Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
07
"මේ වගේ තැනක් කියලා දන්නවා නම් අයියා කීයටවත් පුතාව එක්කගෙන යන්නේ නැහැ.." - අමල්ගේ සොහොයුරා සොහාන් පෙරේරා කියයි

- "මේ වගේ තැනක් කියලා දන්නවා නම් අයියා කීයටවත් පුතාව එක්කගෙන යන්නේ නැහැ.." - අමල්ගේ සොහොයුරා සොහාන් පෙරේරා කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25,050 Views
"සමහරු කියනවා එල්ලුම් ගස් යවන්න, රටින් නෙරපන්න ඒ වගේ අය කියලා.."

"නදිමාල් හා අයියා සම්බන්ධ වුනු පළමු විදෙස් සංචාරය තමයි මේ.."
 
"ඒවා ඇහෙද්දී හරිම දුකයි.."
 
ප්‍රවීණ ගායන ශිල්පී මර්වින් පෙරේරා මෙළොවින් සමුගත්තේ  මිට වසර දහයකට පෙරයි. ඔහු මිය ගියත් ඔහුගේ හඩ තවමත් ජීවමානව ජනතාව අතර තිබෙනවා. ඔහුගේ ආදරණිය වැඩිමහල් පුත් අමල් පෙරේරා හා මුණුපුරා වූ නදිමාල් පෙරේරා මේ වනවිට ඉන්නේ ඩුබායිවල ප්‍රශ්නයක මැදි වෙලා. ඒ ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් හා පාතාල නායකයෙක් වූ මාකදුරේ මධුෂ් සම්බන්ධ වුණු සාදයක අමල් හා නදිමාල් සිටීමේ සිද්ධියට ඔවුන්වත් එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම. මෙම සිදුවීමත්  එක්ක මෙරට ජනතාව විවිධ ප්‍රතිචාර දක්වනවා. ඒ නිසා එම සිදුවීම සම්බන්ධයෙන් අමල්ගේ සොහොයුරු ගායක සොහාන් පෙරේරා  අපේ කතාබහකට ඔහුව මෙලෙසින් සම්බන්ධ කර ගත්තා. ඔහු කියන්නේ මෙහෙම කතාවක්.

සොහාන් මුලින්ම කතා කරමු ඔබේ සහෝදරයාට වුණු අකරතැබ්බය ගැන ඔබ දැනගත්තේ කොහොමද කියලා.. ?
ඔය සිදුවීම වුණු දවසේ ඒ කියන්නේ 5 දා උදේ හතට විතර මගේ යාළුවෙක් කතා කරලා කිව්වා අයියත් පුතත් ඩුබායිවලදී අත්අඩංගුවට අරගෙන මාකදුරේ මධුෂ් හා තවත් පිරිසක් එක්ක කියලා. සාදයකදී තමයි අත්අඩංගුවට අරගෙන තියෙන්නේ කියලත් කිව්වා. ඒත් එක්කම තමයි මාධ්‍යවල කතාව සම්බන්ධයෙන් ප්‍රවෘත්ති පළවුණේ. ඒ විදිහට තමයි දැනගත්තේ. සිදුවීමෙන් පසුව මේ වෙද්දී මට ඇමතුම් 5000ක් විතර එන්න ඇති සිදුවීම ගැන දැනගන්න.

සිදුවීමෙන් පසුව අමල්ව සම්බන්ධ කරගන්න පුළුවන් වුණාද..?
තවම අයියව සම්බන්ධ කරගන්න බැරි වුණා. අයියා මට කතා කළෙත් නැහැ. ඒ නිසා හරියටම මොකක්ද වුණේ කියලා දැනගන්න විදිහක් නැහැ.අයියා ගැන විස්තරයක් දැනගන්න තානාපති කාර්යාලයට, විදෙස් අමාත්‍යංශයට මමත් කතා කරන්න අවශ්‍ය හැමතැනටම කතා කළා. මල්ලි වෙලත් මට තොරතුරක් ඔවුන් දෙන්නේ නැහැ. ඔවුන් කියන්නේ පත්තරවල ගිය ටික හැරෙන්න වැඩි යමක් ඔවුන් දන්නේ නැහැ කියලයි. අපේ රටේ මෙහෙම තත්ත්වයක් තියෙන එක ගැන නම් තියෙන්නේ ලොකු කණගාටුවක්. වලේ වැටුණු මිනිහා තමයි වලේ ගැඹුර දන්නේ. අයියාටයි පුතාටයි මොනාද වුණේ කියලා දැනගන්න වගේම ඔවුන්ව ඉන් නිදහස් කරගන්න පුළුවන් නම් හොදයි.

