Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
08
"අපට දුවෙකුයි පුතෙකුයි හිටියොත් හොඳටම ඇති" - බිරිඳට තුන්වෙනි පාරටත් දියණියක් ලැබීම නිසා සැමියා ගත් තීරණය

- "අපට දුවෙකුයි පුතෙකුයි හිටියොත් හොඳටම ඇති" - බිරිඳට තුන්වෙනි පාරටත් දියණියක් ලැබීම නිසා සැමියා ගත් තීරණයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

33,607 Views
සිය බිරියට තෙවැනි වතාවටත් දියණියක් ලැබීම නිසා කනස්සල්ලට පත් තිදරු පියෙක් බිරිය හා දරු තිදෙනා අතහැර දමා ගිය පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම සිදු වීම නිසා ඔහු සිය උපන් ගම වන පොළොන්නරුව වෙත ගොස් ඇති බවයි වාර්තා වන්නේ.


දියණියන් තිදෙනෙක්ම බිහිකර ඇති 34 හැවිරිදි කාන්තාව වයස අවුරුදු 19දී පාසල් අධ්‍යාපනය හමාර කිරීමෙන් පසු ඇය පොළොන්නරුවේ පදිංචිව සිටින මවගේ වැඩිමහල් සහෝදරිය (ලොකු අම්මා) විසින් ඇගේ නිවෙසේ කාත් කවුරුත් නොමැතිකම නිසා රැගෙන ගොස් තිබෙනවා. ලොකු අම්මාගේ ස්වාමිපුරුෂයා මියගොස් ඇති අතර ඇගේ එකම පිරිමි දරුවාද විවාහ වී වෙනම නිවෙසක් තනාගෙන පදිංචිව සිට තිබෙනවා.

ලොකු අම්මාගේ නිවෙසට ගොස් වසර එකහමාරකට පසු මෙම තරුණිය පොළොන්නරුව නගරයේ හෝටලයක සේවය කරන එවකට වයස අවුරුදු 24ක තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගෙන ඊට මාස 09කට පසු දෙදෙනාම පොළොන්නරුවේදී සිය විවාහ ගිවිස ගෙන තිබෙනවා.

විවාහ වීමෙන් පසු තරුණිය ලොකු අම්මාගේ නිවෙසට සිය මනමාල මහතාද කැඳවාගෙන ගොස් ජීවත්ව තිබෙනවා. මාස හතකට පසු ලොකු අම්මාගේ පුතා පැමිණ මෙම යුවළ නිවෙසින් එළවා දැමීමට උත්සහාකිරීමෙන් පසුව තරුණිය පෙම්වතාට තමන්ගේ කෑගල්ලේ මහ ගෙදර පදිංචියට යෑමට ඇරයුම් කර තිබෙනවා. දෙදෙනාම ඊට සතියකට පමණ පසු කෑගල්ලේ මහ ගෙදර නිවෙසට පැමිණ දිවි ගෙවමින් සිටියදී දිනක් තරුණිය ගැබිනි මවක වීමේ සලකුණු සිය සැමියාටද දන්වා තිබෙනවා.

පසුව සැමියා කෑගල්ලේ හෝටලයක කොත්තු දැමීමේ රැකියාවක්ද සොයා ගෙන තිබෙනවා. මාස කිහිපයක් ගෙවීමෙන් පසු මෙම යුවළට කුලුඳුල් දියණියක් කෑගල්ල මහ රෝහලේදී උපත ලැබීමෙන් පසුව ඔවුන් දෙදෙනාම එක් දරු මවගේ මවුපියන්ට අයිති ඉඩමක අඩක් නිම කළ නිවෙසක් තනාගෙන එහි පදිංචි වී තිබෙනවා.

අලුත් උපන් දියණියට වසර දෙකක් පසුකළ තැන එක් දරු මව දෙවැනි වතාවටත් දරුවකු බිහි කිරීමේ වාසනාව පිළිබඳ දිනක් සැමියාට හදපිරි සතුටින් පවසා තිබුණා.

