Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
05
ලොවම මවිත කරමින් පාප්වහන්සේ පළමුවරට අබුඩාබියට වැඩම කරයි - Photos

- ලොවම මවිත කරමින් පාප්වහන්සේ පළමුවරට අබුඩාබියට වැඩම කරයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,709 Views
අරාබි අර්ධද්වීපයේ සංචාරයක නිරත වූ පළමු පාප් වහන්සේ බවට පත් වෙමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පියතුමන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පැමිණ සිටිනවා.
 
අබු ඩාබි ගුවන් තොටුපොළට පැමිණි පාප් වහන්සේ පිළිගනු ලැබුවේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඔටුන්න හිමි කුමරු ෂෙයික් මොහොමඩ් බින් සයෙඩ් අල්-නායන් විසිනුයි.
 
ශුද්ධෝත්තම පියතුමන් එහිදී අන්තර්ආගමික සමුළුවකට සහභාගි වීමට නියමිත අතර, අද (පෙබරවාරි 05) බැතිමතුන් 120,000ක් පමණ සහභාගි වනු අතැයි අපේක්ෂා කරන දේව මෙහෙයක් පැවැත්වීමට ද නියමිතයි.
 
වතිකානයෙන් පිටත් වීමට පෙර, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද මැදිහත් වී සිටින යේමනයේ යුද්ධය සම්බන්ධයෙන් ශුද්ධෝත්තම පියතුමා අදහස් පළ කළා.

"දීර්ඝ කාලයක් තිස්සේ පවතින ගැටුම් නිසා යේමනයේ ජනතාව වෙහෙසට පත්ව සිටිනවා. දරුවන් විශාල පිරිසක් කුසගින්නෙන් පෙළෙනවා, ඒත් එහි ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථානවලට ළඟා වෙන්න බැහැ,"
 
"මේ දරුවන්ගේ සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ විලාප හඬ දෙවියන් වහන්සේටත් ඇසෙනවා."
 
සිය එක්සත් අරාබි එමීර් රාජ්‍ය සංචාරය අතරතුර මෙම අර්බුදය සම්බන්ධයෙන් උන්වහන්සේ ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව හඬක් නගනු ඇද්දැයි මෙතෙක් තහවුරු වී නැහැ. යේමනයේ පවතින ගැටුම්වලට සෞදි අරාබි මිත්‍ර රටක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය සම්බන්ධ වී සිටිනවා.
 
එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ රෝමානු කතෝලික බැතිමතුන් මිලියනයක් පමණ වාසය කරනවා. ඔවුන්ගෙන් බහුතරය පිලිපීනයෙන් හෝ ඉන්දියාවෙන් පැමිණි අයයි.
 
අද පැවැත්වෙන දේව මෙහෙයට සහභාගි වීම සඳහා අවසර පත් ලබා ගැනීමට ජනතාව පෝලිම්වල රැඳී සිටින බව වාර්තා විය. එක්සත් අරාබි එමීර් වැසියෙකු ඒඑෆ්පී සේවයට පවසා ඇත්තේ, ශුද්ධෝත්තම පියතුමන්ගේ සංචාරය තුළින් "ලෝකයට අවශ්‍යව ඇති ඉවසීම සම්බන්ධයෙන් සංවාදයක් ගොඩ නැගීමට දොරටු විවර වන" බවයි.
 
පසුගිය බ්‍රහස්පතින්දා වීඩියෝවක් මගින් පාප් වහන්සේ පැවසුවේ, "දෙවියන් වහන්සේ ගැන විශ්වාසය තැබීමෙන් එක්සත්භාවය ඇති වෙනවා, බෙදීමක් ඇති වෙන්නේ නැහැ. ඈත් වීම වෙනුවට ළං වීම සිදුවෙනවා. එය අප එදිරිවාදිකම් සහ අප්‍රසන්නභාවයෙන් ඈත් කරනවා," යනුවෙනුයි.
 
එක්සත් අරාබි එමීර් රාජ්‍යය "සහජීවනයේ, මානව සහෝදරත්වයේ ආදර්ශයක් බවට පත්වෙමින් සිටින අතර, විවිධ ශිෂ්ටාචාර සහ සංස්කෘතීන් හමුවන ස්ථානයක් බවට ද පත්ව ඇති" බව ද ශුද්ධෝත්තම පියතුමන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින් පැවසුවා.
 
අබු ඩාබි සංචාරය අතරතුරදී ශුද්ධෝත්තම පියතුමන් සුන්නි මුස්ලිම්වරුන්ගේ උසස් ම දේවස්ථානය ලෙස සැලකෙන කයිරෝහි අල්-අස්හර් දේවස්ථානයේ ප්‍රධාන ඉමාම්වරයා වන ෂෙයික් අහමඩ් අල්-තයෙබ් හමුවීමට ද නියමිතයි.
 
අබු ඩාබිහි සිටින බීබීසී අරාබි සේවයේ වාර්තාකරු මුරාද් ෂිෂානි පවසන්නේ, ශුද්ධෝත්තම පියතුමන්ගේ සංචාරය හරහා සෞදි අරාබිය ඇතුළු රටවල මුස්ලිම් නොවන වැසියන්ට සිය ආගමික කටයුතුවල නිරත වීම සඳහා පවතින තහනම් කිරීම් සහ දේවස්ථාන ඉදි කිරීම් සම්බන්ධයෙන් වන සීමා ලිහිල් කර ගැනීමට හැකි වනු අතැයි වතිකානය අපේක්ෂා කරන බවයි.
 
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන කතෝලික ප්‍රජාව වෙනුවෙන් ශක්තිමත් දේව සභාවක් පිහිටුවීමට අවශ්‍ය බව වතිකාන බලධාරීන්ගේ ස්ථාවරය වී තිබෙනවා.
 
"අපි ගොඩක් ව්‍යාප්ත වෙලා ඉන්නේ. අපිට තවත් දේවස්ථාන අවශ්‍යයි. අපිට තවත් දේව සේවකයින් අවශ්‍යයි," වතිකානු බලධාරියෙකු රොයිටර් පුවත් සේවයට පවසා තිබුණා.
 
ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධානතම අරමුණ වූයේ, ජෝශප් වාස් මුනිතුමන් ශ්‍රී ලංකාවේ පළමු ශාන්තුවරයා ලෙස ඔසවා තැබීමයි.
 
යුද සමයේදී පවා මන්නාරම මඩු දේවස්ථානයට පැමිණි උතුරේත් දකුණේත් ජනතාව ජාති භේද ආගම් භේද අතහැර සහෝදරත්වයෙන් යුතුව ජීවත් වූවා සේ ම යුද්ධයේ කටුක බව අමතක කොට එකිනෙකාට සමාව දෙමින් සමස්ත ශ්‍රී ලංකා වාසීන් සහෝදරත්වය පෙරදැරි කරගෙන ජීවත් විය යුතුව ඇතැයි ෆ්‍රැන්සිස් පාප්වහන්සේ මන්නාරම මරුද මඩු දේවස්ථානයේ පවැත්වූ විශේෂ දේවමෙහෙයෙන් පසුව ජනතාවගෙන් ඉල්ලා සිටියා.
 
-බීබීසී සිංහල-


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  580 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  2,121 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  903 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  335 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,094 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  653,120 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  242,820 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,339,944 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,554,020 Downloads

Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  5,385 Downloads



Top 10 Commenters

Latest Comments

Top