණෙ' යනුවෙන් පොලිසියෙන් ප්‍රශ්න කරමින් හැඬූ කඳුළින්ම කල් යවයි. නයනාගේ මේ හැසිරීම බොහෝ අය තුළ නයනා සහ එම පවුල කෙරේ එල්ල වෙමින් තිබූ විරෝධය පරයමින් යම් සංවේදී බවක් ගම්වාසීන් සහ නිලධාරීන්ගේ හදවත් තුළද මතුවෙමින් තිබිණි.

මේ වන විට ඉහළ නිලධාරීන්ගේ උපදෙස් හා අනුදැනුම මත කරුවලගස්වැව, නවගත්තේගම, මුන්දලම සහ පුත්තලම යන පොලිස් ස්ථානවලින්ද මේ මෙහෙයුම සඳහා නිලධාරීන් යොමු කර තිබිණි. එම සහෝදර ස්ථානාධිපතිවරයාගේ බල ප්‍රදේශයේ සිදුව ඇති මෙම අනුවේදනීය සිද්ධියේ සත්‍යය මතු කරගන්නට තම නිලධාරීන් යොමු කිරීමට එම පොලිසිවල ස්ථානාධිපතිවරු කටයුතු කර තිබිණි.

පෙබරවාරි 1දා වන විට 'පවුලේ අය කවුරු හෝ මේ දරුවාගේ අතුරුදන් වීමට සම්බන්ධයි' කියන සැකය අප තුළ තිබුණා. ගමේ අයගෙ මතය වුණෙත් සැකය වුණෙත් ඒකමයි. නයනා කුමාරි එක එක වෙලාවට එක එක ඒවා කියනවා. මෙහෙම කිය කියා මොනවාදෝ හංගන බවක් අපට දැනුණා. ඒ අනුව නයනා කුමාරිගෙන් දිගින් දිගට ප්‍රශ්න කළා. එක වෙලාවට එක එක ඒවා කියන්නේ. වෙලාවකට අම්මගේ අනියම් සැමියා දෙසට ඇගේ ඇඟිල්ල දිගුවෙනවා. තවත් විටෙක ඇයගේ ඔළුවට තුවක්කුව තියලා තර්ජනය කරලා දරුවා අරන් ගියා කියලා කීප දෙනකුගේ නම් කියනවා. නමුත් ඒ තොරතුරු දිගේ පරීක්ෂා කළාට කිසිදු හෝඩුවාවක් මතු වෙන්නෙ නැහැ.

පෙබරවාරි 1දා කල්පිටිය විජය නාවික හමුදා කඳවුරෙන් කිමිඳුම්කරුවන් හා පොලිස් කිමිඳුම්කරුවන් කැඳෙව්වා. ගමේ අයත් ඒ අයට අවශ්‍ය සහයෝගය දෙමින් කලා ඔයේ ඉතා ගැඹුරු වළවල්, ගල්ගුහාවල ස්වරූපයට තිබුණු කුහර වාගේ තැන් පවා පරීක්ෂා කළා. අපරාධ ස්ථාන පරීක්ෂක කණ්ඩායම්වල (සොකෝ) සහයෝගයත් මෙහිදී ලැබුණා.

