Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
05
"එයාලා නිවාඩුවට පිටරට යන්නේ, මම හෑන්ඩ් බෑග් එකක් තෑගි දුන්නම ඩොක්ටර් ලක්ෂ ගණන් පොතට දානවා" - මහළු මහාචාර්ය දොස්තර සමඟ අනියම් පෙමින් වෙළුණු දමයන්ති අවසන් ගමන් යැවූ සැමියා හෙළිකළ කතාව

- "එයාලා නිවාඩුවට පිටරට යන්නේ, මම හෑන්ඩ් බෑග් එකක් තෑගි දුන්නම ඩොක්ටර් ලක්ෂ ගණන් පොතට දානවා" - මහළු මහාචාර්ය දොස්තර සමඟ අනියම් පෙමින් වෙළුණු දමයන්ති අවසන් ගමන් යැවූ සැමියා හෙළිකළ කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

61,789 Views
මචං, ඒකි අර නාකි ප්‍රොෆසර් එක්ක සෙට් වෙලා
 
වයිෆ්ගේ වයස 36යි, ඒ ප්‍රොෆසර්ට 74යි,
 
සමහර දවස්වල වැඩට ගිහින් දවස් පහ හය ගෙදර ආවේ නෑ
 
මේ වන විට ඇයට සිය සැමියා තිත්තම තිත්ත වී තිබුණේ ඔහු මත්වතුරට ඇබ්බැහි වූවෙකු හෝ පර අඹූවන් ඇසුරු කරන සල්ලාලයකු හෝ සිය දරු පවුල ගැන සොයා නොබලන අධමයකු හෝ නොවුනු නිසායි. විවාහ දිවියට ඇතුළත්ව සිටින ඕනෑම ගැහැනියකගේ බලාපොරොත්තුව සිය සැමියා වෙනත් අඹුවන් පසුපස නොයා, මත් වතුරට ලොල් නොවී දරු පවුලට ආදරයෙන් විශ්වාසයෙන් සිටිනු දැකීමයි. එනම් තමා හා දරු පවුල මත්තෙම සිටිනු දැකීමයි.
 
එහෙත්.... ඇයට සැමියා එපාම එපා වූයේ ඔහු තමා මත්තේම නැහීගෙන දරු පවුල බදාගෙන ආදරයෙන් විශ්වාසයෙන් කල් ගෙවීමට දඟලන තරම කොපමණදැයි දැන සිටි නිසායි. ඔහුගේ ඒ ගතිගුණය ඇයට හිසරදයක් වී තිබුණා.
 
ඇය.... සැමියාගෙන් දික්කසාද වීමට නඩුවක් ගොනු කළේ ඔහුගේ මේ අසීමිත ආදර බැඳීම් වලින් නිදහස් වී පරපුරුෂ සේවනයේ යෙදීමටයි. ඇයට දරුවන් දෙදෙනෙකු සිටින බව පවා අමතක වී ගියේ සිය වයෝවෘද්ධ මහචාර්ය වෛද්‍ය පෙම්වතාගේ බලය, මුදල හා අනිකුත් ක්‍රියාකාරකම් හමුවේ මං මුළා වූ නිසාවෙනුයි.

ඇය බෙහෙවින් මුරණ්ඩු වී සිටියා. ඒ සිය සැමියා මේ මහචාර්ය පෙම්වතාට බිය පක්ෂපාතී බවක් දක්වන බව දැන සිටි නිසායි. ඔහු එලෙස බිරියගේ අනියම් සැමියා හමුවේ අඩියක් පස්සට ගත්තේ ඔහුගේ ධනය මෙන්ම තත්ත්වය හා බලය හේතුවෙන් තමාට එරෙහිව කුමන ක්‍රියාමාර්ගයක් ගනීද යන සැකය නිසායි.
 
පසුගිය මස 23 වැනිදා දහවල් ඔහුට දරකථන ඇමතුමක් ලැබුණා. එය... බිරියගේ අනියම් පුරුෂයාගේ දියණියගෙනුයි. ඇය.. ඔහුගෙන් විමසා සිටියේ මේ අවස්ථෘවේ බිරිය සිටින්නේ කොහිදැයි ලෙසටයි.
 
සතියේ දිනවල දහවල් වරුව ඇය ගත කරන්නේ නිවසේයි. පෞද්ගලික රෝහලක හෙදියක ලෙස සේවය කළ ඇයට පැවරී තිබුණේ රාත්‍රී රාජකාරිය. එබැවින් රාත්‍රී රාජකාරි නිමාකොට නිවසට එන ඇය උදේ දරුවන් දෙදෙනා පාසලට ඇරලවා යළි නිවසට පැමිණ විවේක ගන්නා අතර පාසල නිමාවීමෙන් අනතුරුව ද දරුවන් නිවසට රැගෙන ඒමේ කාර්යය පැවරී තිබුණේ ද ඇයටයි.
 
