කාඩිෆ් පාපන්දු කණ්ඩායම විසින් පවුම් මිලියන 15ක් ගෙවා මෙම පාපන්දු ක්‍රීඩකයා මිලදී ගනුලැබූ බව නිවේදනය කරනු ලැබුවේ මෙම අනතුර සිදුවීමට දින දෙකකට පෙරදීයි.
එම නිවේදනයෙන් අනතුරුව, ඔහු ඊට පෙර ක්‍රීඩා කරමින් සිටි නාන්ට් (Nantes) කණ්ඩායමේ සහෝදර ක්‍රීඩකයන් හමුවීම සඳහා ප්‍රංශයට ගියා. අනතුර සිදුවූයේ ආපසු පැමිණෙමින් සිටියදීයි.
සුන්බුන් අතර තිබී සොයා ගත් මළසිරුර මේවන විට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කර ඇති අතර එහි අනන්‍යතාව පිළිබඳ විස්තර තවමත් හෙළිදරව් කර නැහැ.
යානය සොයා සිදුකෙරුණු නිල මෙහෙයුම් ජනවාරි 24වන දා අතහැර දමන ලද්දේ "කිසිවෙකු ජීවතුන් අතර සිටිය හැකි බවට අපේක්ෂා කිරීම ඉතා අසීරු" බව ගර්න්සි වරායේ ප්‍රධානියා ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි.
කෙසේ නමුත් පෞද්ගලික ධනය යොදවා සිදු කරන ලද මෙහෙයුමකින් යානයේ සුන්බුන් සොයා ගැනීමට හැකි වුණා.
යානය සොයාගනු ලැබීමෙන් අනතුරුව අජන්ටිනාවේ ක්රෝනිකා රුපවාහිනී සේවය හා සම්බන්ධ වෙමින් සාලා ගේ පියා වූ හොරාෂියෝ පැවසුවේ, "මට මෙය විශ්වාස කළ නොහැකියි. මේක සිහිනයක්. නරක සිහිනයක්. මගේ බලාපොරොත්තු සුන්වුනා".
මේ අතර සලා ක්‍රීඩා කළ ප්‍රංශයේ නාන්ට් කණ්ඩායමේ බලධාරීන් කාඩිෆ් සිටි කණ්ඩායමෙන් තමන්ට ලැබිය යුතු පවුම් මිලියන 15 ගෙවන ලෙස බලකර සිටිනවා.
එමිල්යානෝ සලා එම කොන්ත්‍රාත්තුවට අත්සන් තබා ඇති නමුත් 'කාඩිෆ් සිටි' කණ්ඩායම වෙනුවෙන් එක් දිනක් හෝ ක්‍රීඩා කිරීමට ඔහුට නොහැකි වුණා.