වයස අවුරුදු හයක්වූ දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ චෝදනාවට වරදකරුවූ එක්දරු පියකුට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය විසින් සිකුරාදා (01) බරපතල වැඩ සහිත වසර දහයක සිර දඬුවමක් ද රුපියල් දස දහසක දඩයක් ද නියම කරනු ලැබුවා.
ඊට අමතරව වින්දිත දැරියට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවන ලෙසට ද නියම කෙරුණා.
දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස තුනක සිර ද`ඩුවමක් නියම කරන බව ද විනිසුරුවරිය ප්‍රකාශ කළා.
මෙසේ දඬුවම් නියම වූයේ ගොකරැල්ල පොලිස් වසමට අයත්, නීරම්මුල්ලේ 30 හැවිරිදි අයකුටයි.
දැරියගේ මව විදෙස් ගතව සිටින බව ද දැරිය පියා භාරයේ සිටියදී අසල්වැසියකු වූ චූදිතයා දැරියට මෙම අපරාධය සිදුකර ඇති බව ද ඔහුට ද වින්දිත දැරියගේ වයසේ පසුවන දියණියක සිටින බව ද පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.