Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
04
"සියල්ලන්වම නොමඟ යැවූ මවගේ රඟපෑම් ඉවරයි....අම්මාගේ කැරුට්ටුව එළියට" පුත්තලම දැරිය ඝාතනය කර, කලා ඔයට දැමූ හැටි මව පොලිසියේදී සියල්ල වමාරයි - Video

- "සියල්ලන්වම නොමඟ යැවූ මවගේ රඟපෑම් ඉවරයි....අම්මාගේ කැරුට්ටුව එළියට" පුත්තලම දැරිය ඝාතනය කර, කලා ඔයට දැමූ හැටි මව පොලිසියේදී සියල්ල වමාරයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

44,688 Views
දැරියට පයින් පහරදීලා..
සිහිසුන්වූ දැරිය කලාඔයට ගිහින් දාලා..

පුත්තලම සාලියවැව ප්‍රදේශයේදී අවුරුදු 3 හමාරක් වයසැති දියණියට පහරදී කලා ඔයට දැමූ බවට පාපොච්චාරණය කළ මව අද පුත්තලම අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු පැය 24ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබෙනවා.

මේ අතර අතුරුදන් වූ දැරිය සෙවීමේ මෙහෙයුම් අද හයවැනි දිනටත් ක්‍රියාත්මකයි.

අතුරුදන්වී සිටින වයස අවුරුදු 3 හමාරක් වූ සෙනොරි නිශාරා දැරියගේ මව පොලිසියට පාපොච්චාරණය කර ඇත්තේ පසුගිය 29 වැනිදා පෙරවරුවේ තමන් දැරියට පා පහරක් එල්ල කිරීම හේතුවෙන් ඇය සිහිසුන්ව ඇද වැටුණු බවයි.

දියණිය තමන්ට වඩා මිත්තණියට ආදරය කරන බව පැවසීමෙන් සිතෙහි හටගත් කෝපය හේතුවෙන් එලෙස පහරදුන් බව ඇය පවසා තිබෙනවා.

මව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ සිහිසුන්වූ දැරිය ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට උත්සාහ කළද එය අසාර්ථක වීම හේතුවෙන් කලා ඔයට ගෙනගොස් දැමූ බවයි.

අදාළ පාපොච්චාරණය හේතුවෙන් සාලියවැව පොලිසිය මගින් සැකකාර මව ඊයේ අත්අඩංගුවට  ගත් අතර අද පස්වරුවේ පුත්තලම අතිරේක මහේස්ත්‍රාත් ලහිරු එන්. සිල්වා මහතා හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.  

දැරිය මෙතෙක් හමු නොවීම හේතුවෙන් සාලියවැව පොලිසිය ඉල්ලා ඇත්තේ සැකකාර මව රඳවාගෙන ප්‍රශ්න කිරීමට පැය 48 ක කාලයක් ලබාදෙන ලෙසයි.

කෙසේ වුවත් පුත්තලම අතිරේක මහේස්ත්‍රාත් ලහිරු එන් ද සිල්වා මහතා සැකකාර මවගෙන් පැය 24 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී ඇති අතර,  හෙට පස්වරු 4 දක්වා ඒ සඳහා කල් ලබා දී තිබෙනවා.

සාලියවැව පොලිසිය සඳහන් කළේ දැරියගේ මව මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමටද තීරණය කර ඇති බවයි.

අතුරුදන්වූ දැරිය සොයා අද 6 වැනි දිනටත් විල්පත්තු වනෝද්‍යානය සහ කලාඔය ආශ්‍රිතව මෙහෙයුම් කටයුතු සිදු වන අතර විශේෂ කාර්ය බලකාය සහ නාවික හමුදා කිමිදුම්කරුවන් ඒ සඳහා එක්ව සිටිනවා.

මේ වනතුරුත් දැරිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනාවරණ වී නැහැ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,300 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  36,159 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  33,355 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,027 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,192 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,050 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  42,954 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,693 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,662 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  9,802 Downloads



Top 10 Commenters

Latest Comments

Top