Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
07
ගාන්ධිගේ පින්තූරයකට වෙඩි තැබූ කාන්තාවකට සිදු වූ දේ-Video

- ගාන්ධිගේ පින්තූරයකට වෙඩි තැබූ කාන්තාවකට සිදු වූ දේ-VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,900 Views
දක්ෂිණාංශික හින්දු කණ්ඩායමක නායිකාවක විසින් මහත්මා ගාන්ධිගේ පින්තුරයකට වෙඩි තබන ආකාරය දැක්වෙන වීඩියෝවක් ව්‍යාප්ත වීමත් සමග එම නායිකාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
හින්දු මහසභා නම් වූ සංවිධානයක් මහත්මා ගාන්ධි ඝාතනයේ 71 වන සංවත්සරය "සැමරීමට" උත්සවයක් සංවිධාන කර තිබුණා.
 
ඒ පිළිබඳ වීඩියෝ දර්ශනවල දැක්වුණේ මහත්මා ගාන්ධි ඝාතනය කළ පුද්ගලයා වූ නතුරාම් ගොඩ්සේගේ සේයා රුවකට මල්දමක් පැළඳවීමෙන් අනතුරුව, පූජා පාන්ඩේ නම්වූ අදාළ කාන්තාව වායු පිස්තෝලයකින් මහත්මා ගාන්ධිගේ පින්තුරයකට වෙඩි තබන අයුරුයි.

ඇතැම් දක්ෂිණාංශික හින්දු මතවාදීන් දිගු කලක සිට මහත්මා ගාන්ධි දුටුවේ, පමණ ඉක්මවූ මධ්‍යස්ථ මතධාරියෙකු ලෙසයි.
 
මෙම වීඩියෝව පසුගිය සතියේදී ඇයගේ කණ්ඩායම විසින් අන්තර්ජාලයට මුදා හරිනු ලැබ ඇති බවට විශ්වාස කෙරෙනවා. ඉන්පසුව අයව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ක්‍රියාත්මක වුණා.
 
එමෙන්ම අදාළ දර්ශනවල දක්නට ලැබුණු ඇගේ සැමියා ද සොයා පොලිස් කණ්ඩායම් දෙකක් මෙහෙයුම් අරඹා තිබුණා.
 
මහත්මා ගාන්ධි ඝාතනය කෙරුණු ජනවාරි 30 වනදා හටගත් මේ සිදුවීමට සම්බන්ධ තවත් කිහිපදෙනෙකු ම අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
 
1948 ජනවාරි 30 වෙනිදා මහත්මා ගාන්ධිට, ඉතා සමීපයේ සිට ඔහුගේ පපුවට වෙඩි පහර තුනක් එල්ල කර ඝාතනය කළ ගොඩ්සේ, හින්දු මහසභා කණ්ඩායම ද අයත්වන ජාතිකවාදී දක්ෂිණාංශික කණ්ඩායම්වලට අයත්වුවෙක්.
 
මහත්මා ගාන්ධි පමණ ඉක්මවූ මුස්ලිම් හිතවාදියෙකු මෙන්ම හින්දූන් පාවාදුන් අයෙකු ලෙසත් 1947 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබීමෙන් අනතුරුව ඉන්දියාව හා පාකිස්තානය නිර්මාණය කරමින් සිදුවූ දෙකඩවීම හා ලේ වැගිරීමට මුල් වූ පුද්ගලයෙක් ලෙසත් දැඩි හින්දු මතධාරීහු චෝදනා කරනු ලබනවා.
 
මතභේදාත්මක අතුරු කණ්ඩායමක් විසින් ගොඩ්සේ උත්කර්ෂයට පත්කරමින් මහත්මා ගාන්ධිගේ ඝාතනය සැමරූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ.
 
2015 දී ගොඩ්සේගේ පිළිරූ කර්ණාටක ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක හයක ස්ථාපනය කිරීමට මෙම කණ්ඩායම උත්සාහ කළ අතර ඊට විරෝධය පා එම ප්‍රාන්තය පුරා විරෝධතා පැතිර ගියා.
 
-බීබීසී සිංහල-



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,300 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  36,156 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  33,355 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,027 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,192 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,050 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  42,953 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,693 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,662 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  9,802 Downloads



Top 10 Commenters

Latest Comments

Top