පාර්ලිමේන්තු සංකීර්ණයේ මන්ත්‍රීවරුන් සඳහා වෙන්කර ඇති 06 වැනි විදුලි සෝපානයයි මෙලෙස අක්‍රීයවී තිබුණේ.
පාර්ලිමේන්තු රැස්වීමට සහභාගිවීම සඳහා දෙවන මහළ වෙත ගමන් කිරීමට අදාළ මන්ත්‍රීවරුන් පිරිස මෙම විදුලි සෝපානයට ඇතුළු වී ඇති අතර, එය දෙවන මහළ දක්වා ගමන් කර පසුව අක්‍රීය වූ බව සිද්ධියට මුහුණදුන් මන්ත්‍රීවරුන් සඳහන් කළා.
සෝපානය තුළ සිර වූ මන්ත්‍රීවරුන් අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, චන්ද්‍රසිරි ගජධීර, දයාසිරි ජයසේකර, ඩලස් අලහප්පෙරුම, චන්දිම වීරක්කොඩි, සිසිර ජයකොඩි, බන්දුල ගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධන, රංජිත් සොයිසා සහ සී.බී.රත්නායක මෙන්ම රාජ්‍ය අමාත්‍ය රංජිත් අළුවිහාරේද සිටියා.
කෙසේ වෙතත්, පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇති සෝපාන සියල්ල වසර 35 ක් පමණ පැරණි වන අතර, ඒවායේ නඩත්තු කටයුතු සිදුකිරීම සඳහා අදාළ සමාගමේ සේවකයින් දෙදෙනෙකු කැඳවා ඇති බවයි.