Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
09
"ඕන කාලෙදී ජීවිතේ විය යුතු දේවල් වුණේ නැත්නම් පසුකාලීනව දුක් වෙන්න වෙනවා..." - නදීශානි නිරුක්ෂි

- "ඕන කාලෙදී ජීවිතේ විය යුතු දේවල් වුණේ නැත්නම් පසුකාලීනව දුක් වෙන්න වෙනවා..." - නදීශානි නිරුක්ෂිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26,538 Views
"පුතාව දැනටමත් ඉල්ලනවා. එයා හරි කියුට්නෙ. ඒත් දැන්මම යවන්න හිතක් නැහැ..."

"සැමියා නැති නිසා එයාගේ අම්මයි තාත්තයි දෙන්නම මම තමයි.."

වසර කිහිපයකට ඉහතදී ඇගේ රුව පුංචි තිරයේදී නිරතුරුවම අපි දුටුවා. පවුල් ජීවිතයට මුල් තැන දී කෙටි කලකට ඇය රංගනයෙන් සමු ගත්තේ ජනප්‍රියත්වය  ඉහළින්ම තිබූ අවදියකයි ඇය  නදීශානි නිරුක්ෂියි. මේ ඇය ගැනයි

නදීශානි කොහොමද පහුගිය කාලේ ගෙවුණු ජීවිතය ගැන හිතෙන්නේ?
සියයට සියයක්ම මගේ පවුල් ජීවිතය වෙනුවෙන් වෙන් කළා. රංගනය කියන ක්ෂේත්‍රය මඳකට අමතක කරන්න වුණත් මට එයින් මිදෙන්න අදහසක් නම් නැහැ. දිගින් දිගටම ඇරයුම් ලැබෙනවා. වෙළෙඳ දැන්වීම්වලට එකතු වුණත් දිගුකාලීන නිර්මාණයකට දායකවන්න බැරි වුණා. තව මාස කිහිපයකින් මං ආයෙත් රඟපාන්න එනවා. ඒක මගේ රසික රසිකාවන්ට කියන්න ඕන.

සැබෑ ජීවිතයේ ඔබ ගත කරන මවකගේ භූමිකාව ගැන කතා කළොත්?
හරිම සුන්දරයි. මගේ පුතාට දැන් වයස අවුරුදු දෙකයි. මගේ සැමියා විදෙස් ගත වෙලා ඉන්න නිසා පුතාගේ අම්මත් තාත්තත් දෙන්නම මම තමයි. පුතත් එක්ක ඉන්නකොට කාලය යනවා තේරෙන්නෙ නැහැ.

ජනප්‍රියත්වය ඉහළින්ම තිබෙන කාලයකයි ඔබ රංගනයට විරාමයක් තබන්නේ?
ඔව්. පොඩි දුකකුත්, නැත්තෙම නැහැ. එදා මගෙත් එක්ක රඟපෑ යාළුවො අද ගොඩක් ජනප්‍රියත්වය වෙලා ඉන්නවා. කාලයක් ගත වුණාට පසුව රංගනයට එන්න පුළුවන්නෙ කියලා හිත හදාගෙන හිටියේ.

විවාහයට ඔබ ඉක්මන් වුණා වැඩියි කියලා හිතෙන්නෙ නැද්ද?
අපි විවාහ වෙන්න ඕන විවාහ විය යුතු කාලේ. ඕන කාලෙදී ජීවිතේ විය යුතු දේවල් වුණේ නැත්නම් පසුකාලීනව දුක් වෙන්න වෙනවා. මං විවාහ වුණේ හදිස්සියේ නෙවෙයි. ප්ලෑන් කරලා බොහොම චාමෙට වෙඩින් එක ගත්තා.

ජනප්‍රියත්ව කෙනෙක් විවාහ වුණායින් අනතුරුව තිබෙන ජනප්රියත්වය අඩු වෙනවා?
එහෙම දෙයක් නම් තියෙනවා. අපිට ආදරය කරන ෆෑන්ස්ලට හිතෙනවා ඇති විවාහ වුණායින් අනතුරුව අප ඔවුන්ගෙන් ඈත් වෙනවා කියලා. ඔවුන්ගේ ද ආදරය අඩු වෙනවා වගේ දැනෙන්නේ ඒකයි. සමහර විට ඕකේ ඇනෙක් පැත්තත් වෙන්න පුළුවන්. ලෝකේ කොච්චර නම් නිළියෝ ඉන්නවද විවාහයෙන් පසුව ජනප්රිය වුණු.

කවදා හරි පුතා නළුකමට ගියොත්?
පුතාව දැනටමත් ඉල්ලනවා. එයා හරි කියුට්නෙ. ඒත් දැන්මම යවන්න හිතක් නැහැ. කවදා හරි අපි හිතාගෙන ඉන්නේ එයාව ක්‍රිකටර් කෙනෙක් කරන්න. දන්නේ නැහැ එයා මොන අංශය තෝර ගනියි ද කියලා.


ඉඳහිට ඔබේ රසික රසිකාවන් මුණ ගැහුනාම මොනවද කියන්නේ?
මං එක්තරා තේ කහට වෙළෙඳ දැන්වීමකට දායක වුණානේ. ඒකෙන් මං ලොකු ජනප්‍රියත්වයක්  ලැබුවා. ඔය කමර්ෂල් එක තමයි අදටත් මගේ ෆෑන්ස්ලා මතක් කරන්නේ. ඒ තේ වර්ගයේ නම කියලා ඒකෙ ඉන්න ගෑනු ළමයා නේද ඔයා කියලා අහනවා. එතකොට නම් හිතෙනවා මගේ ජනප්‍රියත්වය  මඳක් හෝ තවමත් තියෙනවා කියලා.

කෙටි ඇඳුම් පැලඳුම්වලින් සැරසී සිටින ඔබේ ඡායාරූප රැසක් අන්තර්ජාලයේ තිබෙනවා. ඉදිරියේත් ඒ විලාසිතාවන් එහෙම්මම කරනවාද?
ගැළපෙන දේ ගැළපෙන විදිහට කරනවා. අදහස්වලින් නම් වෙනස් වෙලා නැහැ මං. ඒත් මං දැන් අම්මා කෙනෙක්නෙ. ඒ ගැන හිතලා තමයි වැඩිපුරම දැන් විලාසිතා කරන්නේ.

ප්‍රසාද් සමරතුංග



  




 


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  2,850 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  9,801 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  4,150 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,105 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,486 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  674 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  788 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,535 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  20,448 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  1,917 Downloads



Top 10 Commenters

Latest Comments

Top