Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
05
"මමත් පුංචි කාලේ මගේ අම්මගේ ලස්සන දැකලා මට ලස්සන අම්මා කෙනෙක් ඉන්නවා කියලා ආඩම්බර වුණා. .." - ගයත්‍රී ඩයස්

- "මමත් පුංචි කාලේ මගේ අම්මගේ ලස්සන දැකලා මට ලස්සන අම්මා කෙනෙක් ඉන්නවා කියලා ආඩම්බර වුණා. .." - ගයත්‍රී ඩයස්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,267 Views
"එහෙම වුණොත් වෙන්නේ අපේ මුළු ගමනම ආපස්සට යන එක.."

"ඒ  දුගඳ වෙන කෙනෙකුට දැනුනොත් එය අප්‍රසන්න නිසා මම එයට කැමති නැහැ..."

වයසට යෑම නතර කළාක් මෙන් ඇය තරුණය. දින දින සුන්දර වන ඇය වයස අවුරුදු 20ක දියණියකගේ මවක් බව බොහෝ දෙනෙක් විශ්වාස නොකරති. සිනමාවත් රූපවාහිනියත් එක ලෙස ජයගනිමින් තමාටම ආවේණික වූ රංගන ශෛලියකින් ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබන ඇය ගයත්‍රි ඩයස් ය.

සුන්දර නිළියක් හැකියාවෙන් පරිපූර්ණ රංගන ශිල්පිනියක්, දක්‍ෂ රූපලාවන්‍ය ශිල්පිනියක් ලෙසින් වෘත්තීමය දක්‍ෂතා රැසකින් පරිපූර්ණ ඇය සුන්දර කාන්තාවකි. සෙනෙහෙබර මවකි. මේ ඇය ගැනයි

ලස්සනට ඉන්න රහස මොකක්ද?
ලස්සන වීමේ රහස තමයි හැකි හැම වෙලාවේම සතුටින් හිනාවෙලා ඉන්න එක. අපි හැමෝම කැමතියි. ‘ ලස්සනයි’ කියලා අහන්න. සුන්දර බව නිරතුරුවම අගය කරනවා. කෙනෙක් අපිරිසිදුව, අපිළිවෙළට ඉන්නවා නම් ‘එයා කැතයි, මහතයි, අපිරිසිදුයි’ කියා හංවඩු ගැහෙනවා. ඒනිසා කාන්තාවක් ලෙසත්, රූපලාවන්‍ය ශිල්පිනියක් ලෙසත් ආදරණීය මවක් ලෙසත් සුන්දරව, පිරිසිදුව, ප්‍රියමනාප කෙනෙක් විදිහට ජීවත් වෙන්න මම හරිම කැමතියි.”

ලස්සන, කාන්තාවකට කොච්චර වැදගත් ද?
මට නම් ඒක වචනයෙන් විස්තර කරන්න බැහැ. ඒ තරමටම කාන්තාවකට ලස්සන වැදගත්. මේ ලෝකයේ සෑම කාන්තාවකටම ආවේණික ස්වරූපයක් තිබෙනවා. තමාට උපතින් ලැබුණු ලස්සන පවත්වා ගැනීමට කාන්තාවක් විදිහට නිරතුරුවම උත්සාහ ගත යුතුයි.

ඇත්තටම කාන්තාවකගේ ලස්සන කියා මා දකින්නේ පිරිසිදුකම. මොනතරම් ලස්සන වුණත් අපිරිසිදුව ඉන්න කාන්තාවකට කවුරුත් කැමති නැහැ.
 
දෛනිකව ලස්සනට ඉන්න ඔබ මොකද කරන්නේ?
හැමදාම හොඳට හිසකෙස් ෂැම්පු කරලා හොඳට නාන එක මම පුරුද්දක් විදිහට කරනවාමයි. ඊට අමතරව එළියට ගිහින් ගෙදරට ඇවිත් ඇඳුම් මාරු කරලා හොඳින් ශරීරය පිරිසිදු කරනවා. රාත්‍රි නින්දට පෙර අනිවාර්යයෙන්ම සමට ගැළපෙන බොඩි ලෝෂන් එකක් යොදා සම පිරිසිදු කරනවාමයි. රාත්‍රියේ දී මුහුණට ගැළපෙන ආලේපනයක් ගල්වනවා. එය උසස් තත්ත්වයේ ආනයනික ක්‍රීම් එකක්.