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ කිලෝමීටර් 9ක් වාගේ දුරක් පරීක්ෂා කළා. පෙබරවාරි 2,3 යන දින දෙකෙත් මේ පරීක්ෂාව කරගෙන ගියා. ඒ අතරතුර අප තීරණයකට ආවා, යම් යම් සැක මතුවන ප්‍රකාශ නයනා කුමාරි විසින් කරන නිසා දැඩිව දිගින් දිගට ප්‍රශ්න කරන්න. එහෙම ප්‍රශ්න කරන කොට ඔන්න ටික ටික පාපෝච්චාරණය කරන්න පටන් ගත්තා. උදෑසනම තම දියණියගේ ක්‍රියාවක් නිසා කෝපයට පත්වුණ තමන් ඇයට පහරදුන් බවත් එවිට ඇය ඇඳෙන් බිමට වැටුණු බවත් බිමට වැටුණාට පසු පා පහරක් දුන් බවත් එවිට මේ දැරියට සිහි නැතිවුණු බවත් මුහුණට වතුර ඉහළා සිහිය එයිද කියලා බැලුවත් සිහිය ආවේ නැති නිසා නිවෙසේ සිට මීටර් 300ක් පමණ දුරින් පිහිටි කලා ඔයට ගිහින් එහි තිබුණ ගල් තලාව ළඟින් මේ දැරිය ඔයට දැමූ බවත් ඇය ඔයේ ගිළුණු බවත් පසුව තමා කිලෝමීටර් තුනක් පමණ ඈතින් තියෙන කනත්ත දෙසට ගිය බවත් නයනා කුමාරි කීවා.

ඒ අනුව ඔයේ ජලය පහළට ගලා යන පැත්තට කිලෝමීටර් 12ක් පමණ දුර කිමිඳුම්කරුවන් හා ගම්වාසීන්ගේ සහායෙන් පරීක්ෂා කළා. ඔයේ
තැනින් තැන කිඹුලන් සහ කබරගොයන් සිටියා. නමුත් දරුවාගේ කිසිදු කොටසක් හෝ ඇඳුමක කොටසක් හෝ හමුවුණේ නැහැ.
මේ අතර අපි නයනා කුමාරිගේ දුරකථන ජාල පරීක්ෂාවකුත් කරලා වාර්තා ගෙන්වා ගත්තා. මේ පාපෝච්චාරණයත් සමඟ ඇය අත්අඩංගුවට ගත්තා. පුත්තලම වැඩ බලන මහෙස්ත්‍රාත්තුමාට ඉදිරිපත් කරලා පැය 24ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ඉල්ලා සිටියා. ඒ අවසරය මත තවදුරටත් ඇගෙන් ප්‍රශ්න කළා.

නයනා කුමාරි දරුවා ඔයට දැමූ තැන ගල්තලාව දක්වා තමයි පොලිස් නිල සුනඛයා ගියෙත්. අපි තාමත් පෞද්ගලික ඔත්තුකරුවන්, බුද්ධි අංශ නිලධාරීන්ද යොදවාගෙන දිගින් දිගට විමර්ශන කටයුතු සිදු කරනවා.

පෙබරවාරි 5 දින පුත්තලම මහෙස්ත්‍රාත්තුමා වෙත ඉදිරිපත් කළ ඇය පෙබරවාරි 8 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්නට මහෙස්ත්‍රාත්තුමා නියෝග කළා. 8 වැනිදා මහෙස්ත්‍රාත්තුමා ඉදිරියේ පාපෝච්චාරණයක් කරන්න ඇයට අවස්ථාව දෙනවා.

කොටදෙණියාවේ සේයා දැරියගේ කෲර ඝාතනයෙන් පසු අසන්නට ලැබුණු සංවේගජනකම සිදුවීම වූ තෙනුරි තිසාරා දැරියගේ අතුරුදන් වීම තවමත් ඝාතනයක් නොව අතුරුදන් වීමක් බව දැනෙන්නේ එම දැරිය මියගිය බවට මෙතෙක් කිසිදු හෝඩුවාවක් නොමැති වීම නිසාය.

නයනා කුමාරිගේ දියණිය තෙනුරි තිසාරාට වයස අවුරුද 4 1/2ක් වෙද්දී මව වූ නයනා කුමාරියට වයස 21කි. ඒ අනුව ඇය දරු සුරතල් බලන්නේ අවුරුදු 15-16ක මවක වශයෙනි. ඒ අනුව ඇගේ විවාහය බාලවයස් විවාහයකි. විවාහ දිවිය, මවක වීම, මවක සතු යුතුකම් සහ වගකීම් පිළිබඳ කිසිදු අවබෝධයකින් තොරව නයනා කුමාරි විවාහ වන්නේ තරුණියක ලෙස නොව ළමයකු ලෙසය.

