Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
05
"නොකරපු වැරැද්දකට නිකරුනේ කතා හැදුවොත්, නොකළ දේට කතා හැදුවොත් ටිකක් හිත සසල වෙනවා..." - විනූ සිරිවර්ධන

- "නොකරපු වැරැද්දකට නිකරුනේ කතා හැදුවොත්, නොකළ දේට කතා හැදුවොත් ටිකක් හිත සසල වෙනවා..." - විනූ සිරිවර්ධනHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

22 Views
"කතා බහ කරලා විසඳාගන්න පුළුවන් මට්ටමට එනවද කියලා බලනවා..."

"විවාහයෙන් පසුව ඒ ගමන මොන විදියට වේවිද දන්නේ නැහැ..."

විනු සිරිවර්ධන මේ දින වල රූපවාහිනී තිරයෙන් හමු වන්නේ හිරු රූපවාහිනියෙ විකාශය වෙන ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නාට්‍ය සමගයි. ඊට අමතරව විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයින් හමුවට එන විනූ විවාහය හා අලුත් නිර්මාණ ගැන කතා කරන්නේ මෙහෙමයි
 
විනූ එහි අරුත ?
විශේෂ නුවණ.
 
එහෙම තියෙනවා කියලා හිතනවද?
මම හිතනවා ඉතින්. මේ තරම් දුරක් එන්න පුළුවන් වුණේ ඒ නිසා වෙන්නැති.
 
රඟපෑමට ආවෙ හැමෝම වගේ ලස්සනයි කියලා ඔබට කිව්ව නිසාද?
මිස් ශ්‍රී ලංකා වූ පසු තමයි ඒ අවස්ථාව ලැබුණෙ. ඒත් එක්කම ප්‍රවීණයින් එක්ක ආභාෂය ලබන්නට හැකි වුණා. එදා ඉඳලා හොඳ නිර්මාණ තෝරා බේරාගෙන රංගනයේ යෙදෙනවා.
 
රඟපෑමට ආවේ නැත්තම්?
උසස් පෙළ කළේ වාණිජ අංශයෙන්. බැංකු ක්ෂේත්‍රය ගැන තමයි හිතුවෙ. රඟපෑමට ආවේ නැත්නම් බැංකු ක්ෂේත්‍රයේ නිරත වේවි.
 
දැන් කල්පනාව රංගන ක්ෂේත්‍රයේ දිගමට රැඳී සිටින්නද?
හොඳ නිර්මාණ හරහා මගේ දායකත්වය ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ඒත් විවාහයෙන් පසුව ඒ ගමන මොන විදියට වේවිද දන්නේ නැහැ. විවාහයෙන් පසුව බොහෝ දුරට සිනමාවේ විතරක් නිරත වේවි.
 
සිනමා නළුවකු සමග ද දීග යන්න අදහස?
නැහැ නැහැ. එහෙම අදහසකින් නෙවෙයි කිව්වෙ. රංගනයට විතරක් කාර්ය බහුල වුණොත් පුද්ගලික ජීවිතයට තියෙන කාලය මදි වේවි. ප්‍රශ්න ඇති වන්නේ එවිටයි. එවිට පුද්ගලික ජීවිතය ගැටුම්කාරි වේවි. ඒ නිසා ඒ ස්වභාවයට මම කැමති නැහැ. ටෙලි නාට්‍ය සඳහා සෑහෙන කාලයක් වැය කරන්න සිද්ධ වෙනවා. චිත්‍රපටයකදී අපට නිශ්චිත නියමිත දින ගණනක් තියෙනවා. ඒ නිසයි මම එහෙම කිව්වෙ. පවුල් ජීවිතය කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්.
 
ඔහු කිව්වොත් රඟ පෑමට සමු දෙන්න කියලා.
එහෙම කියනවා නම් මගේ කැමැත්ත ගැනත් අහල බලලනෙ කියන්නේ. එයාගේ කැමැත්තට මම ඉඩ දෙනවා වගේම මගේ කැමැත්ත ගැනත් එයා හිතන්න ඕනෑ. එයාගේ ඉල්ලීම සාධාරණ නම් ඒකට ඉඩ දීලා බලනවා. විවාහ ජීවිතය කියන්නේ සතුටින් සාර්ථකව පවුල් ජීවිතය ගත කිරීමයි.
 
අද දවසේ ඔබගේ ජීවිතයේ අලූත් විස්තර මොනවද?
රංගනයට අමතරව විලාසිතා පැත්තෙන් දෙයක් කරන්න ඕනෑය කියන අදහස එදා ඉඳලාම තිබුණු දෙයක්.
 
ඔබ විසින්ම නිර්මාණය කරන විලාසිතා ද?
ඔව්. බොහෝ දුරට උත්සව වලදී පවා මම අඳින්නෙ මා විසින්ම නිර්මාණය කර ගත් විලාසිතා.
 
ඒ කියන්නේ විනූ  ඩිසයින්ස් ළඟදීම කරළියට ඒවි?
එහෙම තමා හිතන්නේ.
 
එයින් ජාත්‍යන්තරයට යන්න ද කල්පනාව?
මුලින්ම ලංකාවට ඒවා ඉල්ලූමක් තියෙනවාද බලනවා. ඊට පස්සේ ඒ ගැන හිත්නන බැරියැ.
 
විනූ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ හරි පරිස්සමින් කියලා යාළුවෝ කියනවා. ඒ කතාව ඇත්තද?
මගෙන් ප්‍රශ්න අහලා මාව අමාරුවෙ දාන්න කාටත් ටිකක් අමාරුවෙයි.
 
විනූ විනු ගැන ආඩම්බර වෙන්නේ?
මගේ පවුලේ අයට මාව ආඩම්බරයක් ලෙස දැනෙනකොට මගේ අම්මට තාත්තට දියණියක් ලෙස මා ගැන ආඩම්බරයක් ඇති වන විට මට දැනෙන්නෙත් ආඩම්බරකමක්. ඒ වගේම ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගෙන් හොඳ අහද්දී මට ලොකු සතුටක් ඇති වෙන්නේ?
 
විනූට තරහා යන්නේ?
නොකරපු වැරැද්දකට නිකරුනේ කතා හැදුවොත්, නොකළ දේට කතා හැදුවොත් ටිකක් හිත සසල වෙනවා.
 
ඒ වගේ වෙලාවට කේන්ති ගියාම මොනවද කරන්නේ.
කතා බහ කරලා විසඳාගන්න පුළුවන් මට්ටමට එනවද කියලා බලනවා. එහෙම නැත්නම් නිහඬ වෙලා මගේ පාඩුවෙ මම ඉන්නවා.
 
චිත්‍ර අඳින්න හරිම දක්ෂලූ නේද?
ඔව්. එම අංශයෙන් සමස්ත ලංකා තරගවලදී ජයග්‍රහණ පවා ලබා තිබෙනවා.
අදටත් විවේකයක් ලැබුණම චිත්‍ර අඳිනවා. ඒ හැකියාව වර්ධනය කරගන්න මම ආසයි.
 
සඳුන් ගමගේ
ලංකාදීප



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top