Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
09
"හම්බාවා පිම්ම පනින එකම කාන්තා සෙබළිය මම..පැරෂුට් ජම්ප්වලදී භයානක අත්දැකීම් ලැබිලා තියෙනවා.." නිදහස් දිනයදා ගුවන හැඩ කළ ශ්‍රී ලංකා යුධ හමුදාවේ කාන්තා පැරෂුට් වීරවරිය - Video

- "හම්බාවා පිම්ම පනින එකම කාන්තා සෙබළිය මම..පැරෂුට් ජම්ප්වලදී භයානක අත්දැකීම් ලැබිලා තියෙනවා.." නිදහස් දිනයදා ගුවන හැඩ කළ ශ්‍රී ලංකා යුධ හමුදාවේ කාන්තා පැරෂුට් වීරවරිය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,136 Views
ඒ හිතුවක්කාර තීරණය මගේ මුළු ජීවිතේම වෙනස් කළා...
මම බය වුණෙත් නැහැ..කලබල වුණෙත් නැහැ..

පසුගිය පෙබරවාරි 04 වනදා අති උත්කර්ශවත් ලෙස සැමරුණු 71වන ජාතික නිදහස් දින සමරුමේදී කාගේත් වැඩි අවදානයක් දිනාගත් දර්ශනක් වූයේ  ත්‍රිවිඩ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලිසියේ පැරෂුට් භටයින් 22 දෙනෙකු අඩි 7000ක උඩු ගුවනේ සිට පනිමින් ඉදිරිපත් කළ පැරෂුට් සංදර්ශනයයි. ඊට ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කරමින් කාන්තා සෙබළියක්ද එක්ව සිටියා.. මේ ඇය ගැන තොරුතුරුයි..

ජීවිතයේ තාරුණ්‍යය උදාවත්ම බොහෝ තරුණියන් අපේක්‍ෂා කරනුයේ තම සුන්දරත්වය, රූ සපුව රැකගෙන තමාට සුදුසු පෙම්වතකු ලබා ඔහුවම විවාහ කොට ගෙන දූ දරුවන් තනා, කුටුම්බයේම යහපත ප්‍රාර්ථනා කරමින් සුන්දර බිරියක්ව ජීවත් වීමටය. එහෙත් කුමාරිට දැනුණේ මේ සියල්ල තුළින් ඇගේ සිහිනය යථාර්ථයක් නොවන අයුරකි. ඒ නිසා කුටුම්බයේ බිත්ති හතරට එපිටින් සුන්දර ලොවක් ඇති බව ඇය සිතන්නටත් සොයන්නටත් පෙලඹුණාය.

ගැහැනුන්ට කළ නොහැකි බවට හා පිරිමින්ට පමණක් කළ හැකි බවට තක්සේරු කරන බොහෝ දෑ සම්බන්ධයෙන් ඇයට තිබුණේ කුතුහලයකි. එනිසාම ගැහැනියක් වීමට තුළ තමාට අහිමි වූ බොහෝ අභියෝගකාරී දෑ කිරීමට ඇය කුඩා කල සිට පෙලඹුණාය. එනිසා තම සිතැඟි දේම කරනා පවුලේ හිතුවක්කාරිය බවට බවට කුමාරි පත් වූවාය.

ඇයට නිරන්තරයෙන් අවශ්‍ය වූයේ කය වෙහෙසා කොල්ලෙකු මෙන් වැඩ කිරීමටය. ජවසම්පන්නව සිටීමටය. එනිසාම පාසල තුළ ඇය විවිධ ක්‍රීඩාවන්හි යෙදුණාය. සාමාන්‍ය පෙළ හදාරමින් සිටි අවධියේ ඇයට යුද හමුදාවේ සේවයට එක්වීමේ අවශ්‍යතාව දැඩි සේ දැනෙන්නට විය. අප්පච්චී දැඩි සේ විරුද්ධකම් පාද්දී ඇය හිතුමනාපයට යුද හමුදාවට ඇයැදුම් පත්‍රයක් දැම්මාය. නිවෙස තුළින් විශාල ලෙස විරෝධතා පැනනඟිද්දී ඇය ස්ථිර තීරණයකට එළැඹ සිටියාය. එනිසා ඇය ගෙදර කිසිවකුට නොදන්වා යුද හමුදාවට නවකයන් බඳවා ගන්නා සම්මුඛ පරීක්ෂණයට සහභාගි වූවාය. ඇගේ සිහිනයට පියාපත් දෙමින් ඇය එම සම්මුඛ පරීක්‍ෂණයෙන් සමත්ව සිටියාය. ඇයගේ ජීවිතයේ සෑම මොහොතක්ම වෙනස් කරන්නට එම සම්මුඛ පරීක්‍ෂණයට හැකිවිය.