දඟකාර ළමා වියේදීම පියා ඝාතනයට ලක්වී පිය සෙනෙහස අහිමිවීම, මවගෙන් ලැබෙන වැරැදි පූර්වාදර්ශ, හොර මත්වතුර පෙරන, විකුණන නිවෙසේ පරිසරය, හොර මත්වතුර වටලන්නට නිතර නිවෙසට කඩා පනින පොලිසියට මුහුණදීම, අවුරුදු 14දී දූෂණයකට ලක් වීම, විවාහ වී කෙටි කලකින් විවාහය කැඩී බිඳී යෑම, ඉන් පසු තවත් විවාහ කිහිපයකට පත්වීම ආදී මෙකී නොකී අමිහිරි හේතූන් සහ අත්දැකීම් සමඟ ගෙවී ගිය 21 වසරකින් පසු ඇයට හිමිව ඇත්තේ රිමාන්ඩ් සිරමැදිරියයි. ඇයත් ඇයගේ මව විසින් මෙවන් අත්දැකීම් මැද වැදුවාට හැදුවාට, වැඩුවාට වඩා තම දියණිය මෙන් කලා ඔයේ ජල පහරේ පා කර හැරියා නම් හොඳය යන නරුම සිතුවිල්ල රිමාන්ඩ් සිර මැදිරියේ හුදකලාව සිටිද්දී ඇයට දැනුණා දැයි අප දන්නේ නැත.

වැව් බැඳි රජරට බොහෝ ප්‍රදේශවල දැරියන් බාල වයස් විවාහවලට ගොදුරු වේ. එම ප්‍රදේශවල විවාහ මංගල උත්සවයන්ට වඩා සරුවට වැඩිවියට පත්වීමේ උත්සව පවත්වන්නේ සමාජයට හොරෙන් සිදුවන මෙවැනි බාලවයස් විවාහ මඟුල් කා පැවැත්විය නොහැකි නිසාය. ඉස්තාලය වැසිය යුත්තේ අශ්වයා පලාගිය පසු නොවේ. මෙවන් නයනා කුමාරිලා තව තවත් බිහිවීම වළකාලීම සමාජ වගකීමකි. මේ සමාජ වගකීම යුතුකමක් සේ සලකා ඉටුකිරීම ප්‍රජා සංවර්ධනය සඳහා රජයෙන් ගමට පත් කර ඇති රාජ්‍ය නිලධාරීන්ගේ නිලධාරිනියන්ගේ මෙන්ම අපේ කරපිටින් ප්‍රාදේශීය සභාවට, පළාත් සභාවට, පාර්ලිමේන්තුවට යන මහජන නියෝජිතයන්ගේද යුතුකම හා වගකීම වේ.

සටහන - සුනිල් පොරමඬල

සාලියවැවේ අතුරුදන් තිසාරා දැරිය ගැන "තාත්තයි, සීයයි කියපු කතාව"

තෙනුරි තිසාරා, ඒ නම ඉකුත් සතිය තුළ මෙරට වැඩිපුරම කතාබහට ලක්වූ නාමයයි. එයට හේතු වූයේ ඇය මව සමඟ නිවෙසේ සිටියදී අතුරුදන් වීමයි. මේ දැරිය අබිරහස් ලෙස අතුරුදන් වීම පිළිබඳ ලංකාවේ මෙන්ම විදේශ මාධ්‍යවලද කතාබහට ලක්වූ ප්‍රධාන මාතෘකාවක් විණි.