ඊට අමතරව සෑම දිනකම උදෑසන අවදි වූ වෙලාවේ ඉඳලා රාත්‍රි නින්දට යනකම් වතුර ලීටර් 3x4ක් විතර මම බොනවාමයි. මගේ ඇඟ ටිකක් ගොරෝසු නිසා මම හිතලම ගොඩක් වතුර බොනවා. එය නිරෝගිකම ආරක්‍ෂා කර ගන්න වගේම සමේ තෙතමනය ආරක්‍ෂා කර ගැනීමටත් ඉතාම වැදගත්.

සැලොන් එකක් කළත් මට මාසයකට වරක්වත් පේෂල් එකක්වත් අනිවාර්යයෙන්ම කරන්න පුරුදු වෙලා නැහැ. හැබැයි සතියකට වරක් ගැළපෙන ස්ක්‍රබ් එකක් නම් යොදනවා. මම හරිම ආසයි කකුල් දෙකයි අත්දෙකයි ලස්සනට තියා ගන්න. කකුල් යටි පතුල් හොඳින් පිරිසිදු කිරීමටත් දෙඅත් ලස්සනට තියා ගන්නත් මෙනිකිව් එකක් පෙඩිකිව් එකක් නම් සතියකට වරක් කර ගන්නවා. ඒ වගේම ඇසට නිතර ගැටෙන පාදවලත් අත්වලත් නිය ආලේපන ගල්වනවා. මම හරිම ආසයි පාට පාට නිය ආලේපනවලට.

තව මම හැමදාම ශරීරය පිරිසිදු කිරීමෙන් පසුව සමට හිතකර ඩියුඞ්රන් එකක් පාවිච්චි කරනවා. දහඩිය දුගඳ වෙන කෙනෙකුට දැනුනොත් එය අප්‍රසන්න නිසා මම එයට කැමති නැහැ. ඊට අමතරව හොඳ සෞම්‍ය සුවඳක් තිබෙන පර්ෆියුම් එකකුත් පාවිච්චි කරන්න පුරුදු වෙලා ඉන්නවා.

ශරීරයේ හැඩයත් මුහුණේ සුන්දරත්වයත් රැක ගන්න මම දෛනික ජීවන රටාවේ දී ව්‍යායාමවලට වැඩි ඉඩක් වෙන් කරනවා. සාමාන්‍යයෙන් ජිම් එකකට ගිහින් ව්‍යායාම කිරීමට මම පුරුදු වෙලා ඉන්නවා. දිනකට පැය එකහමාරක් විතර ව්‍යායාමවල නිරත වීමෙන් ඇඟට ලොකු වෙහෙසක් දැනෙනවා. ජිම් එකට යන්න බැරි වුණ දවසට සවසට දුවත් එක්ක ඇවිදින්න යනවා.

කෑම බීම ගැන නම් ලොකුවට පරිසම් නොවුණත් එළවළු, පළතුරු, පලා වර්ග හා පළතුරු ජූස් වගේ දේවල් නිතර භාවිත කරනවා.

කාන්තාවකට සුන්දරත්වය ආභරණයක් නිසා මම ඒ ආභරණය රැක ගන්න ඇත්තටම වෙහෙසෙනවා.
 
ඔබ රංගන වෘත්තියෙහි රැඳෙන්නේ ලස්සන නිසාමද?
බාහිර ලස්සන සියයට පනහකුයි, දක්‍ෂතාවය, රංගන හැකියාව, කැපවීම උනන්දුව යන සියල්ලෙහි එකතුව සියයට පනහයි එකතු වෙලා වෘත්තියෙන් දක්‍ෂ රංගන ශිල්පිනියක් ලෙසට ගයාත්‍රි ඩයස් නිර්මාණය වී ඇති බව මම විශ්වාස කරනවා.

කාන්තාවක් ලස්සන වීම පමණක් ප්‍රමාණවත් ද?
ලස්සන වීම කාන්තාවකට ආභරණයක්. ඒත් එක්කම පිරිසිදුබව, උගත්කම, බුද්ධිමත් බව, කතා කරන විලාසය, පෞර්ෂත්වයත් කාන්තාවකට ඉතාම වැදගත්. කොච්චර ලස්සන වුණත් වැඩක් නැහැ කාන්තාවක් බුද්ධිමත් නැත්නම්, තැනට සුදුසු නුවණක් නැත්නම්.

ලෝකයේ ලස්සනම කාන්තාව ලෙසට ඔබ කැමතිම කාට ද?
ඩයනා කුමරියට. ලෝකයේ ගොඩක් ලස්සන අය හිටියත් මම ඩයනාගේ නැචුරල් බියුටි එකට හරිම කැමතියි.
 