"අප්පච්චි මාව හමුදාවට තේරිලා මට යන්න ඕනා, මාව නවත්තන්නේ නැතිව මට ආශීර්වාද කරන්න" ඇය සියලු දේ රහසේ සූදානම් කොටගෙන පැවැසුවාය. අවසාන මොහොතේ සියල්ල සිදුවූ ආකාරය අනුව එදින කුමාරි නවතා ගැනීමට කිසිවකුට හැකි වූයේ නැත.

"මම එදා එළියට බැහැලා ආවට මට දුකයි. දුක් වුණොත් මට ඒ ගමන යන්න බැරිවෙන නිසා මම හිත තද කරගෙන ඒ ගමන ගියා. ඒ හිතුවක්කාර තීරණය මගේ මුළු ජීවිතේම වෙනස් කළා කිව්වොත් හරි. මගේ ගම වැල්ලවාය. ඇතිමලේ මහා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ කරපු ගමන් තමයි මම හමුදාවට බැඳුණේ. පුංචි කාලේ ඉඳලම මට ආසාවක් තිබුණා අභියෝගාත්මක දේවල් අත්හදා බලන්න. පොඩ්ඩක්වත් නිකන් ඉන්න මට බැහැ. ස්පෝර්ට්ස් කළෙත් ඒ නිසා.

ගේ ගාව කුඩා ඔය ගුවන් හමුදා පුහුණු කඳවුර තිබුණා. නිල ඇඳුම් ඇඳගත්තු, පුහුණුවීම් කරන සෙබළ, සෙබළියන් දකිනකොට මට හරිම ආසයි. නිතරම මම හිටියේ මටත් ඒ වගේ වෙන්න තිබුණා නම් හොඳයි කියන සිතිවිල්ලේ. ඒත් ඉතින් ගෙදරින් කැමැති නැහැනේ. අප්පච්චි එක පයින් විරුද්ධයි. කීපවතාවක්ම යන්න හදලා යන්න නොදීපු නිසා තමයි හොරෙන් සේරම කරලා ගේට්ටුව ගාවට ඇවිත් මම යනවා කිව්වේ.

2009 තමයි මම හමුදාවට බැඳුණේ. මාස තුනහමාරක මූලික පුහුණුවෙන් පස්සේ මට පුළුවන් වුණා අපේ කණ්ඩායමේ අතිශූර සෙබළිය වෙන්න. මගේ දක්‍ෂකම් දැක්කට පස්සේ අප්පච්චිගේ හිත වෙනස් වුණා. 2014 වසරේදී මම මූලික පැරෂුට් පුහුණුවක් ලැබුවා. මට සාමාන්‍ය යුද හමුදා සෙබළියක්ව ඉන්න ඕන වුණේ නැහැ. මට ආස හිතුණා පැරෂුට් ජම්ප් කරන්න. ඒ පුහුණුවේ හිටපු එකම කාන්තා සෙබළිය මම විතරයි. මම හරිම ආසාවෙන් උනන්දුවෙන් පුහුණු පාඨමාලාව කළා.

