Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
09
"විදුහල්පතිවරයාටත් ඉවරයක් තිබුණේ නෑ මගේ කෝල්වලට උත්තරදීලයි, මගේ ලියුම් තෝරලයි..." - ප්‍රියා සූරියසේන

- "විදුහල්පතිවරයාටත් ඉවරයක් තිබුණේ නෑ මගේ කෝල්වලට උත්තරදීලයි, මගේ ලියුම් තෝරලයි..." - ප්‍රියා සූරියසේනHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

214 Views
"ඒ හින්ද දරුවන්ටත් මගේ අතින් අවැඩක් වෙයි කියලා මම අස් වුණා..."

"අහපු දැකපු හැම කෙනෙක්ම කිව්වේ මං වගේම ගීත ගායනා කරනවා කියලා..."

තාත්තෙකුටයි, පුතෙකුටයි තියෙන්නේ ලේ බැඳීමක්. ඒක කොයි තරම් ශක්තිමත් ද කියනවා නම් මේ ලෝකේ කිසි ජගතෙකුට ඒ බැඳීම නවත්වන්න හැකියි කියලා මට හිතෙන්නේ නෑ. තාත්තා කෙනෙක්ගේ හිතේ දරුවෙක් වෙනුවෙන් ඇති වෙන්නේ හරි අපූරු සිතුවිලි කන්දරාවක්. වෙලාවකට හීන ගොඩක්. කිරි සිනා දකින සුරතල් මුවේ පටන් යස ඉලන්දාරියෙක් දක්වා වුණත් තාත්තා කෙනෙකුට තමන්ගේ පුතා හරියට අද ඊයේ උපන් කිරි දරුවා වගේ.

අපට හම්බ වුණේ යස ඉලන්දාරියෙක්. ඒත් ඒ ඉලන්දාරියා ගැන කියන්නට කලින් තාත්තා ගැන කිව්ව නම් හොඳයි කියලා මට හිතුණා. තාත්තා අපේ ගායන ක්ෂේත්‍රයේ  ප්‍රවීණතම ගායන ශිල්පියෙකු වශයෙන් අදටත් කාගේත් ජනාදරය දිනා ගත්තු ප්රියා සූරියසේන. මම කලින් සඳහන් කරපු යස ඉලන්දාරියා ඔහුගේ ආදරණීය පුතු ලක්ෂිත සූරියසේන.

‘මට වාසනා . . . ඔබ මට වාසනා
උප නූපන් ආත්මයේ . . .
මට ඔබ - ඔබ මට වාසනා . . .’

‘ඇත්තටම කිව්වොත් පුතා ගැන මට ලොකු සතුටක් තියෙනවා. එයා අද නැනෝ තාක්ෂණය පිළිබඳ ආචාර්ය උපාධියක් හිමි කර ගත් කෙනෙක්. අධ්යාපනය පැත්තෙන් ඉහළම තැනක ඉන්නවා වගේම, දැන් මගේ නිර්මාණ ඉදිරියට ගෙන යාමේ වගකීමත් ඔහු බාර අරගෙන තියෙනවා. පුතාට ඉතාම හොඳට සින්දු කියන්න පුළුවන්. පහුගිය කාලේ රූපවාහිනී වැඩ සටහන් කිහිපයකම ඔහු මගේ ගීත ගායනා කළා. අහපු දැකපු හැම කෙනෙක්ම කිව්වේ මං වගේම ගීත ගායනා කරනවා කියලා. ඇත්තටම ඒක මගේ හිතට ලොකු සතුටක්. දැන් මගේ උරුමය, මගේ හැකියාව ඉදිරියට ගෙන යන්න ලේ උරුමයෙන් ආපු කෙනෙක් ඉන්නවා.’

‘පුතා පුංචි කාලෙ ඉඳලම සංගීතයට කැමැත්තක් තිබුණා. ඒත් එයා ඒ කාලේ වැඩි අවධානයක් යොමු කළේ එයාගේ අධ්යාපන කටයුතුවලට. එයා කැමති දේ කරන්න අපෙන් බලපෑමක් තිබුණේ නෑ. පුංචි කාලේ ඉඳන්ම ඉස්කෝලේ ගියේ කොළඹ ආනන්ද විද්යාලයට. මගේ ජීවිතේ කාර්ය බහුලම කාලේ වුණත් රෑ සංදර්ශණවලට ගිහින් කොයි තරම් රෑ වෙලා ආවත් උදේට පුතා දාන්න ඉස්කෝලෙට යන්න වුණොත් මම යනවා. එයා අ. පො. ස. උසස් පෙළට තෝර ගත්තේ විද්යා විෂයන්. ඒ අනුව උසස් පෙළ සමත් වෙලා එයා ගණිත අංශයෙන් මොරටුව විශ්ව විද්යාලයට තේරුණා. මේ කාලය ඇතුළත එයා ඉතින් ඔය නිවාඩු පාඩු වෙලාවක බොක්ස් ගිටාර් එකත් අරගෙන ගීතයක් කිව්වා මිසක් සංගීත පැත්තට යොමු වුණේ නෑ. එයා කරපු බැරෑරුම් විෂය පථයත් එක්ක ඒකට නිදහසක් තිබුණේ නෑ. කොහොම වුණත් විශ්ව විද්යාලයේ මාස 6 - 7 ක් ඉන්න කොට එයාට ඇමරිකාවට ශිෂ්යත්වයක් ලැබුණා. ඊට පස්සේ එයා ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ස්ටැන්ෆෝඩ් විශ්ව විද්යාලයට ඇතුළු වෙලා නැනෝ තාක්ෂණය පිළිබඳ ආචාර්ය උපාධිය දක්වා ඉගෙන ගත්තා.’

