එක්‌සත් එමීර් රාජ්‍යයේ සායද් ක්‍රීඩාංගණයේ දී පාප් වහන්සේ දේව මෙහෙය පැවැත්වීමට පෙර ආරක්‌ෂක වැට බිඳ දමා දිව ආ කොලම්බියානු දැරිය පාප් වහන්සේගේ ඇගයීමට ලක්‌වී තිබෙන බව සදහන්.
මෙම දැරිය පාප් වහන්සේට ආසන්න වන අවස්‌ථාවේ ආරක්‌ෂක නිලධාරියකු ඇයව අල්ලා ගනු ලැබුවත් ඇයට ඒමට ඉඩදෙන ලෙස උන්වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා.
ඩුබායි නගරයේ ආසන්නයේ ජීවත් වන ගබ්රියෙල් නමැති මේ දැරියගේ මව පැවසුවේ ඇය විසින් කාඩ්පතක් පාප් වහන්සේට ලබාදී එය කියවන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලා සිටි බවයි.
එමීර් රාජ්‍යයෙන් පිටව යන අවස්‌ථාවේ පාප් වහන්සේ මාධ්‍ය අමතමින් තමා වෙත දිව ආ කොලම්බියානු දැරියට ආත්ම ශක්‌තියක් ඇති නිසා ඇයට යහපත් අනාගතයක් ඇති බව පවසා තිබෙන බව මාධ්‍ය සදහන් කර තිබෙනවා.
ගබ්රියෙල් නමැති මෙම දැරිය පාප් වහන්සේ රැගත් රිය ක්‍රීඩාංගණයට එන අවස්‌ථාවේ ආරක්‌ෂක වැට බිඳ දමා රිය වෙත පැමිණ ඇති බවයි සදහ වන්නේ.