අමල් හා මාකදුරේ මධුෂ් අතර සමීප සම්බන්ධයක් තිබුණා කියලා ඔබ දැනගෙන හිටියද..?
මාකදුරේ මධුෂ් කියන්නේ ප්‍රසිද්ධ කෙනෙක්. ඔහු මොනාද කරන්නේ කියලා අපි දන්නෙත් මාධ්‍යයෙන්. ඒ ඇරෙන්න ඔහු එක්ක අයියට සම්බන්ධයක් තිබ්බා කියලා නම් මම දන්නේ නැහැ. එහෙම සම්බන්ධයක් තිබ්බා කියලා මම හිතන්නේ නැහැ. ඒ ගැන හරියටම දන්නේ නැහැ.

අමල් හා නදිමාල් විදෙස් සංචාරයකට සම්බන්ධ වෙන බව ඔබ දැනගෙන ඉන්න ඇති..?
ඔව්. නදිමාල් හා අයියා සම්බන්ධ වුනු පළමු විදෙස් සංචාරය තමයි මේ. තාත්තයි පුතයි සම්බන්ධ වෙන පළමු සංචාරය නිසා අයියා හරිම සතුටින් හිටියේ. තාත්තා එක්ක විදෙස් සංචාරයකට සම්බන්ධ වෙන්න කවුද අකමැති. යන්න කලින් ඒ දෙන්නම මාත් එක්ක කතා කළා.  ප්‍රසංග දෙකක් තියෙනවා කිව්වා. දෙන්නම එක ප්‍රසංගයකට සම්බන්ධ වෙලා තියෙනවා. දෙවැනි එකේදී තමයි ඔය කියන සිදුවීමට මුහුණ දීලා තියෙන්නේ. ඒක ඉන්ඩෝ ප්‍රසංගයක්. අයියයි නදිමාලුයි විතරයි එකේ සින්ග් කරන්න ඉදලා තියෙන්නේ.

ඔබ හෝ අමල් දැනගෙන හිටියේ නැද්ද සම්බන්ධ වෙන්නේ මධුෂ්ගේ දියණියගේ උපන්දිනය වෙනුවෙන් පවත්වන සාදයකට කියලා..?
මම නම් කොහොමත්ම දන්නේ නැහැ. කොහොමත් හැම කලාකරුවාම සම්බන්ධ වෙන්නේ ඔය විස්තර හොයලා නෙමෙයි. සංවිධායක කෙනෙක් සියල්ල සුදානම් කරලා ආරාධනා කරනවා. ඒ ආරාධනාව භාර ගන්නවා  කැමති නම්. ලොකු විස්තර කිසිම කලාකරුවෙක් හොයන්න යන්නේ නැහැ. ලැබෙන මුදල හෝ අවස්ථාව ගැන තමයි කවුරුත් හිතන්නේ. අයියටත් කතා කරලා තිබුණේ සංවිධායකවරයෙක්. ඒ අනුව තමයි එයයි පුතයි සම්බන්ධ වෙන්නේ.මේ වගේ දෙයක් වෙනවා කියලා දන්නවා නම් අයියා කීයටවත් පුතාව එක්කගෙන යන්නේ නැහැ. මොන තාත්තද ඒ වගේ බරපතල තත්ත්වයක් දැන දැන තමන්ගේ දරුවාව සම්බන්ධ කරගන්නේ. මම නම් හිතන්නේ නැහැ අයියා නෙමෙයි කවුරුත් එහෙම කරන්නේ නැහැ කොතරම් මුදල් දුන්නත්.

