Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
06
"අපේ ජීවිතේ වැරැදි, අතපසුවීම් වෙනවා. ඒක සාමාන්‍ය ස්වභාවය. ඒවා දරාගෙන ඉස්සරහට යන්න වෙනවා..." - දුලානි අනුරාධා

- "අපේ ජීවිතේ වැරැදි, අතපසුවීම් වෙනවා. ඒක සාමාන්‍ය ස්වභාවය. ඒවා දරාගෙන ඉස්සරහට යන්න වෙනවා..." - දුලානි අනුරාධාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,360 Views
"ඒ නිසා තමයි පසුගිය කාලේ හැමදේම අතහරින්න වුණේ.."

"කවදාවත් බඳින්නේ නෑ කියන තැන මම නැහැ.."

මම 'සංගිලි' චිත්‍රපටය කළේ මීට අවුරුදු නවයකට කලින්. අබා චිත්‍රපටයට පස්සේ දෙවැනි චිත්‍රපටය විදියට තමයි 'සංගිලි' චිත්‍රපටයේ රඟපෑවේ. මට ගිය අවුරුද්දෙ වැඩක් කරන්නත් හම්බවුණේ නැහැ. මගේ චිත්‍රපටයක් එන්නේ නැති කාලයක 'සංගිලි' චිත්‍රපටයට තිරගත වෙන්න ලැබීමත් මට ආලෝකයක්.

ඔබ රඟපාපු චිත්‍රපටයක් වසර ගණනක් ගතවෙලා තිරගත වෙද්දි කාලයත් එක්ක රංගනයේ අඩුපාඩු දකින්නේ නැද්ද?
මෙහෙමයි. මේ අවුරුද්දේ චිත්‍රපටයක් රූගත කරලා ඒක ලබන අවුරුද්දේ තිරගත වුණත් අපිට අපේ රංගනයේ යම් යම් අඩුපාඩු පේන්න පුළුවන්. මේකෙත් ඒ වගේ අඩුපාඩු පේන්නේ නැතුව නෙවෙයි. නමුත් මට ඒ නිර්මාණය ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්. සමහරු මට කියන කතාවක්නේ මම රජ කතාවලට සීමා වෙලා කියලා. ඉතින් මේ නිර්මාණය ඒකෙන් මිදිලා ආපු නිර්මාණයක්.

'සංගිලි'ගේ චරිතය ගොඩනඟන්න ඔබ මහන්සි වෙන්නත් ඇති?
මම පොඩි කාලේ ඉඳන් නර්තනය හදාරපු කෙනෙක්. ඒ වගේම ඒ ඇසුරත් එක්ක මම දේශීය දේ දැනන් හිටියා. ගැමි පරිසරය, ගැමි ගතිය, දේශීය පසුබිම මගේ ඇඟේ තිබ්බා. නර්තනය හරහා ලැබුණු පාඩම්වලින් ලැබුණු දේවල් තමයි ඒවා. ඒ දේවල් සහ තිර පිටපතෙන්, අධ්‍යක්ෂවරුන්ගෙන් සහ අනෙකුත් ශිල්පීන්ගෙන් ලැබුණු සහායත් එක්ක ඒ ගැමි හැඩයට චරිතය ගොඩනඟන්න පුළුවන් වුණා.

පහුගිය කාලේ දුලානි අසනීප තත්ත්වයෙන්නේ හිටියේ. දැන් තත්ත්වය කොහොමද?
හිටියට වඩා දැන් තත්ත්වය හොඳයි. නමුත් තාම මගේ කකුලේ තත්ත්වය එක්ක හරියට වැඩ කරගන්න අමාරුයි. සපත්තු පැලඳගෙන යන්නත් අපහසුයි. හිටියට වඩා සුවයක් නම් තියෙනවා.

තිබ්බ තත්ත්වය එක්ක වැඩ මඟහරින්නත් සිද්ධ වෙන්න ඇති?
ඇත්තටම කකුලේ තත්ත්වය නිසා ජනවාරි මාසේ කරන්න හිටපු වැඩත් අතහරින්න වුණා. ඕනම නිර්මාණයක් අපහසුවෙන් කරලා ඒ නිර්මාණයට හානියක් කරන්න බෑනේ. ඇත්ත තත්ත්වය පහදාලා භාරගත්ත ටෙලි නාට්‍යයකින් මට අයින් වෙන්න වුණා. මම කිව්වා ඒකට වෙනත් රංගන ශිල්පිනියක් සම්බන්ධ කරගන්න කියලා.

ඔබ ටෙලි තිරයේ නිතර දකින කෙනෙක් නෙවෙයි. ඔබට ටෙලි තිරයේ වැඩ අඩුද? නැත්නම් ලැබෙන වැඩ ඔබ අතහරිනවද?
මම වෘත්තියෙන් ගුරුවරියක්. ඉතින් මට වැඩ කරන්න පුළුවන් කාලයක් තියෙනවා. මට ටෙලි නාට්‍ය එක්ක හැප්පෙන්න ලොකු කාලයක් වෙන් කරන්න අමාරුයි. අනෙක් පැත්තෙන් චිත්‍රපටයක් කරන තරම් ආසාවක් ටෙලි නාට්‍ය කරන්න මට නැහැ. මම ටෙලි නාට්‍යයක් රසවිඳින සහ එයින් තෘප්තිමත් වෙන ප්‍රමාණය අඩුයි. ඒ නිසා මම ඒ පස්සේ යන්නේ නෑ. හැබැයි මම ජනවාරි මාසේ කරන්න හිටපු නාට්‍ය කරන්න නම් මම කැමැත්තෙන් හිටියා. අසනීප තත්ත්වය නිසා තමයි ඒක මඟහරින්න සිද්ධ වුණේ.