‘ආපස්සට හිතත්දි මට ජීවිතේ ගැන සතුටුයි. මම හිතන්නේ මගේ ගීත දෙකක් මුලින්ම ජනප්රිය වුණේ 70 දශකයේ මුල් භාගයේ වෙන්න ඕන. මම නාත්තණ්ඩියේ ගමේ ඉන්න කාලේ තමයි සංගීතයට පෙම් බැන්දේ. ඒ කාලේ ඉතින් ගායනය වාදනය ඉගෙන ගත්තා. ඔහොම ඉන්න අතරතුරේ ගුරු පත්වීම්වලට ඉල්ලුම් කරන්න තිබුණා. ඒ වෙනකොට මම මගේම ගීත දෙකක් තුනක් විතර කියලත් තිබුණා. ඒ ගැන දැනගෙන ඒ කාලේ ඒ පළාතේ හිටපු මන්ත්රීවරයා ගුරු පත්වීමට මාව නිර්දේශ කරලත් තිබුණා. මට මුලින්ම පත්වීම ලැබුණේ කටුනේරිය මහා විද්යාලයේ සංගීත ගුරුවරයා හැටියට. ඊට පස්සේ කැලණිය ගුරුකුලයට ආවා. පස්සේ කළුබෝවිල විද්යාලයට ආවා. දෙහිවල මධ්ය මහා විද්යාලයේ වැඩ කරන කාලේ මම ගායකයෙකු විදියට හරි ජනප්රියයි. ඒත් එක්ක ඉස්කෝලේ වැඩ කරන එක අපහසු වුණා. දවසට දුරකථන ඇමතුම් 10 - 15 ක් එනවා. ලියුම් 40 - 50 ක් එනවා. විදුහල්පතිවරයාටත් ඉවරයක් තිබුණේ නෑ මගේ කෝල්වලට උත්තරදීලයි, මගේ ලියුම් තෝරලයි. අනිත් පැත්තෙන් විදේශ සංචාර. ඒ හින්ද දරුවන්ටත් මගේ අතින් අවැඩක් වෙයි කියලා මම අස් වුණා.’

 ප්‍රියා අතීතය සමරයි.  ප්‍රියාගේ එකල ජනප්රිය ගීත කිහිපයක් මේ මොහොතේ මතකයට නැඟේ.

‘හෙට දවසේ අප දෙදෙනා
අද වාගෙම හමු විය යුතුවේ
අද දවසේ මවෙත ගෙනා
මිහිර හෙටත් ගෙන ආ යුතුවේ . . .’

මේ ප්රියාගේ ජනප්රිය වූ මුල්ම ගීත අතුරින් එකකි. ඒ අතරට අඳුර, අඳුර මගේ ගීතය ද ඇතුළත් වෙයි.

ඒ කාලේ මට ගීත ලියලා දෙන්න හිටියා රෝහණ මද්දුමරාල කියල කෙනෙකුයි ප්රේමසිරි විජේතුංග කියලා කෙනෙකුයි. ඊට පස්සේ තමයි මම ගුවන් විදුලියට ආවට පස්සේ අජන්තා රණසිංහ, ප්රේමකීර්ති ද අල්විස්, කේ. ඩී. කේ. ධර්මවර්ධන, චන්ද්රදාස ප්රනාන්දු වැන්නෝ හම්බ වුණේ. සංගීතඥයො විදියට සරත් දසනායක, ක්ලැරන්ස් විජේවර්ධන, ස්ටැන්ලි පීරිස් වගේ අය හමු වෙනවා. මගේ බොහොමයක් ගීතවලට මා විසින්මත් තනු නිර්මාණය කර ගත්තා. ධර්මරත්න පෙරේරා මට රචනා කරලා දුන්න ‘ළිහිණින් රෑන පියා සලන්නේ - මන්දාරම් වැහි පොද වැටෙන්නේ’ ගීතය ඒ කාලේ අතියින්ම ජනප්රිය වුණා. ‘අඳුර අඳුර මගේ, හෙට දවසේ අප දෙදෙනා, සරතැස නිවා දිවි ගමනේ’ වගේ ගීතවලට තනු නිර්මාණය කර ගත්තේ මමමයි.

80 දශකය එළඹෙන විට ප්රියා සූරියසේන යන නම මෙරට ගීත ක්ෂේත්රය තුළ අතිශය ජනප්රිය වූවකි. ප්රියා සතු වූයේ එතෙක් ගීත ක්ෂේත්රය තුළ නොවූ වෙනස් ආකාරයේ හඬ පෞරුෂයකි. ප්රේමණීය සංවේදනා අතිශය හැඟුම්බරව ගීත ලෝලීනට දැනවීමේ ඉඩකඩ මේ හඬ තුළ වැඩි විය. ඒ නිසාම එදා ඔහු ගැයූ ප්රේම ගීත රැසක් මෙරට ගීත ලෝලින් ආදරයෙන් වැළඳ ගත්තේය.

හේමාලි විජේරත්න




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top