මම ඉගෙන ගත්තේ නිදහස් ආර පැරෂුට් ජම්ප්. ඒක හදාරපු එකම ගැහැනු කෙනා මම. මට උපකාර කරපු මාව පුහුණු කරපු උපදේශක මේජර් සිරන්ජීව සර් ඇතුළු අනෙක් අයව මම මතක් කරන්න ඕනා. පුහුණුවේ අවසානයේ මට කුඩාඔය කඳවුරේදී මගේ දක්‍ෂකම් පෙන්නන්න අවස්ථාව ලැබුණා. එදා මගේ අප්පච්චි, අම්මා ගොඩක් සතුටු වුණා. ඒ අනුව මම දිගටම පුහුණු වුණා. 2014 දී මට ගාල්ලේ වික්ටරි පැරඩ් එකටත් ගියා.
එදා සිට අද දක්වා සියලුම රාජ්‍ය උත්සව සහ තරගවලට මම සහභාගි වෙනවා. එංගලන්තයේදී CRW පැරෂුට් ජම්ප් ගැන සති දෙකක පුහුණුවක් ලැබුවා. ඩුබායිවලදී හම්බාවා පිම්ම කළා. ජර්මනියේ තිබුණු තරගාවලියකට ගිය වසරේදී සහභාගි වුණා. මේ හැම අවස්ථාවකම වගේ මාත් සමඟ කැප්ටන් මනීෂා විජේසිංහත් සහභාගි වුණා.

ඔය විදියට පුහුණුවීම්වල යෙදෙමින් ඉන්න විට තමයි පසුගිය පෙබරවාරි 4දා යෙදුණු ජාතික නිදහස් දින සමරුවේදී මට අඩි 7000ක උසකින් පනින්න අවස්ථාව ලැබුණේ. ඒකත් බොහොම අපූරු අත්දැකීමක්. මම ආසාවෙන් ඒ අභියෝගයත් භාර ගත්තා.

එදා මම ජම්ප් කළේ හම්බාවා ඇඳුම ඇඳගෙන හම්බාවා ක්‍රමයට (Wingsuit)හම්බාවා ඇඳුම ඇන්දම සාමාන්‍ය පිම්මකට වඩා පතිත වන වේගය සහ දුර වෙනස් වෙනවා. එය ටිකක් අභියෝගකාරියි. නමුත් මම සාර්ථක අන්දමින් එය නිමා කළා. මගේ දක්‍ෂකම් බලන්න දැන් මගේ අප්පච්චි නැහැ. ඒ ගැන මට ලොකු වේදනාවක් දැනෙනවා. මේජර් සිරන්ජීව සර් විශ්‍රාම ගිය පසුව අපිට ඉගැන්වීම කරන මේජර් නලීන් කුලතුංග සර් අපිට ගොඩක් උදවු කරනවා මේ තත්ත්වයට අපිව ගේන්න. මේජර් නලීන් කුලතුංග කියන්නෙ දැනට අපේ රටේ ඉන්න දක්‍ෂ පැරෂුට් පියාසරකරුවෙක්. ඔහු වගේ දක්‍ෂ සහ අත්දැකීම් තියෙන පුහුණුකරුවෙක් ලැබීම ගැන අපි සතුටු වෙනවා.

පැරෂුට් ජම්ප්වලදී මට විවිධ භයානක අත්දැකීම් ලැබිලා තියෙනවා. එක අවස්ථාවක් මට මතකයි මාව ඉහළ අහසේ ෆෑන් එකක් වගේ වේගයෙන් කැරකෙන්න ගත්තා. මට ක්ලාන්ත වේගෙන ආවා. නමුත් මම අපහසුතාව පසෙක තියලා කරන්න ඕන දේ කළා. කකුලේ පැරෂුට් එක එතුණ නිසා පැරෂුට් එක දිග හැරුනෙ නෑ.

අතිරේක එක ක්‍රියාත්මක වුණෙත් නැහැ. ඒ වගේ වෙලාවක කලබල වෙලා බය වුණොත් සේරම ඉවරයි. අපේ ගුරුවරු කියපු දේවල් සිහිබුද්ධියෙන් ප්‍රායෝගිකව යොදා ගත්තොත් ඒ වගේ බාධා මැඬගන්න පුළුවන් වෙන්නේ.