'දන්නවද වැඩක් සාලියවැව ළමයෙක් අම්මා එක්ක ඉද්දිම අතුරුදන් වෙලා. අම්මට එකපාරම වරමක් ඇවිල්ල කැලේට ගිහින්ලු' මේ සිදුවීම පළමු වරට මට වාර්තා වූයේ එලෙසයි. මේ පුවත දැනුම් දුන් මා මිතුරා කියූ තවත් කරුණක් වූයේ මේ මව ඉන් අනතුරුව හමුව තිබෙන්නේ ගමේ කනත්තේදී බවයි. 'ළමයා අම්මගේ පස්සෙන් ගිහින්. පස්සේ අම්මා ඉන්නවා ළමයා නැහැ. 'මා මිතුරා එසේ පැවැසීය. සේයා දැරියගේ සිදුවීම ඇතුළු ළමයි අතුරුදන් වීමේ කතා පසුගිය විසි වසරක පමණ කාලය තුළ මා අනන්තවත් අසා තිබුණත් මෙවැනි ආකාරයෙන් ළමයෙක් අතුරුදන් වීමේ කතාවක් මීට පෙර අසා නොතිබිණි. සේයා දැරිය අතුරුදන් වූයේත් මේ ආකාරයෙන් නිවෙසේ සිටියදී වුවත් ඇගේ නිසල සිරුර ඉතා ඉක්මනින් සොයා ගැනීමට පොලිසියට හැකි විණි. එහෙත් තෙනුරි අතුරුදන්ව මේ ලියන මොහොතට දින නවයක් පමණ ගත වුවත් ඇය පිළිබඳව කිසිදු නිශ්චිත හෝඩුවාවක් සොයා ගැනීමට කිසිවකුට නොහැකි වී තිබේ. මේ හේතුවෙන් ඇගේ මවගේ පාපෝච්චාරණය මත පදනම්ව කටයුතු කිරීමට සියල්ලන්ටම සිදුව තිබේ.

මේ දැරිය අතුරුදන් වී දින දෙකක් පමණ ගතවන විට මට දැනගන්නට ලැබුණු තවත් හෝඩුවාවකි මැය තුන් කුලුදුල් දැරියක් බව. මේ කතාව කියූ මිතුරා ඒ අවස්ථාවේ මට කියා සිටියේ නිධානයක් ගන්න වත් මේ දැරිය බිලි දුන්නාද යන්න සැක බවයි. මේ ආරංචිය තව තවත් තහවුරු වූයේ පුංචි තෙනුරි සොයා ඉව ඇල්ලූ පොලිස් නිල සුනඛයා කලා ඔයෙන් එගොඩට ගොස් විල්පත්තුවේද ඉව ඇල්ලීමයි.

'කොහොමද මිනිපිරි හොයා ගන්නේ සීයාටත් වුණේ ඔය දෙයමනේ' ගමේ පැතිර ගිය මේ කතාව වැදගත් හෙයින් ඒ පිටුපස හඹා යෑම වැදගත් යැයි මම සිතුවෙමි. ඒ අනුව මේ කතාවේ මෙතෙක් නොදුටු පැත්තක් පිළිබඳව මගේ අවධානය යොමු කළේද මගේ මිතුරායි. 'මේ තොරතුරු දැනගන්න හොඳම පුද්ගලයා තමයි දරුවාගේ සීයා' මිතුරා මට ඔහුගේ දුරකථන අංකයද ලබාදෙන ලදී. ඒ අනුව ඩබ්ලිව්.ජී. ආරියදාස මහතා සම්බන්ධ කර ගැනීමට මට හැකි විණි.

'මහත්තයෝ මේක චිත්‍රපටයක් ලියන්න තරම් කතාවක්. තප්පරයකින් දෙකකින් කියලා නිම කරන්න බැහැ. අහන් ඉන්න පුළුවන්ද?' ආරියදාස මහතා මේ කතාව ආරම්භ කළේ එලෙසයි.