සවස පාසල් අවසන් වන වෙලාවට ගොස් දරුවන් කැඳවාගෙන එන ඇය ඉන් අනතුරුව ගෙදර වැඩපළ කොට රාත්‍රී රාජකාරියට යාමට සැරසෙනවා. ඒ අනුව මහාචාර්යවරයාගේ දියණිය දුරකථන ඇමතුම දුන් වෙලාව වන විට ඇය සිටිය යුත්තේ නිවසේ යි. එබැවින්... ඔහු ඇමතුම දුන් කාන්තාවට කියා සිටියේ බිරිය මේ අවස්ථාවේ නිවසේ සිටින බවයි.
 
එවිට ඇය පවසා සිටියේ බිරිය දැන් සිටින්නේ නිවසේ නොව යූනියන් පෙදෙසේ නිවසක පිහිටි සුඛෝපබෝගී නිවාස සංකීර්ණයක, නිවෙසක සිය පියා සමඟ බවයි. බිරියගේ ක්‍රියාකලාපය ඔහු හොඳින් දැන සිටියා. එහෙත්.... අසන්නට ලැබුණු දෙයින් ඔහුගේ සිත කීරි ගැහුණා.
 
අනතුරුව ඔහු සිය නිවසේ සිටින බිරියගේ මාමාට දුරකථන ඇමතුමක් දී ඇය සිටින්නේ දැයි විමසන්නේ ඇය නිවසේ සිටිනවා දැයි සිතමිනුයි. එහෙත් මාමා පැවසුවේ ඇය... නිවසේ නොමැති බවයි. ඒ බව ඇසූ ඔහුට දැණුනු, ලැජ්ජාව, තරහ කිව නොහැකි තරම් එකක් වුණා.
 
කාලයක සිට මේ අනියම් ඇසුර දැන සිටියත් ඔහුට ඒ පිළිබඳව දැඩි පියවරක් ගැනීමට හැකියාවක් තිබුණේ නැහැ. එහෙත්.... මහචාර්යවරයාගේ දියණිය ලබාදුන් තොරතුර අහක දැමිය නොහැකියි. ඔහුගේ සේවා ස්ථානයත්, මේ සුඛෝපබෝගී මහල් නිවාස සංකීර්ණයත් අතර එතරම් දුරක්ද තිබුණේ නැහැ. ඔහු... කාර්යාලයෙන් පිටව එම නිවාස සංකීර්ණය අසළට ගියේ තවදුරටත් ඉවසා සිටීම අපහසු නිසායි.
 
නිවාස සංකීර්ණයේ ඇතුල් වීමේ පිටවීමේ දොරටුව අසලට ගොස් ටික වෙලාවක් ගතවෙද්දි ඇය, තමා ඉදිරියට එන අයුරු ඔහු දුටුවා. හිස, බෙල්ල සහ මුහුණේ අඩක් වැසී යන ලෙස සෝල් එකකින් වසාගෙන සිටි ඇය මුස්ලිම් කතකගේ ස්වරූපය ගෙන තිබුණා.
 
ඇය ඉදිරියට ගිය ඔහු ඇයගේ අතින් අල්ලා, “මම ඕක නවත්තන්න කිව්වා නේද? මම කියන දෙයක් අහන්නෙම නැද්ද?“ ලෙසින් විමසන්න පටන් ගත්තා.
 
එවිට ඇය පවසා සිටියේ “නෑ මම මේක නවත්තන්නේ නැහැ. මම කරන්නේ මට ඕනි දේවල්..“
 
දෙදෙනා අතර ඇති වූ වච හුවමාරුව ඇසුණූ අවට ත්‍රීරෝද රථ රියදුරන් ඇතුළු කිහිප දෙනෙකු ඔවුන් අසළට ගොස් රණ්ඩුව බේරීමට යද්දි ඇය එතනින් ඉවත්ව ත්‍රිරෝද රථයකට ගොඩ වී යන්නට ගියා. ඔහුද යළි සිය කාර්යාලයට ගියේ කොම්පඤ්ඤවීදිය පොලීසියේ වරුවක් පැමිණිල්ලක් සටහන් කිරීමෙන් අනතුරුවයි.
 
