Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
05
කුප්‍රකට පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් ජනප්‍රිය පුද්ගලයින් සමග සුපිරි හෝටලයකදී කොටුවුණේ මෙහෙමයි - සියළු තොරතුරු මෙන්න - Video

- කුප්‍රකට පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් ජනප්‍රිය පුද්ගලයින් සමග සුපිරි හෝටලයකදී කොටුවුණේ මෙහෙමයි - සියළු තොරතුරු මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

80,558 Views
ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයන් හතරදෙනෙකු ඇතුලු 25 දෙනෙකු මාට්ටු...
දෙවන බිරිඳට දාව උපන් පුතුගේ උපන් දිනය සමරන්න පාටියක් තියලා..

මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුලු මෙරට සිදුවූ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රබල පාතාල නායකයෙකු වන මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් ඩුබායි හි සුපිරි හෝටලයකදී එරට ආරක්ෂක අංශ විසින් අද අත්අඩංගුවට ගත්තා.

ඔහු සමඟ ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයන් හතරදෙනෙකු ඇතුලු 25 දෙනෙකු ද අත්අඩංගුවට ගැනුනු අතර, ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ද පිරිස අතර සිටිනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ මෙම අත්අඩංගුවට ගැනීම සඳහා මෙරට සිට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වූ බවයි.

ඊට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේද සහය හිමිවූ බව ද ඔහු සඳහන් කළා.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් ළඟ තිබී හෙරොයින් සහ කොකේන් ද සොයාගෙන තිබුණා.

පාතාල නායක මාකඳුරේ මධුෂ් විසින් එම හෝටලය තුළ විශේෂ උපන්දින සාදයක් සංවිධාන කර තිබුණේ තම දෙවන බිරිඳට දාව උපන් පුතුගේ උපන් දිනය වෙනුවෙන්.

කළකට ඉහත මියගිය පාතාල සාමාජිකයෙකු වූ කළු තුෂාරගේ බිරිඳ මෙලෙස මධුෂ් සමඟ ඩුබායි හි වාසය කරන බව පරීක්ෂණවලදී අනාවරණ වී තිබුණා.

මෙම උපන් දින සාදය සඳහා ශ්‍රී ලංකාවෙන් පලාගොස් ඩුබායි හි සැඟව සිටින සියලුම පාතාල සාමාජිකයන් සහ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් රැසකට ආරාධනා කර තිබීමද විශේෂත්වයක්.

ඒ අනුව අද මාකඳුරේ මධුෂ් සමඟ අත්අඩංගුවට ගත් පිරිස අතර ප්‍රබල පාතාල සාමාජිකයින් වන කෙසෙල්වත්තේ දිනුක, කංජිපානි ඉම්රාන්, රණාලේ චුට්ටා සහ අංගොඩ සුද්දා ද සිටින බව සඳහන්. එමෙන්ම ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන අමල් පෙර්රා, ඔහුගේ පුත් නදීමාල් පෙරේරා මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන රයන් වැන් රූයන් ද ඔවුන් අතර සිටිනවා.

ඔවුන් පාතාල නායක මධුෂ් සමඟ එහි රැඳී සිටියේ කුමන කාරණාවක් සම්බන්ධයෙන්ද යන්න පිළිබඳ විමර්ශන සිදු කෙරෙන බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්ගේ අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙනවා.

කෙසේ වෙතත් වසර 40 ක් පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කළ ඔහු අද සිය ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව තිබුණා.

එහෙත් ඔහුට වසරක සේවා දිගුවක් ලබාදීමට යෝජනා කරමින් ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන අද රැස්වූ අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති අතර, ඊට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

පාතාල නායක මාකඳුරේ මධූෂ්ට එල්ලවූ පළමු චෝදනාව වන්නේ දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකු වූ ඩැනී හිත්තැටිය ඝාතනයයි.

අනතුරුව බන්ධනාගාර ගතව සිටි ඔහු ඇප ලබා පැමිණීමෙන් පසුව දිගින් දිගටම පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වී තිබුණා.

මෑත කාලයේ සිදුවූ කළුතර - එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා සමයං ඇතුලු පාතාල සාමාජිකයින් පස්දෙනෙකු, බන්ධනාගාර නිලධාරියෙකු ඇතුලු හත්දෙනෙකු ඝාතනයද මොහු සහ පාතාල නායක අංගොඩ ලොක්කාගේ මෙහෙයවීම යටතේ සිදුව තිබුණා.

මීට අමතරව එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟද එවකට සබඳතා පැවැත්වූ බවට මාකඳුරේ මධුෂ්ට චෝදනා එල්ලවූ අතර, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ චෝදනාව සම්බන්ධයෙන්ද ඔහුගේ නම කියවුණා.

ඒ, ඔහුගේ සහය ඇතිව මෙම ඝාතන සැළසුම් නිර්මාණය වූ බවට දූෂණ විරෝධී බලකාය පසුගිය වසරේ සැප්තැම්බර් 9 වනදා සිදුකළ හෙළිදරව්වත් සමඟයි.

මේ අතර රිය අනතුරකින් මියගිය මධූෂ්ගේ පියාගේ අවසන් කටයුතු පසුගිය වසරේදී සූරියවැව ප්‍රදේශයේදී සිදුකෙරුණු අතර, ඊට මධුෂ්ගේ මෙහෙයවීමෙන් ගුවනින් මල් ඉසීම පිළිබඳවද දැඩි අවධානයක් යොමුවුණා.

මේ අතර පසුගිය කාලසීමාව තුළම මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ්ගේ ගෝලයින් රැසක් පොලිස් විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට පත්වීමද වැඩි වශයෙන් දක්නට ලැබුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,304 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  36,198 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  33,401 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,036 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,197 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,050 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  42,968 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,693 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,662 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  9,805 Downloads



Top 10 Commenters

Latest Comments

Top