'මගේ පුතා මොරටුවේ ගාමන්ට් එකක වැඩ කළා. එතැනදී තමයි නයනාව පුතාට හම්බ වෙන්නේ. ඒ වෙද්දී මේ ළමයාගේ වයස අවුරුදු 16යි. කොහොම හරි පුතා එක්ක සම්බන්ධෙ පටන් අරන් අපේ ගෙදර ආවා. වයස අවුරුදු 16 නිසා අපි බය වුණා. අපි කිව්වා ඔය සම්බන්ධය නවත්වන්න කියලා. මෙයා නැවැත්තුවේ නැහැ. මුලින්ම මේ ළමයාව අපේ ගෙදර එක්කන් ආවේ අම්මා තමයි. අන්තිමට මම තීරණය කළා වයස හරියනකම් මගේ දුවගේ ගෙදර මෙයා නවත්වන්න. ඔහොම ටික කාලයක් ගත වුණා. ඒ කාලය අතරතුරත් නයනා මගේ පුතා එක්ක රණ්ඩු කර ගත්තා. කොහොම හරි වයස හරි ගියාම විවාහ කරලා දුන්නා. විවාහ වෙලා මාස කිහිපයක් ගත වෙද්දී මේ දෙන්නා හොඳටම රණ්ඩු වුණා. නයනා පුතාට ගහන්න පවා පටන් ගත්තා. ඔය අතරේ තමයි තෙනුරි ලැබුණේ. දරුවා ලැබිලත් ඕන නම් මාස පහ, හයක් සතුටින් ඉන්න ඇති.
ඊට පස්සේ දෙන්නා අතරේ ආරවුල් ඇති වුණා. මේ අතරේ දවසක් නයනාගේ අම්මා අපේ ගෙදර ආවා. එදා දරුවා අඬනවා කියලා අම්මා ඉදිරිපිටම දරුවාව ඇඳට විසි කරලා තිබුණා. ඒ වෙද්දී මෙයා අම්මා ගැන සියලු විස්තර අපිට කියලා තිබුණා.'

එයා කිව්වද එයාගේ තාත්තව මරපු විදිය. 'ඔව් කිව්වා. මේ වැඩේට හවුල් වෙලා තියෙන්නේ දැන් ඉන්න අම්මගේ සැමියා. මුලින්ම මේ දෙන්නා එකතු වෙලා නයනාගේ තාත්තට ගහලා කලා ඔයට දාලා තියෙනවා. ඒත් මේ මනුස්සයා ඇවිල්ලා ගෙදර. පස්සේ මේ දෙන්නා එකතු වෙලා මේ මනුස්සයට හොඳටම ගහලා මැරුණට පස්සේ ආයේ කලා ඔයට ගිහින් දාලා තියෙනවා. හැබැයි අද වෙනකම් ඒ මිනිය ලැබිලත් නැහැ.

මේ සිදුවීම් සියල්ල නයනා දැකලා තියෙනවා. මේ නිසා නයනාගෙන් සාක්‍ෂි ලබා ගනී කියලා අම්මා කරලා තියෙන්නේ අඩු වයසක් නයනාට පෙන්නපු එකයි. ඔය අතරේ මේ මරණේ සම්බන්ධයෙන් අම්මයි, අනියම් සැමියයි හිරේ ගිහින් තියෙනවා. ඔය අතරේ තමයි නයනා දූෂණය වෙලා තියෙන්නේ. මේ සියල්ල දැනගත්තාම අපිට ලොකු බයක් දැනුණා අපේ දරුවන්ටත් මේ වගේ දෙයක් කරයි කියලා. මොකද ඒ වෙද්දීත් මෙයා මගේ පුතාට අවස්ථා කිහිපයකදීම ගහලා තිබුණා. ඔය අතරේ දවසක් පුතා සල්ලි වගයක් අරන් ඇවිල්ලා තිබුණා. එදා පුතා බියර් එකක් බීලත් තිබුණා. එදා පොඩි රණ්ඩුවක් වුණා දෙන්නා. ඊට පස්සේ නයනා එක පාරටම අතුරුදන් වුණා. මෙයා එදා පොලිසියට ගිහින් පුතා බීලා ගහනවා කියලා පැමිණිලි කරලා.

