Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
07
අමල් පෙරේරාගේ සෙහොයුරු සොහාන් පෙරේරාගේ නිවස පිරික්සයි - රයන්ගේ සොහොයුරා STF අත්අඩංගුවට - Video

- අමල් පෙරේරාගේ සෙහොයුරු සොහාන් පෙරේරාගේ නිවස පිරික්සයි - රයන්ගේ සොහොයුරා STF අත්අඩංගුවට - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

34,067 Views
ඩුබායි රාජ්‍යයේදී මාකඳුරේ මදුෂ් ඇතුලු පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළව අද ගායන ශිල්පී අමල් පෙරේාගේ සොයුරාගේ නිවස පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

එහිදී හිස් කොකේන් කොපු කිහිපයක් ද හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඩුබායි රාජ්‍යයේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් රංගන ශිල්පී රයන් වැන් රෝයන් නිවසේ තිබී රහස් කුහරයක් සහිත ගමන් බෑගයක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ සෝදිසියකදී සොයාගෙන ඇතැයි සඳහන්.

එහිදී රංගන ශිල්පී රයන් වැන් රෝයන්ගේ  සහෝදරයා සැක පිට අත්අඩංගුවට ගෙන තිබෙනවා

මේ අතර අත්අඩංගුවට ගත් පාතාල නායක මාකදුරේ මධූෂ් ඇතුළු පිරිස මේ වනවිට ඩුබායි හි පිහිටි අබිහිල් අල්මුල්ලා ප්ලාසාහි සිර මැදිරියක රදවා සිටින බව වාර්තා වනවා.

ඔහු ඇතුළු සෙසු සැකකරුවන්ගේ රුධිර සාම්පලද ඩුබායි පොලිසිය විසින් ලබාගෙන ඇත්තේ රුධිරයේ අඩංගු මත්ද්‍රව්‍ය පිළිබඳව නිගමනය කිරීම සඳහායි.

සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ් නමැති පාතාල කල්ලි සාමාජිකයා ඇතුළු මෙරට ප්‍රධාන පෙලේ පාතාල සාමාජිකයින් සිව් දෙනෙකු ඇතුළු 25 දෙනෙකු පසුගිය 5 වනදා අලූයම අත්අඩංගුවට ගනු ලැබුවේ ඩුබායි තරු 6 හෝටලයක සාදයක් පවත්වමින් සිටියදීයි.

එම සාදයට ජනප්‍රිය ගායන ශිල්පි අමල් පෙරේරා, ඔහුගේ පුත් නව පරපුරේ ගායන ශිල්පියෙකු වන නදීමාල් පෙරේරා සහ රංගන ශිල්පියෙකු වන රයන් වැන් රෝයන් ද එක්ව සිටියා.

මෙම සාදය පවත්වා ඇත්තේ මාකඳුරේ මධූෂ් සහ ඔහුගේ දෙවන බිරිද වන තිලිණි නිශායා තිලකරත්නට දාව එහිදී උපන් පුතුගේ උපන් දිනය වෙනුවෙන්.

ඇය 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුලදී ඝාතනයට ලක්වූ පාතාල නායක කළු තුෂාරගේ බිරිදයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර, මිරිස්සේ සන්ෂයින් සුද්දා, රොටුඹේ අමිල නමැති පාතාල සාමාජිකයින් ද වන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

මේ අතර, මත්ද්‍රව්‍ය හා ඒ ආශ්‍රිත අපරාධ මැඩලීම උදෙසා පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකරන මෙහෙවර අගය කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් වෙත ප්‍රශංසාත්මක ලිපියක් යොමුකර තිබෙනවා.

විශේෂ කාර්ය බලකායේ නිර්භීත ක්‍රියා කලාපය පිළිබදව අගය කරන අතරම එවන් කාර්යශූර නිලධාරින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට මහඟු සම්පතක් බවටයි අග්‍රාමාත්‍යවරයා එමගින් පෙන්වා දෙන්නේ.

එමෙන්ම, කොළඹ අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී ද පාතාල කල්ලි නායක මධූෂ් අත්අඩංගුවට ගැනීම පිිළිබදව අදහස් පළ වුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,304 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  36,198 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  33,401 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,036 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,197 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,050 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  42,968 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,693 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,662 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  9,805 Downloads



Top 10 Commenters

Latest Comments

Top