හම්බාවා ඇඳුම ඇන්දම මුල් කාලෙ ටිකක් අමාරුයි. දැන් ඒ ඇඳුම මට පුරුදුයි. මම Wingsuit Jump පුහුණු වෙන නිසා දැන් කිසිම චකිතයක් නැහැ. ලංකාවේ දැනට (Wingsuit) හම්බාවා පිම්ම පනින එකම කාන්තා සෙබළිය මම විතරයි.

මම ආසයි කවදාහරි බේස් ජම්ප් එක පුහුණු වෙලා ඒක කරන්න. ලොකුම ආසාවක් තියෙනවා වැඩිදුර අධ්‍යාපනය ලබලා බේස් ජම්ප් කරලා රටටත් යුද හමුදාවටත් කීර්තියක් ගේන්න. මම මේ රටටත් යුද හමුදාවටත් කීර්තිය ලබා දෙන ඕනෑම අභියෝගයක් භාර ගන්න නොපැකිළව ඉදිරිපත් වෙනවා. ඒ තමයි මගේ ලොකුම අපේක්‍ෂාව'.

ධෛර්යසම්පන්න, නිර්භීත, අභියෝග හඹා යන එවන් නිර්භීත හමුදා සෙබළියක් රටට දායාද කිරීමේ ගෞරවය හා ප්‍රසංශාව නිතැතින්ම හිමිවන්නේ එවැන්නියන් තනනා ගුරුවරුන්ටය. ශ්‍රී ලංකා යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ පැරෂුට් පුහුණු පාසලේ වර්තමාන ප්‍රධාන උපදේශක හා පුහුණුකරු වන මේජර් නලීන් කුලතුංගව අපි සම්බන්ධ කර ගත්තේ එබැවින්ය.

රටට කීර්තියක් ගෙනදුන් මේජර් නලීන් කුලතුංග පිළිබඳවද අප ඉතා අභිමානයෙන් යුතුව කතා කළ යුතුය.

ගොඩනැඟිලි, ඇන්ටනා කුලුනු, පාලම් හා කඳු මුදුන් මත සිට විශාල ජීවිත අවදානමක් ගෙන පැරෂුටයකින් පනින එක් ක්‍රමයක් ඇත. එය හඳුන්වන්නේ බේස් ජම්ප් යනුවෙන්ය. අඩි 350ක් වැනි කෙටි උසක සිට ජීවිත අවදානමක් ගෙන කරනා මෙම පිමි වර්ගය ලොව තිබෙන අති භයානකම පැරෂුට් පිම්ම ලෙස සැලකේ. එය කිරීමට සමත්ව ඇත්තේ පිරිමි සෙබළුන් සුළු ප්‍රමාණයකි. ඒ අතරින් නොමැකෙන අයුරින් වාර්තා සහගත ජයග්‍රහණයක් තබන්නට සමත් වූ එකම යුද හමුදා නිලධාරියා වූයේ මේජර් නලීන් කුලතුංගය. එනිසා ඔහු වැනි දක්‍ෂ නිලධාරිවරයකු යටතේ පුහුණුවීමට අවස්ථාව ලැබූ කුමාරි වැන්නියන් භාග්‍යවන්තය.

2001 වසරේ ගුවන් හමුදා සේවයට එක්වූ මේජර් නලීන් කුලතුංග මේ වන විට ගුවන් හමුදා කාමාන්ඩෝ රෙජිමේන්තුවේ පැරෂුට් පුහුණු අංශයේ ප්‍රධාන උපදේශකයා බවට පත්ව සිටියි. පිමි 600ට ආසන්න ප්‍රමාණයත් අතර ඇති ඔහු හම්බාවා, සී.ආර්. ඩබ්ලිව්., ඇකියුරසි වැනි පැරෂුට් අංශවල දස්කම් පාන්නෙකි. ඔහු තම දක්‍ෂ ශිෂ්‍යාවක වූ ලාන්ස් කෝප්‍රල් කුමාරි පිළිබඳ පැවැසුවේ මෙබන්දකි.