එහෙත්... ඔහුගේ සිත කීකරු නැහැ. මීට වසර හයකට පරණ පෙරට සිට පැවත එන බිරියගේ අනියම් ඇසුර හේතුවෙන් තමන් විඳින මානසික වේදනාව කොපමණදැයි ඔහුට කල්පනා වුණා. ඇය තමාගෙන් දික්කසාද වීට නඩුවක් පවරා තිබුණා. දැන්... ඔහු ජීවත් වෙන්නේ වෙන නිවසකයි. එනම් බිරිය හා දරුවන් පදිංචිව සිටින නිවස ඉදිරිපිටින් පාරෙන් එපිට පිහිටි මිතුරෙකුට අයත් නිවසක කාමරයකයි. බිරියත් දරුවනුත් ඉදිකෙරෙමින් පවතින තමාගේ නිවසේ කල් ගෙවද්දි ඔහු මේ පාළු නිවසේ කාමරයේ කල් ගෙවන්නේ තනිවම දරු පවුල දැක දැකයි.
 
අද දෙකින් එකක් බේරා ගත යුතුය. එලෙස සිතූ ඔහු.. වරුවක් නිවාඩු ගෙන කාර්යාලයෙන් පිටවන්නේ තවදුරටත් ඉවසා සිටීමෙන් පලක් නොවන බව පසක් කර ගනිමුනියි.
 
කොම්පඤ්ඤවීදියේ පිහිටි කාර්යාලයෙන් පිටවූ ඔහු රාගම, කැන්දලියද්දපාලුව, මැද්දෙගොඩ පිහිටි නිවස වෙත ආවේ අතරමඟදී හමු වූ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැලකින් පිහියක් මිලදී ගෙනයි.
 
නිවසට පැමිණි ඔහු වටපිටාව කෙලෙසදැයි විපරම් කළා. පාසල නිමාවී නිවෙසට ආ දරු දෙදෙනා දිවා ආහාරය ගෙන අසල්වැසි නිවෙසකට ගොස් සෙල්ලම් කරමින් සිටින අයුරු පෙනේ. මාමාද එළියේ බංකුවේ නිදමින් සිටියි. ඇය තනිව නිවසේ නිදා සිටිනු ඇති.
 
එන ගමන් රැගෙන ආ රෝස් පාන් එකෙන් කොටසක් කා දැමූ ඔහු හැඳ සිටි ඇඳුම් උනා දමා කොට කලිසමක් හා ෂර්ට් එකක් හැඳ ගත්තා. පිහිය රැගෙන ඉනේ රුවා ගත් ඔහු සිය නිවෙස බලා පියවර තැබුවේ අද දෙකින් එකක් බේරගන්නවා යැයි පසක් කරගෙනයි.
 
නිවෙසට ඇතුළු වූ ඔහු ඉදිරිපස දොර ඇතුළතින් අගුළු දැම්මා. ඊළඟට ඔහු ඇයගේ නිදන කාමරයට ගියා. ඇය... මදුරුදැලද දමාගෙන නිදි යහනේ සුව නින්දකයි. ඊට පැය කිහිපයකට පෙර මහලු පෙම්වතාගෙන් ලද පහසේ අසිරිය විඳිමින් ඇය නිදනු ඇතැයි ඔහුට සිතුණා. මදුරු දැල පැත්තකට කළ ඔහු යහනට ගොඩවෙද්දි ඇය ඇහැරුණා. ඒ සමඟම ඔහු කළේ ඉනේ රුවාගෙන සිටි පිහිය ගෙන ඇගේ පපු ප්‍රදේශයට පහරක් ඇනීමයි.
 
එම පහරින් අඩපණ වූ නමුත් ඇය ජිවිතය රැක ගැනීම උදෙසා ඔහු හා සටන් කිරීමට පටන් ගත්තා. එහෙත්.... ඒ වන විට මාරාවේශ වී සිටි ඔහු ඇයගේ ගෙලට පිහිය තබා ඇද තව තවත් පහර එල්ල කළා. අනතුරුව ඔහුගේ පිහිය පිවිසියේ ඇයගේ ලිංග ප්‍රදේශයටයි. පිහිය තබා නාභිය තෙක් ඉහළට අදිද්දී ඇය ඇඳෙන් බිමට ඇද වැටුණේ ජිවිතයේ අවසන් තප්පරය ද පසු කර දමමිනුයි. ඒ සමඟම පිහිය මිටෙන් ගැලවී ඔහුගේ අතටද තුවාල සිදු වුණා.
 
නිවසින් පිට වූ ඔහු කෙළින්ම ගියේ රාගම පොලීසියටයි. අත කැපී ලේ ගලයි. සිරුරේ තැනින් තැන ලේ පැල්ලම්. පොලීසියට ගිය ඔහු පවසා සිටියේ පිහි පහර දී සිය බිරිඳ මරා දැමූ බවයි.
 