රංගන ශිල්පින්ව, ශිල්පිනියන්ව අධ්‍යක්ෂවරු එක් එක් රාමුවලට කොටු කරනවනේ. ඒ රාමුගත කිරීම ඇතුළෙත් ඔබට සමහර දේවල් අහිමි වෙනවා ඇති?
දැන් පසුවෙන මගේ වයසත් එක්ක මට ලැබෙන්නේ යම් බරක් සහිත රංගනයන්. දුක් ගැහැට විඳින ගැහැනියකගේ චරිත තමයි මට ලැබෙන්නේ. මම ඒකට කැමැතියි.

ළද බොළඳ චරිත නිරූපණයට ඔබ කැමැති නැද්ද?
කැමැති නැතුව නෙවෙයි. ඒ බර ගැහැනිය මගේ ඇතුළාන්තයෙම ඇති. මම ඒ වගේ චරිත කරන්න කැමැතියි.

දුලානිගේ රංගන, නර්තන හැකියාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්න නිර්මාණයක් තාමත් දුලානිට ලැබුණේ නෑ නේද?
අබා චිත්‍රපටයෙන් යම් කිසි විදියකට අවස්ථා ලැබුණා. සමහර අවස්ථා මට ඕනකමින් මඟ හරින්න වුණා. මම දරපු සමහර ප්‍රතිපත්ති එක්ක සමහර චරිත අතහැරියා. ඒත් දැන් හිතලා බලද්දි දුකයි. දැන් මට ඒ වගේ චරිත කොහොමත් කරන්න බෑ.

ඒ කියන්නේ දුලානිගේ ජීවිතේ පසුතැවිලි වෙන දේවල් තියෙනවා?
පසුතැවීමකට වඩා ඒ කාලේ ඊට වඩා අවබෝධයක් තිබ්බා නම් හොඳයි කියලා හිතනවා. අපේ ජීවිතේ වැරැදි, අතපසුවීම් වෙනවා. ඒක සාමාන්‍ය ස්වභාවය. ඒ සියලු දේ දරාගෙන ඉස්සරහට යන එක තමයි ජීවිතය කියන්නේ.

දුලානි සැබෑ ජීවිතයේ කොයි වගේ කෙනෙක්ද?
දුලානි අනුරාධා කියන්නේ කාලයත් එක්ක වෙනස් වෙන කෙනෙක්. මට එකම ස්වරූපයෙන් ඉන්න අමාරුයි. මම ළමා වියේදී හුරතල් ගති තිබ්බ කෙනෙක්. තරුණ වියේදී ළද බොළඳ ගති තිබ්බ කෙනෙක්. ඊට එහා යද්දි ජීවිතයේ බර දැනෙන කෙනෙක්. මම වයසත් එක්ක එක් එක් ස්ථාන පසුකරමින් යනවා. දැන් ඇඳපැලඳගෙන එළියට යන්න, භෝජන සංග්‍රහවලට යන්න ආසාවක් නැහැ. දැන් තමන් එක්ක හරියට හිනාවෙන අය ඉස්සරහට විතරයි මම යන්න කැමැති. ජීවිතයේ සමහර දේවල් අවබෝධ වෙලා තියෙනවා.

දුලානිගේ ජීවිතේ වෙනසක් කරගන්න දැන්මම බලාපොරොත්තුවක් නැද්ද?
කවදාවත් බඳින්නේ නෑ කියන තැන මම නැහැ. මම විවාහයට ගරු කරනවා. විවාහය විය යුතුයි කියන තැන මම ඉන්නවා. තාමත් ඉතින් බලාගෙන ඉන්නවා.

විවාහය ගැන ගෙදරින් බලකිරීම් නැද්ද?
බලකිරීම්, බලපෑම් තියෙනවා. සැලෙන තැන් තියෙනවා. ආයෙත් ශක්තිමත්ව ඉන්නවා. මම විවාහ වෙයි කියන බලාපොරොත්තුව තියාගෙන ඉන්නේ.

තව ඉදිරි සැලසුම් ඇති?
ගුරු වෘත්තියට ආවට පස්සේ පශ්චාත් උපාධිය විතරයි සම්පූර්ණ කළේ. තව මට ඉගෙන ගන්න ඕන. ඕනවට වඩා දේවල් ගණන් ගන්නේ නැතිකම සහ කම්මැළිකම නිසා ඒ වැඩ මඟහැරුණා. ඒවා මේ අවුරුද්දේ හදාගන්න ඕන.

තිළිණි කෞශල්‍යා විජේසිංහ




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  580 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  2,106 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  903 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  335 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,094 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  653,111 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  242,820 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,339,927 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,554,005 Downloads

Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  5,385 Downloads



Top 10 Commenters

Latest Comments

Top