Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
08
" මගේ Friend list එකේ ඉන්න ගෑනු ළමයි එක්ක හිතවත් වෙන්න හිතාගෙනයි ඔහු මේක කරලා තියෙන්නේ.." - ධනංජි තාරුකා

- " මගේ Friend list එකේ ඉන්න ගෑනු ළමයි එක්ක හිතවත් වෙන්න හිතාගෙනයි ඔහු මේක කරලා තියෙන්නේ.." - ධනංජි තාරුකාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

29,814 Views
"අන්තිමට ඒ තැනැත්තා රිදී ප්‍රතිමාවක් හා මුද්දක් මට තෑගි විදිහට නුවරට එවලා.."

"ඒ සිදුවීම නිසා මට ඒ හැමදේම නැතිවුණා..."

Facebook කියන්නේ අද අපිට අවශ්‍ය දෙයක් වුණත් විවිධාකාර පුද්ගලයන් හින්දා අපිට  Facebook  හරහා නොසිතූ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවෙනවා. සමහර වෙලාවට අපිත් දන්නේ නැතුව අපේ නම් පාවිච්චි කරලා ඇතැම් අය නොයෙක් ප්‍රයෝජන ගන්නා අවස්ථා තියෙනවා. මටත් ඒ වගේ දේවල් සිදුවෙලා තියෙනවා. ඒ අතර ටිකක් බරපතළ සිදුවීමකුත් තියෙනවා. ඒ සිදුවීම් හින්දා මගේ Facebook  ගිණුම පවා මට අහිමි වුණා.
 

මෙන්න මේකයි ඒ සිදුවීම. කාර්ය බහුලත්වය නිසා අපිට හැමවෙලාවෙම Facebook  එකේ රැඳෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැනේ. රූගත කිරීම්වලට ගියාම ලැබෙන විවේකය අනුව තමයි ෆේස්බුක් යන්න ලැබෙන්නේ. එක දිගටම දවස පුරා රූගත කිරීම්වල යෙදෙන්න වුණාම දවස් දෙක තුනක් Facebook යන්න නොලැබෙන අවස්ථාත් තියෙනවා. ඔය විදිහට දවස් දෙකතුනක් රූගත කිරීම් කරලා ලැබුණු විවේකයකදී මම පුරුදු විදිහට ෆේස්බුක් යන්න සැරසුණා. හරිම පුදුම දෙයක් සිදුවෙලා තියෙනවා දැක්කා. මට මගේ Facebook  එකට ඇතුළු වෙන්න බැහැ. කවුරු හෝ කෙනෙක් මගේ ගිණුමට ඇතුළු වෙලා තියෙන බව මට තේරුණා. ඒ නිසා මට සිදුවුණා අලුත් ගිණුමක් ඇතිකරගන්න. ඒ අලුත් ගිණුම හරහා මට ගොඩාක් දේ දැනගන්න ලැබුණා.
 
මගේ ගිණුම හරහා මගේ හිතවතුන්ට Chat  කරපු අවස්ථා රාශියක් ගැන මට දැනගන්න ලැබුණා. මගේ යාළුවෝ ඒ වගේ අවස්ථාවල ගත්ත Screen Shot  පවා මට එවලා තිබුණා. ඔය අතරේ මගේ රසික හිතවතෙක් මට කියූ කතාවක් අහලා මම ගොඩාක් සංවේදී වුණා. ඔහු රිදී භාණ්ඩ කැටයම් කරන ස්ථානයක සේවය කරන කෙනෙක්. මගේ ගිණුමට ඇතුළුවුණ Hacker  මේ පුද්ගලයාටත් Chat  කරලා. මට ගොඩාක් ප්‍රිය කරන රසික හිතවතාත් දිගින් දිගටම Chat  කරලා. අන්තිමට ඒ තැනැත්තා රිදී ප්‍රතිමාවක් හා මුද්දක් මට තෑගි දෙන්න අහලා තියෙනවා. මම මේ දවස්වල නුවර ෂූටින්...නුවරට තෑග්ග එවන්න කියලා. අහිංසක රසික හිතවතා ඒ කියපු ලිපිනයට අර තෑග්ග යවලා. ඒ මට දැනගන්න ලැබුණු දෙයක්. තව කී දෙනෙකුට ඔය වගේ දේවල් කරලා තියෙනවාද කියන්න මම දන්නේ නැහැ.
 
මේ සිදුවීම එක්ක මට මගේම Facebook  ගිණුම අවලංගු කරන්න සිදුවුණා. සාමාන්‍යයෙන් අපි ඕනෑම කෙනෙක් අපේ ඡායාරූප දාන්නේ Facebook   එකටනේ. අත්‍යවශ්‍යම ඡායාරූප වගේම වැදගත් අවස්ථා ඇතුළත් ඡායාරූපත් ඒ අතර තියෙනවා. මගේ Facebook   ගිණුම අවලංගු කරපු හින්දා මට ඒ හැමදේම නැතිවුණා. මම දැනට පාවිච්චි කරන්නේ මම අලුතින් ආරම්භ කරපු ෆේස් බුක් ගිණුමයි.
 
කොහොම හරි ඉතින් මේ විදිහට මගේ ගිණුමට ඇතුළු වූ Hacker කවුද කියලා හොයලා බලන්නත් මට පුළුවන් වුණා. මේ වැඩේ කරලා තියෙන්නේ මම හොඳ යාළුවෙක් කියලා හිතාගෙන හිටපු කෙනෙක්. එක දවසක් අපි කට්ටිය එකට ඉන්න අවස්ථාවක එයා ටිකකට මගේ දුරකථනය ඉල්ලා ගත්තේ Call  එකක් ගන්න කියලයි. මමත් එයාව විශ්වාස කරලා මගේ ෆෝන් එක එයාට දීලා එතැනින් නැගිටලා ගියා. ඒ වෙලාවේ තමයි එයා මේ වැඩේ කරලා තියෙන්නේ. එයා මගේ මිතුරෙක්. මගේ Friend list   එකේ ඉන්න ගෑනු ළමයි එක්ක හිතවත් වෙන්න හිතාගෙනයි ඔහු මේක කරලා තියෙන්නේ. ඒ නිසා ඔහු වැඩිපුරම Chat  කරලා තියෙන්නේ ගෑනු ළමයි එක්කයි. මම මේ හැමදෙයක්ම දැනගත්තත් මම ඒ පුද්ගලයා එක්ක ගැටුම් ඇතිකරගන්නවත්, පලිගන්නවත් ගියේ නැහැ. ඔහුගේ සැබෑ තතු තේරුම් අරගෙන නිහඬ වුණා.
 
ආරියවංශ කුලතිලක
ලක්බිම



 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  576 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  2,099 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  902 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  333 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,094 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  653,107 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  242,819 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,339,904 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,553,983 Downloads

Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  5,385 Downloads



Top 10 Commenters

Latest Comments

Top