එහෙනම් සුදෝ අපට දෙවැනියට පුතෙක් ලැබෙන්නම ඕනේ. අපට දුවකුයි පුතකුයි හිටියොත් හොඳටම ඇති ඊට වැඩිය හැදුවොත් අපි දෙන්නට වදයක් නැති වග කොත්තු බාස් සිය බිරියට දිනක් ප්‍රකාශ කර සිටියේය. බලමු බලමු මම මේ පාර පුතෙක් අරගෙන එන්නම්. බිරිය සිය සැමියාගේ හදවත සතුටු කරවමින් සැමියාගේ පැනයට පිළිතුරු ලබා දුන්නාය. ප්‍රසූත දින ළං වීමෙන් පසු බිරිය රෝහල් ගත කරන්නට විය. බිරිය දරුවා බිහි කිරීමෙන් පසුව පළමුව ඇය බැලීමට ගියේ කොත්තු බාස් වන සැමියාය.

එහිදී ඔහුට දැන ගන්නට ලැබී ඇත්තේ සිය බිරියට දෙවැනි වතාවටත් බිලිඳියක් ලැබී ඇති පුවතය. තරමක් කනස්සල්ලෙන් බිරිය හා බිලිඳිය දිහා බලා කොත්තු බාස් යළි නිවෙසට පැමිණියේය. ඊට දින කිහිපයකට පසු බිරිය සිය දෙවැනි බිලිඳිය සමඟ කොත්තු බාස් ත්‍රිරෝද රථයකින් නිවෙසට රැගෙන ආවාය. තරුණ දෙදරු මවගේ මවුපියන් ගැහැනු දරුවන් දෙදෙනා හදා වඩා ගැනීමට මහත් කැපවීමෙන් කටයුතු කරන්නට විය. බිරියටයි ගැහැනු දරුවන් දෙදෙනාටයි අවශ්‍ය කෑම බීම ඇඳුම් පැලඳුම් සපයා දුන්නත් කොත්තු බාස් සිටියේ පිරිමි දරුවකු නොමැතිකමින් තරමක්දුරට කනස්සල්ලෙන්ය. කොත්තු බාස් හිතේ වේදනාව සිය බිරියටවත් හිතමිත්‍රයකු සමඟවත් ප්‍රකාශ කළේ නැත.

තව අවුරුදු දෙක තුනකින් අනිවාර්යයෙන්ම පිරිමි දරුවකු හදනවා කියන අදහස කොත්තු බාස්ගේ හදවත තුළ නිතර නිතර රැව්පිළි රැව් දෙන්නටද විය. කාලය වේගයෙන් ගෙවී යෑමත් සමඟම කොත්තු බාස්ගේ බිරිය ඉකුත්දා තෙවැනි දරු ප්‍රසූතිය සඳහා රෝහලට ඇතුළත් කළේය. ඉකුත් 28දා ඇය යළිත් බිලිඳියක් බිහිකර තිබුණාය. දරු ප්‍රසූතියෙන් පසු බිරිය හා දරුවා බැලීමට කොත්තු බාස් රෝහලට ගියේය. එහිදී කොත්තු බාස්ගේ බිරිය දරුවා පෙන්වා ප්‍රකාශ කර ඇත්තේ මෙවරත් බිලිඳියක් සිටින බවය. පසුව රැගෙන ගිය කෑම බීම හා රෙදිපිළිද බිරියට දී කොත්තු බාස් කෑගල්ල නගරයට පැමිණ පොළොන්නරුවේ පිහිටි මහගෙදර නිවෙසට මීට දින කිහිපයකට ඉහතදී ගිය බව අනාවරණය වෙයි. පසුව කොත්තු බාස්ගේ නැන්දම්මා බිරිය හා ඇය බිහිකළ බිලිඳිය නිවෙස වෙත ත්‍රිරෝද රථයකින් රැගෙන ආ බවද වාර්තා වෙයි.

දමුණුපොළ - චමින්ද ජයලත්
(මව්බිම)
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,304 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  36,198 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  33,399 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,032 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,197 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,050 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  42,968 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,693 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,662 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  9,805 Downloads



Top 10 Commenters

Latest Comments

Top