ඔබත් ස්වභාවික සුන්දරත්වයට ගොඩක් කැමති කෙනෙක්ද?
ඔව්, මම කොහොමත් ලොකුවට මේකප් කරන්න කැමති නැහැ. එළියට යනකොට මම මස්කාරයි, ලිප්ස්ටිකුයි විතරයි ගාන්න කැමති.
 
මවක් විදියට ඔබ ලස්සනට ඉන්නවාට දුවගෙන් ලැබෙන ප්‍රතිචාරය කොහොමද?
හරිම ඉහළයි. මම ලස්සනට ඉන්න එක ගැන දුව හරිම ආඩම්බරයි. මමත් පුංචි කාලේ මගේ අම්මගේ ලස්සන දැකලා මට ලස්සන අම්මා කෙනෙක් ඉන්නවා කියලා ආඩම්බර වුණා. ඒ ෆීලින් එක වචනයෙන් විස්තර කරන්න බැහැ. හරිම සුන්දර, ආදරණීය, ආඩම්බරයක්.

විලාසිතා කිරීමේ දී ඔබ සැලකිලිමත් ද?
ඔව් මම ඉන්න සමාජ තලය දරුවන් සිටින මවක් බව මෙන්ම ශරීරයේ හැඩයට ගැළපෙන විලාසිතා තෝරා ගන්න මම ගොඩක් කැමතියි.

රූපලාවන්‍ය ශිල්පිනියක් විදියට තවත් කාන්තාවක් හැඩ ගැන්වීමේ දී හිතට ඊර්ෂ්‍යාවක් දැනෙන්නේ නැද්ද?
කවදාවත් නැහැ. මට වඩා ලස්සන කෙනෙක් ආවත් මා ළඟට එන කෙනාව ලස්සන කරන එක මගේ වෘත්තිය. එය හරිම සතුටින් කරන දෙයක්. මම සපයන සේවාව මතයි මාගෙන් සේවාවන් ලබා ගැනීමට සැලොන් එකට එන්නේ. රූපලාවන්‍ය ශිල්පිනියක් ළඟ පාරිභෝගිකයකු නිරතුරුවම රැඳෙන්නේ ඔවුන්ට ඉහළ සේවාවක් ලැබෙනවා නම් පමණයි.

ඇඟට වඩාත් ගැලපෙන ඇදුම්...
ම්... සාරියට ගොඩක් ලස්සනයි කියලා කියනවා. ගවුමත් ඇෙඟ් හැඩයට ගැලපෙනවා. ස්කර්ට් එකත් ලස්සනයි.

ඔබට ආදරය කරන බොහෝ පිරිසකට ලස්සනට ඉන්න දෙන්න පුළුවන් පුංචි රහස් ටිකක් කියන්න.

අංක එක පිරිසිදුව ඉන්න. අංක දෙක හිත සතුටින් ඉන්න. අපි හැමෝම මැරෙනවා කියලා හිතලා මේ මොහොතේ සතුටින් ඉන්න උත්සාහ ගන්න. වෛරය, ක්‍රෝධය, තරහාව, ඊර්ෂ්‍යාව, හිතින් ඈත් කරලා ඉන්න පුළුවන් නම් ඒක සුන්දර බව රැක ගන්න පහසුම දෙයක්. ප්‍රශ්න ගැටලූ කියන දේ අපේ ජීවිතයට ඕනෑම වේලාවක එන්න පුළුවන්. හැමදේටම මුහුණ දෙන්න ආත්ම ශක්තියක් ගොඩනගා ගන්න ඕනේ. අපි හැමෝම ජීවත් වෙනවා කියන්නේ රේස් එකක් යනවා වාගේ දෙයක්. රේස් එකෙන් දිනන්න නම් අපි ඉස්සරහට යන්නම ඕනේ. ඉස්සරහට තිබ්බ කකුලක් පස්සට ගත්තොත් වෙන්නේ, අපේ මුළු ගමනම ආපස්සට යෑම. ජීවිතය ගැන අවබෝධයෙන් ජීවත්වීම හරිම වැදගත්.
 
අසුන්තා එදිරිසූරිය




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  578 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  2,104 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  902 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  333 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,094 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  653,108 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  242,820 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,339,913 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,553,992 Downloads

Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  5,385 Downloads



Top 10 Commenters

Latest Comments

Top