පොලිසිය ගෙදරට ඇවිල්ලා ප්‍රශ්න කළා පුතා බීලා හිටියා කියලා පිළිගත්තා. පහරක් ගැහුවා කියලත් පිළිගත්තා. පොලිසිය එදා පුතාව අත්අඩංගුවට ගත්තා. ඔය අතරේ අම්මා කතා කරලා කිව්වා නයනාගේ අනියම් සම්බන්ධකමක් තියෙනවා. ඒ වගේම එයාට මානසික අසනීපයක් තියෙනවා. ඒ නිසා බෙහෙත් අරන් දෙන්න එක්කන් යනවා කියලා. එක්කන් ගිහින් පුතාට විරුද්ධව නඩුවක් දැම්මා. මේ නඩුව යන අතර වාරේ අවස්ථා කිහිපයකදී පුතා මිනිපිරිව ඉල්ලුවා නමුත් දුන්නේ නැහැ.

එක දවසක් කිව්වා දරුවා ඉල්ලුවොත් මරලා පෙට්ටියෙන් එවනවා කියලා. මේ නිසා මගේ පුතා වස බිව්වා. මොකද පුතා මිනිපිරීට ගොඩක් ආදරෙයි. ඔය අතරේ අපි දන්න සියලු දේවල් කළා මිනිපිරි ගන්න. නමුත් කොටසක් රාජ්‍ය නිලධාරීන් මේ වැඩේට අපිට උදවු කළත් තවත් කොටසක් එහෙම කළේ නැහැ. අන්තිමට අපිට දරුවා ගන්න ලැබුණේ නැති නිසා. පුතාව තනියම එවන්න බැරි නිසා, පුතා එක්ක අපි දෙන්නා, ඒ කියන්නේ මමයි පුතාගේ අම්මත් සාලියවැවට ආවා. අපි දෙන්නා ආවේ පුළුවන්කමකට නෙවෙයි. අපේ දරුවාවත් මරලා හංගලා දායි කියන බයට' ආරියදාස මහතා සිය කතාව මඳකට නතර කළේය.

මාතර අකුරැස්ස ප්‍රදේශයේ සිට සාලියවැව ප්‍රදේශයට පැමිණි මේ පවුල ගමේ මෙන්ම අසල්වාසීන්ගේද හිත් දිනා ගන්නා ලදී. ඒ හේතුවෙන් වැඩිකල් යන්නට ප්‍රථමයෙන් මේ පවුලේ තිදෙනා ගමේ කවුරුත් දන්නා ජනප්‍රිය පුද්ගලයන් විණි.

'ඔහොම ඉන්නා අතරේ තමයි ආයේ දෙන්නගේ රණ්ඩුව පටන් ගන්නේ' ආරියදාස මහතා නැවතත් සිය ගම රට බලා ගිය කතා පුවත පැවැසීය.
'නයනාගේ අම්මා එක දවසක් උදේක ඇවිල්ලා පුතාට කියලා තියෙනවා දුවත් එක්ක දේවාලයකට යනවා කියලා. පළමු වැනි දවසේ ඉක්මනට ගෙදර ආවා. දෙවැනි දවසේ ටිකක් පරක්කු වුණා. තුන්වැනි දවසේ නයනා තනියම රෑ වෙලා ආවේ. පුතා මේ ගැන ඇහුවාම කිසිම දෙයක් කිව්වේ නැහැ. පුතාට සැක හිතිලා බලද්දී අල්මාරියේ රුපියල් 14,000ක් තිබුණා. උදේ පුතාගෙන් රුපියල් 160ක් ඉල්ලන් ගිය ගෑනිට කොහොමද හවස රුපියල් 14,000ක් ලැබුණේ කියන එක තමයි ඊළඟ ගැටලුව වුණේ. මේ ගැන හොයලා බලද්දී ආරංචි වුණේ ගංජා ගේන්න තණමල්විල තමයි ගිහින් තියෙන්නේ කියලයි. මේ ගැන අපි පොලිසිය දැනුවත් කළා. ඒත් වැඩක් වුණේ නැහැ. අපිට ගමේ මිනිස්සු දාලා ගහන්න තමයි හැදුවේ. මේ වගේ තත්ත්වයක් තුළ තවදුරටත් එහෙ රැඳී සිටීම අවදානම් කියලයි මට හිතුණේ. ඒ නිසා අපේ ජීවිත බේර ගන්න ඕනෑ නිසා පොලිසියේ පැමිණිල්ලක් දාලා අපේ ගමට ආවා.'

