Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
07
"මගේ තාත්තා එහෙම කෙනෙක් නෙමෙයි" - ඩුබායි අත්අඩංගුවට පත් රංගන ශිල්පී රයන්ගේ බිරිඳ සහ දියණිය හිරුට කියූ දේ - Video

- "මගේ තාත්තා එහෙම කෙනෙක් නෙමෙයි" - ඩුබායි අත්අඩංගුවට පත් රංගන ශිල්පී රයන්ගේ බිරිඳ සහ දියණිය හිරුට කියූ දේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

91,658 Views
"4 වෙනිදා කියලා ගියේ ඩුබායි යනවා කියලා...."
"අම්මයි මායි තාම මුකුත් දන්නේ නැහැ ඩුබායිවල මොකද වෙන්නේ කියලා"

ඩුබායි හී දි අත්අඩංගුවට ගැනුණු රංගන ශිල්පී රයන් වැන්රෝයන්ගේ බිරිඳ සහ දියණිය අද හිරු ප්‍රවෘත්ති වෙත අදහස් පල කළා.

ඔහුගේ බිරිඳ ඩිල්ශානී වැන්රෝයන් සහ  දියණිය නටාලා වැන්රෝයන් පැවසුවේ පසුගිය 4 වෙනිදා ප්‍රසංගයක් සඳහා ඩුබායි රටට ගිය බවයි.

ඔවුන් පදිංචිව සිටින කුලී නිවසත් අයිතිකරුවන් ඉල්ලා සිටින බවත් සමාජ මාධ්‍ය හරහා විවිද මඩ ප්‍රහාර එල්ලවන බවත් රයන්ගේ දියණිය වැඩිදුරටත් පවසනවා.

මේ අතර අත්අඩංගුවට ගත් මාකඳුරේ මධූෂ්  ඇතුළු පිරිස ඩුබායි අබිහිල් අල්-මුල්ලා ප්ලාසා සිර මැදිරියේ රඳවා සිටින බව වාර්තා වනවා.

ඔවුන්ගේ රුධිර සාම්පල ලබා ගෙන පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

පාතාල නායක මාකඳුරේ මධූෂ් සහ තවත් ප්‍රධාන පෙලේ පාතාල සාමාජිකයන් සිව් දෙනෙකු  ඇතුළු පුද්ගලයින් 25 කට ආසන්න පිරිසකක් පසුගිය 5 වනදා අළුයම අත්අඩංගුවට ගත්තේ ඩුබායි හී හෝටලයක සාදයක් පවත්වමින් සිටියදී.

ඒ අතර ජනප්‍රිය ගායක ශිල්පී අමල් පෙරේරා, ඔහුගේ පුත් නව පරපුරේ ගායක ශිල්පියෙකු වන  නදීමාල් පෙරේරා සහ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන රයන් වැන්රෝයන් ද වනවා.

අදාළ සාදය පවත්වා ඇත්තේ ඔහුගේ දෙවන බිරිඳ වන තිළිණි නිශායා තිලකරත්නගේ පුතුගේ උපන් දිනය වෙනුවෙන්.

ඇය 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළදී ඝාතනයට ලක්වූ පාතාල නායක කළු තුෂාරගේ බිරිඳයි.  

අදාළ සාදයේදී අත්අඩංගුවට ගත්  පිරිස අතර තවත් පාතාල සාමාජිකයකු වන මිරිස්සේ සන් ෂයින් සුද්දා ද වන බව පොලිසියේ ඉහළ නිළධාරියෙකු අද හහවුරු කළා.

ඊට අමතරව  රොටුඹේ අමිල නම් පාතාල සාමාජිකයාද ඒ අතර වන බව වාර්තා වනවා.

ඔවුන් සියළු දෙනා පරීක්ෂණ කටයුතු සඳහා ඩුබායි හී අල් රෆා පොලිස් ස්ථානය වෙත ගෙන ගොස් එහිදී රුධිර සාම්පල ලබාගෙන ඇති බව වාර්තා වනවා.

මේ වනවිට ඔවුන් රඳවා ඇත්තේ ඩුබායි හි අබිහිල් අල්මුල්ලා ප්ලාසා සිර මැදිරියේයි.

මේ අතර, අද පස්වරුවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ නිලධාරීන් බොරලැස්ගමුව - කටුවාවල ප්‍රදේශයේ පිහිටි ගායන ශිල්පී අමල් පෙරේරාගේ සහෝදරයාගේ නිවස පරීක්ෂාවට ලක්කළා.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර් ලතීෆ් මහතා වෙත ප්‍රශංසාත්මක ලිපියක් යොමු කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය එම ලිපියේ සඳහන් කරුණු දක්වමින් අද පස්වරුවේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා.

මාකඳූරේ මධූෂ් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලඥයින් අදත් අදහස් පල කළා



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  580 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  2,104 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  903 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  335 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,094 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  653,109 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  242,820 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,339,923 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,554,001 Downloads

Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  5,385 Downloads



Top 10 Commenters

Latest Comments

Top