ඝාතනය සිදු වූ තැන් දැක අසා ගත් පොලීසිය ගිලන් රථයකින් ඇයව රෝහල්ගත කිරීමට කටයුතු කළා.
 
ලේල්වල ගමගේ චන්ද්‍රිකා දමයන්ති නම් වූ හෙදියගේ ඝාතනය පිළිබඳ විමර්ශන ඇරඹුනේ ඉන් අනතුරුවයි.
 
කාමරයේ ඇඳ අසල බිම තිබූ ඇයගේ සිරුර අඩ නිරුවත්ය. ගෙල ප්‍රදේශයෙන් මෙන්ම පපු ප්‍රදේශයෙන්ද රුධිරය ගලා එයි. දමයන්ති ඝාතනයේ ඉදිරි පරීක්ෂණ සඳහා අවශ්‍ය පියවර ගත් පොලීසිය අනතුරුව සැමියා ඇතුළු පාර්ශ්ව කිහිපයකින් කට උත්තර ලබා ගත්තා.
 
දමයන්තිගේ වයස අවුරුදු 36යි. අවුරුදු හැත්තෑ හතරක් වූ වෛද්‍ය මහාචාර්යවරයකු සමඟ පැවති අනියම් ඇසුර මෙම ඝාතනයට මුල් වූ බව දැනගත් විමර්ශන කණ්ඩායම සිය විමතිය පළ කළේ අද කාලේ තරුණ වයසේ පසුවන ගැහැනුන්ට මහල්ලන් කෙරෙහි සිත් පහළ වන්නේ කුමන හේතුවක් නිසා දැයි සිතාගත නොහැකිවයි.
 
විමර්ශනවලදී හෙළි වූ තොරතුරු අනුව දමයන්තිගේ උපන් ගම, මහනුවර දිස්ත්‍රික්කයේ මැණික්හින්නයි. ඇය කුඩා කල සිටම හෙදියක් වීමට කැමැත්තෙන් සිටි කෙනෙකු වුණා.
 
රජයේ හෙද සේවයට වරම් නොලැබුණත් පුද්ගලික රෝහලක සේවයට ඇය එක්වන්නේ මීට වසර දාහතකට පෙරයි.
 
ඇයට සහන් හමුවන්නේ රෝහල් සේවයේ යෙදී සිටියදීයි. එවකට ඔහු ද රැකියාව කළේ මෙම රෝහලෙයි. උපාධිධාරියකු වු පසු ඔහු රජයේ රක්ෂණ සමාගමක කළමානාකරුවකු ලෙස සේවයට එක් වූයේ ඉහළ තලයේ වැටුපක්ද ලබමින්.
 
පෙම්වතුන් බවට පත් වූ මේ දෙදෙනා විවාහ වුණා. ඉන් අනතුරව ඔවුන් කල් ගෙවන්නේ කුලී නිවාසයකයි. මේ අතර සහන්ගේ රහස් සම්බන්ධතා කිහිපයක්ද දමයන්තිට දැනගන්න ලැබෙනවා. ඉන් කුපිත වූ ඇය ඔහු හා සටනට පිවිසුණා. කල් ගත වෙද්දි ඔහු ඒ සියල්ල අතහැර දමා දමයන්තිට පමණක් ආදරය කරන විශ්වාසනීය සැමියකු බවට පත්වුණා.
 
ඔවුන්ගේ නිවසත් මේ අතර ඉදිවෙමින් පැවතුණා. සහන්ට ඇයගේ හැසිරීමේ වෙනසක් දකින්න ලැබුණේ ඔය අතරයි.
 
ඔහුට ඇය සේවය කරන රෝහලේ හිතවතුන් සිටිනවා. එබැවින් ඔහුට රෝහල් සේවයේ යෙදී සිටියදී සිය බිරිය හැසිරෙන්නේ කෙලෙස දැයි සොයා ගැනීම අපහසු වුණේ නැහැ.
 
“මචං, ඒකි අර නාකි ෆොපෙසර් එක්ක සෙට් වෙලා. ඌ... මේකට එන ලස්සන ගර්ල්ස්ලා සේරම අල්ලගන්නවා. මේකිත් අල්ලගෙන වගේ..“
 
එක් අයකු නොව කිහිප දෙනෙකුම මේ පිළිබඳ පැවසූ අවසානයේ එය සත්‍යයක්මයි සිතූ සහන් දමයන්තිගෙන් මේ පිළිබඳ ඇහුවා. නමුත් සිද්ධ වුණේ සහන්ගේ පෙර වැරදිද කියවමින් ඇය විසින් ඔහුට දොස් පැවරීමයි.
 
