නිරෝෂා තලගල කියන්නේ රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නර්තන ශිල්පිනියක් බව කවුරුත් දන්නවා.
ඉතිං මේ දිනවල ඇය රංගනයෙන් වගේම නර්තනයෙන් ටිකක් ඈත් වෙලා උතුම් මව් පදවියට සූදානමින් සිටිනවා.
ඇය නම් කියන්නේ පවුලට එකතුවන අලුත් සාමාජිකයා කවුද කියලා කලින් දැන ගන්න නම් යන්නේ නැහැ කියලයි.
දුවෙක් වුණත් පුතෙක් වුණත් ලැබෙන කෙනා සතුටින් භාර ගන්නවා කියලා කිව්වත් නිරෝෂා වැඩිපුරම කැමැති දුවකට කියලත් හරිම ආදරෙන් කියනවා.