Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
09
මධූෂ් සමඟ ඩුබායිහිදී පොලිස් දැලට කොටු වූ සන්ෂයින් සුද්දාගේ හෝටලයේ CCTV දර්ශන ඔස්සේ පොලිසිය පරීක්ෂණ අරඹයි - Video

- මධූෂ් සමඟ ඩුබායිහිදී පොලිස් දැලට කොටු වූ සන්ෂයින් සුද්දාගේ හෝටලයේ CCTV දර්ශන ඔස්සේ පොලිසිය පරීක්ෂණ අරඹයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26,317 Views
පාතාල නායක මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට මිරිස්ස ප්‍රදේශයේ හෝටල් හිමියෙකු වන සන්ෂයින් සුද්දා නමැති පුද්ගලයාගේ හෝටලයේ සී.සී.ටී.වී දර්ශන පොලීසිය ලබාගෙන තිබෙනවා.

මාතර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ මධූෂ් සම්බන්ධයෙන් සිදුකරන ඉදිරි පරීක්ෂණ කටයුතු මූලික කරගෙන මෙම දර්ශන ලබා ගැනීමට කටයුතු කළ බවයි.

මේ අතර, මධූෂ්ගේ සමීපතමයෙකු වූ අනුෂ්ක කවිශාල් හෙවත් ජංගා ගේ මාතර - ගන්දර නිවසේ තිබි යුද හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් 18 ක් සහ ටී-56 උණ්ඩ 23 ක් පොලිසිය ඊයේ සොයාගත්තා.

ඒ, ඔහුගේ නිවස පරීක්ෂා කළ අවස්ථාවේදීයි.

මාකඳුරේ මධූෂ්ගේ සහ ඔහු සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට පත් වූ මාතර දිස්ත්‍රික්කයේ පදිංචි පාතාල සාමාජිකයින් 06 දෙනෙකුගේ නිවාස පරීක්ෂා කිරීමට පොලිසිය ඊයේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළා.

මාතර කොට්ඨාශ භාර උසස් පොලිස් නිලධාරීයෙකු කියා සිටියේ එහිදී 38 හැවිරිදි අනුෂ්ක කවිශාල් හෙවත් ජංගා නැමැත්තාගේ ගන්දර නිවසෙන් මෙම හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් කට්ටල සහ උණ්ඩ මෙන්ම හිස් කොපු කිහිපයක්ද සොයාගත් බවයි.

නිවසේ සිටි ජංගා ගේ 82 හැවිරිදි මුත්තණුවන්ද පොලිසිය ඊයේ අත්අඩංගුවට ගත් අතර, ඔහු අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එමෙන්ම, පොලිසිය ඊයේ දිනයේදී පාතාල නායක මධූෂ්ගේ මාකඳුරේ නිවසට ගොස් එය පරීක්ෂාවට ලක් කර, ඔහුගේ බිරිඳගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

එමෙන්ම ඊයේ දිනයේදී කඹුරුපිටියේ පිහිටි මධූෂ්ගේ පුංචි අම්මාගේ නිවසද පොලිසිය පරීක්ෂාවට ලක්කළා.

පසුව ඇයගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණා.

මේ අතර, පාතාල නායක මාකඳුරේ මධූෂ් සම්බන්ධයෙන් ඩුබායි සහ අබුඩාබි රාජ්‍යයන්වල පිහිටි තානාපති සහ කොන්සල් කාර්යාල හරහා ඉදිරි කටයුතු සිදුකරන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

එමෙන්ම, මධූෂ් සමඟ අත්අඩංගුවට ගත් පිරිස අතර කඹුරුපිටිය ප්‍රදේශයේ පුද්ගලයින් 4 දෙනෙකු ද සිටින අතර ඉන් එක් අයෙකු කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ සුළු සේවකයෙකු බවයි පරීක්ෂණ සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,451 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  37,496 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  34,644 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,272 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,225 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,078 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  43,386 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,738 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,683 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  9,890 Downloads



Top 10 Commenters

Latest Comments

Top