අමල් වගේම නදිමාල් කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ ගායකයින් දෙන්නෙක්. පියා වගේම ඔවුන් ජනතා ආදරේ දිනු අය. නමුත් මේ සිදුවීමත් එක්ක අපේ රටේ බොහෝ දෙනෙක් ඔවුන්ට විවේචනය කරනවා. ඔබත් ගායකයෙක්. ඒ ගැන ඔබට මොකද හිතෙන්නේ..?
ඇත්තටම කිව්වොත් ඒ දෙන්නාට බොහෝ දෙනා ආදරේ කළා. මේ වගේ සිදුවීමක් දැනගත් පමණින් විතරක් ඇත්ත මොකක්ද කියලා නොදැන විවේචනය කරන එක වැරදියි. මම නම් කියන්නේ ජනතාව ඒ අයට අවංකවම ආදරේ කරලා නැහැ. කොහොම නමුත් මට දැනගන්න ලැබුණා සමාජ මාධ්‍යවලින් අයියට බැනලා තියෙනවා කියලා. මම නම් ෆේස්බුක් එක පැත්තේ ගියේම නැහැ සිදුවීම වුනු දවසේ ඉදලා. මොකද මට ඒවා බලන්න බැහැ කිසිවක් නොදැන ඒ විවේචන කරන්නේ. අම්මයි තාත්තයි නැති අයියට දැන් ඉන්නේ මම විතරයි. මමත් ඒවාට ප්‍රතිචාර දක්වලා තරහා අරගෙන කාලේ කන්න බැහැ. මොකද ඊට වඩා ඒ දෙන්නව බේරා ගන්න මොනවා හරි කරන්න මට මහන්සි වෙන්න වෙනවා. මර්වින් පෙරේරා කියන්නේ සුන්දර ගායකයෙක්. ඔහු නිහඩයි. නමුත් මමවත් අයියාවත් එහෙම නිහඩ අය නෙමෙයි. අපි කෙලින් කතා කරන තරහ ගන්න අය. ඒ නිසා ඕවාට ප්‍රතිචාර නොදක්වා ඉන්න එක හොදයි.

අවසන් වශයෙන් ඔබට මොනවද කියන්න තියෙන්නේ..?
මගේ අයියා කියලා මේ සිදුවීමේදී එයාව සුද්ධ කරනවා නෙමෙයි. නමුත් ඇත්ත මොකක්ද කියලා විවේචන කරන්න බණින්න කියලයි මම කියන්නේ. කිසිම දෙයක් නොදැන දරුණු විදිහට ප්‍රතිචාර දක්වන්න එපා කියලා මම කාටත් කියනවා. ඒ වගේම මර්වින් පෙරේරා පරම්පරාව අරගෙන යන්න ඉන්නේ අමල් පෙරේරා හා නදිමාල් පෙරේරා. අයියගේ වැරදි ඇති නමුත් අමල් පෙරේරා කියන්නේ ලස්සන කටහඩක් තියෙන දක්ෂ ගායකයෙක්, රටට යමක් කරන්න ඉන්න කෙනෙක්. සංගීතය වෙනුවෙන් ඉන්න ගායකයෙක්. ඔහුගේ හැකියාවට ගහන්න එපා. මර්වින් පෙරේරා පරපුර වළලලා දාන්න උදව් වෙන්න එපා කියලා තමයි මම කියන්නේ. සමහරු කියනවා එල්ලුම් ගස් යවන්න, රටින් නෙරපන්න ඒ වගේ අය කියලා. ඒ වගේ දරුණු වචන ඇහෙද්දී අපි ජිවත් වෙන්නේ මේ වගේ රටකද කියලා හිතෙනවා. ඇත්ත තේරුම් අරගෙන කතා කරන්න කියලා කියනවා.

හර්ෂණී වීරරත්න



 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  2,846 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  9,801 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  4,146 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,105 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,483 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  674 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  788 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,535 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  20,447 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  1,917 Downloads



Top 10 Commenters

Latest Comments

Top