දිනෙන් දින තත්ත්වය බරපතල වූවා මිස සමථයකට පත් වුණේ නැහැ. ආරවුල් පවතින අතරෙත් සහන් සිය බිරිය ගැන විපරමින් හිටියා.
 
“මම දවසක් ඔය ඩොක්ටර්ට කිව්වා මේ සම්බන්ධය නවත්තලා අපිට පාඩුවේ ඉන්න දෙන්න කියලා. ඩොක්ටර් කිව්වා ඕගොල්ලොන්ගේ පවුල් ප්‍රශ්න ඕගොල්ලෝ බේරගන්න. මට කියන්න එන්න එපා කියලා. මම ඊට වඩා ඩොක්ටර් එක්ක කතාවට නොගියේ එයාට බලය, මුදල් හැමදේම තියෙන නිසා..“
 
“දමයන්ති මගෙන් ගොඩාක් ඈත්වුණා. සමහර දවස්වල වැඩට ගිහින් දවස් පහ හය ගෙදර ආවේ නෑ. ඒ වගේ එක පාරක් මම හොස්පිට්ල් එකට කෝල් කරලා ඇහුවම එයා දානේ ගෙදරක යනවා කියලා නිවාඩු දාලා ගියා කිව්වා. චෙක් කරලා බලද්දි ඩොක්ටර් රට ගිහින්. එයාපොර්ට් එකේ මගේ යාළුවෝ ඉන්නවා. එයාලට කියලා චෙක් කරද්දි දමයන්තියි, ඩොක්ටයි දෙන්නම එකම ෆ්ලයිට් එකේ රට ගිහින්...“
 
“ඔය විදිහට මේ දෙන්නා කැනඩාව, තායිලන්තය, සිංගප්පූරු වගේ රටවල ගිහින් තිබුණා. මම ඒ සේරම දේවල් හොයාගත්තා. එයාගේ පසුගිය බර්ත්ඩේ එකට මම එයාව එක්කන් ගිහින් හෑන්ඩ් බෑග් එකක් අරන් දුන්නා. ඊට පහුවෙනිදා එයාගේ බැංකු පොත චෙක් කරද්දි ඒකට රුපියල් හැත්තෑපන්දාහක් වැටිලා තිබුණා. ඒක ඩොක්ටර් එයාගේ බර්ත්ඩේ එකට දීපූ තෑග්ග. කොහොමත් සතියකට සැරයක් එයාගේ එකවුන්ට් එකට ලක්ෂ ගණනින් සල්ලි වැටෙනවා...“
 
ඔහු එලෙස සියල්ල හෙළි කළා.
 
ඒ දිනවලදී ඔහුට ගුවන් තොටුපළේ මිතුරන්ගෙන් තොරතුරක් ලැබුණා. ඒ ඇය ප්‍රොෆෙසර් සමඟ සිංගප්පූරු ගිය බව කියමින්. යළි පැමිණෙන වෙලාවද ඔවුන් සහන්ට දන්වා තිබුණා.
 
එදින ගුවන් තොටුපළට ගිය සහන්, සිය බිරිය මහචාර්යවරයා සමඟ ගුවන් යානයෙන් බැස යන අයුරු බලා සිටියේ කළ හැකි කිසිවක් නොමැතිවයි. ඒ යුවළ මෝටර් රථයකට නැඟී යන්නට යද්දි සහන් ගුවන් තොටුපළ පරිශ්‍රයෙන් පිටවූයේ පිස්සකු ලෙසයි.
 
සැමියා විසින් ඝාතනය කළ දමයන්තිගේ සිරුර භාර ගත්තේ ඇයගේ මව්පියන් විසිනුයි. අවසන් කටයුතු සඳහා දේහල මැණික්හින්න ප්‍රදේශයට රැගෙන ගිය අතර ඝාතනය සිදුවූ නිවස මේ වන විට වසා දමා තිබෙනවා. මනුෂ්‍ය ඝාතනයක් සිදුවූ බැවින් අවට පුද්ගලයින්ද බියෙන් පසුවන බවයි වාර්තා වන්නේ.
 
රාගම පොලීසියේ ස්ථානාධිපති පී.කේ. හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිස විමර්ශන සඳහා එක් වුණා.
 
-තක්ෂිලා ජයසේකර-
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  2,897 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  9,818 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  4,159 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,105 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,493 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  678 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  788 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,537 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  20,468 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  1,920 Downloads



Top 10 Commenters

Latest Comments

Top