දියණිය තනි කර දමා ඒමට කිසි විටෙක මධුෂාන් සම්පත්ට (දැනට අතුරුදන්ව ඇති තෙනුරිගේ පියා) සිත් දී නොමැත. 'අපි එද්දී දරුවා ඉල්ලුවා නමුත් දෙන්න බැහැ කිව්වා. දරුවා ගන්න කරන්න පුළුවන් හැම දෙයම කළා. නමුත් බැරි වුණා. මධුෂාන් සම්පත් සිය හඬ අවදි කළේ එලෙසයි. සිය දියණිය හේතුවෙන් වරක් සිය දිවි හානි කර ගැනීමට ගිය පියකු වන මධුෂාන් තම බිරිය වූ නයනා සිය දියණියට කළ අපරාධ සිහි කළේ මෙලෙසයි.

'එක දවසක් නයනාගේ අම්මා කතා කරලා කිව්වා නයනා දුවට උදැල්ලෙන් ගහලා කියලා. මම ඊට පස්සේ කරුවලගස්වැව ළමා හිමිකම් නිලධාරිනියට සියල්ල කිව්වා. එතුමියට වුවමනාවක් තිබ්බා. නමුත් අපේ වෙලාවට කවුරු හරි එතුමිය කළ වැඩවලට ඉඩ දුන්නේ නැහැ. මාසෙකට උඩදී වගේ කතා කරලා කිව්වා රට යන්න ඕනෑ ඩිවෝස් එක දෙන්න කියලා. මට උසාවියට එන්න කිව්වා. මම කීවා දරුවා දෙන්න මම ඕනෑ දෙයක් දෙන්නම් කියලා. ඒකට මුකුත් කීවේ නැහැ. මොකද ඒ වෙනකොට ආච්චිටනේ දරුවාගේ භාරකාරත්වය දීලා තිබුණේ.'
'මට තියෙනවා ප්‍රධාන ගැටලුවක් පළමු වැනි එක අරක්කු විකුණන, ගංජා වගේ මත්ද්‍රව්‍ය විකුණන තැනැත්තියකට කොහොමද මේ වගේ දරුවෙක් භාර දුන්නේ. අනෙක් එක මේ දෙන්නා කරලා තියෙන දේවල් ගමේ අය විතරක් නෙවෙයි මුළු ලංකාවම දන්නවනේ. ඉතින් ඇයි නිලධාරීන් මේවා අධිකරණයට නොකීවේ කියන එකයි.'

මෙහි වර්තමාන තත්ත්වය පිළිබඳ විමසීම සඳහා වයඹ නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතාගෙන් කළ විමසීමේදී කියා සිටියේ මේ වන විට දැරියගේ මව සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි. දැරියගේ මව ප්‍රකාශ කරන තොරතුරු සත්‍ය තොරතුරු බව විශ්වාස කිරීමට අපහසු බව ප්‍රකාශ කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉදිරි දින දෙක තුළ මේ සම්බන්ධයෙන් විද්‍යාත්මක පරීක්‍ෂණ කිහිපයක් සිදු කරන බවද පැවැසීය.

'මේ දුව තාමත් ජීවත් වෙනවා කියලා මම විශ්වාස කරනවා' තෙනුරිගේ පියාගේ මෙන්ම ඥාතීන් වැඩි දෙනකුගේ විශ්වාසයද එයයි.

හලාවත - ප්‍රසාද් පූර්ණමාල්
(මව්බිම පුවත්පත)

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  578 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  2,103 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  902 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  333 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,094 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  653,107 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  242,820 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,339,906 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,553,988 Downloads

Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  5,385 Downloads



Top 10 Commenters

Latest Comments

Top