"අද වන විට අපිට හොඳ දක්‍ෂ සිසු සිසුවියන් පිරිසක් ඉන්නවා. ඔවුන්ට ඉතා හොඳ අධ්‍යාපනයන් අපි ලබා දෙනවා. මෙරට වගේම විදෙස් පුහුණුවීමුත් කරනවා. තරගවලට සහභාගි කරවනවා. කුමාරි ඇතුළු නව දෙනෙක් අපිට ඉන්නවා අති දක්‍ෂ. ඒ අතරින් කැප්ටන් මනීෂාත් දක්‍ෂකම් තියෙන සෙබළියක්. නමුත් නිදහස් සැමරුමට අපි තෝරා ගත්තේ කුමාරිව.

ඒ වන විට ඇය Wingsuit 200 සම්පූර්ණ කරලා තිබුණා. ඊට අමතර ඇයගේ දක්‍ෂකම, හැකියාව, උනන්දුව, කැපවීම වගේ දේවලුත් අප බැලුවා.
ශ්‍රී ලංකා යුද හමුදාවේ තමයි දක්‍ෂම ඹඪදඨ ඵභඪබ කරන අය ඉන්නේ. කුමාරි සමඟ පාඨමාලාවට 12ක් ඇතුළු වුණා. ඉන් 8යි සමත් වුණේ. ඒ අතරින් ඉහළම දක්‍ෂකමක් තියෙන සෙබළියක් තමයි කුමාරි කියන්නේ.

වර්තමානයේ ඇය තමයි අපට ඉන්න හොඳම Wingsuit ජම්පර්, අපි ශ්‍රී ලංකාවේ යුද හමුදාව විදියට ඇය වගේ දක්‍ෂ සිසු සිසුවියන්ට ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ගන්න අවශ්‍ය සියලුම දේවල් කරනවා. ඒ නිසා ඉදිරියේදී කුමාරි, මනීෂා වැනි දක්ෂ පැරෂුට් ජම්පර්ලා වැඩි වැඩියෙන් ඉදිරියට පැමිණේවි.

තම ජීවිතය අවදානමක දමා ගනිමින් යෙදෙන මෙම පැරෂුට් පිමි දෙස බලා සිටින අප හට එය මහත් ආස්වාදයක් දනවන අත්දැකීමක් වුව එය ඔවුන්ගේ ජීවිතය පවා නැති වීමට තරම් බලපාන්නා වූ අභියෝගකාරී, සියදිවි නසා ගැනීමක් හා සමාන වන්නා වූ අතිශය භයානක මරණීය අත්දැකීමක් බව කිව යුතුය.

කොතරම් දක්‍ෂ පැරෂුට් පැනුම්කරුවකු වුවද අවදානම් සහගත අවස්ථා නිසි අයුරින් කළමනාකරණය කර ගැනීමට අවැසි ඥානය හා බුද්ධිමත් තීරණ ගැනීමේ හැකියාව නැත්නම් පැරෂුට්කරුවාට එම පියාසැරිය කිසි දිනෙක සාර්ථකව නිම කිරීමට අවස්ථාව නොලැබේ. එය බොහෝ විට ජීවිතයේ අවසානය වීමට ඉඩ ඇත. එනිසා අතපසුවීමකට ඉඩ නොතබා කළ යුතු මෙම බිහිසුණු ක්‍රියාවලිය කිසිදු චකිතයක් නොපා ජීවිතයට සමීප කොට ගත් කුමාරි වැනි හමුදා සෙබළියන් මුළුමහත් ජාතියට මෙන්ම ජීවිතයේ අසීරු අවස්ථා දරාගත නොහැකිව ජීවිතය අතහැර පලා යන්නට පෙලඹෙන ළද බොළඳ තරුණියන්ටත් පූර්වාදර්ශයක් බව කිව යුතුය.

-අරුණි මල්ලවආරච්චි-
(මව්බිම පුවත්පත)

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,298 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  36,153 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  33,344 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,023 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,190 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,050 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  42,947 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,693 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,662 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  9,802 Downloads



Top 10 Commenters

Latest Comments

Top