Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
04
"සිතුවම් ඇඳීමට ආසාවක් ඇතිවුණේ අන්තර්ජාලය සහ මුහුණු පොත නිසයි" - මුහුණු පොතෙන් උපන් චිත්‍ර ශිල්පිණිය "ප්‍රශාන්තා" - Photos

- "සිතුවම් ඇඳීමට ආසාවක් ඇතිවුණේ අන්තර්ජාලය සහ මුහුණු පොත නිසයි" - මුහුණු පොතෙන් උපන් චිත්‍ර ශිල්පිණිය "ප්‍රශාන්තා" - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,836 Views
මම චිත්‍ර කලාව පාසල් විෂයක් ලෙස හැදෑරූ කෙනෙක් නෙවෙයි...
වෙදකමත්, සිතුවම් කලාවත් කරන ගමන්ම සංගීතයත් හදාරනවා..

චිත්‍ර කලාව කියන්නේ හිත සුවපත් කරන අපුරූ කලාවක් කිවහොත් වැරදි නැහැ.. චිත්‍ර කලාව ගොඩක් දෙනෙක්ට පුළුවන් වුණත් නිර්මාශිලී විදියට පැන්සලෙන් පින්සලෙන් ලස්සනට සිතුවම් රටා මවන්න හැමෝටම බැහැ.. උපතින්ම ගෙනා ඒ අපූරු හැකියාව විවිධ ක්ෂේත්‍ර ඔස්සේ නව මඟකට ගෙන ගිය තරුණියෙක් ගැනයි මේ..

වත්මන් මිනිස්සු අන්තර්ජාලයේ සැරිසරමින් නූතන ලෝකයේ සිදුවන දෑ ගවේෂණය කරන්නටත් අලුත් තොරතුරු සොයා බලන්නටත් වෙහෙසෙනවා.
ඇතැමෙක් අන්තර්ජාලය අනිසි ලෙස භාවිතා කරමින් ජීවිත අවුල් කර ගනිද්දී තවත් සමහරු අන්තර්ජාලයෙන් ජීවිත ආලෝක කරගනිති. මුහුණු පොතද එසේමය. හොඳට නරකට දෙකටම භාවිතා කරති. උපතින් ගෙනා අපූරු හැකියාව අන්තර්ජාලයඔස්සේ වැඩිදියුණු කරගෙන නවමු සිතුවමකරණයට යොමු වූ  ප්‍රශාන්තා විශ්වදර්ශනී වන්නිනායක අද වන විට දක්ෂ චිත්‍ර ශිල්පිනියක් වනවා.

"මම කුඩා කාලයේදී චිත්‍ර කලාව පාසල් විෂයක් ලෙස හැදෑරූ කෙනෙක් නෙවෙයි. සිතුවම් ඇඳීමට ආසාවක් ඇතිවුණේ අන්තර්ජාලය සහ මුහුණු පොත නිසයි. මුහුණු පොතට එක්කරන සිතුවම් දැකීමත් අන්තර්ජාලයෙන් සිතුවම් කරණය පිළිබඳව ලබාගත් දැනුමෙන් මුල්කාලයේ රේඛාමය චිත්‍ර ඇඳීමට පුරුදු වී පසුව ස්වෝත්සාහයෙන් මගේ හැකියාව ඔප් නංවා ගත්තා. ඒ වගේම මුහුණු පොත හරහා හඳුනාගත් අරුණ සන්දරගේ හා උචිත් කුමානායක, කලාශූරී කිවිපති, හත්පෝරුවේ චන්ද්‍ර රතන හිමි හා නීතිඥ ජගත් ගුණවර්ධන යන සිතුවම් කලාවට දක්ෂයන් මගේ ගමනට අත දුන්නා."

"මම සිතුවම් ඇඳීමට යොමුවූයේ මෑත කාලයේ වුවත් ගායන හැකියාව කුඩාකල සිටම තිබුණා. පූජ්‍ය හත්පෝරුවේ චන්‍ද්‍රරතන හිමි මාගේ ගායන හැකියාව දැක ගීතයක් රූප රචනයක් සමග එළිදැක්වීමට අවස්ථාව සලසා දුන්නා. එම ගීතයේ තනුව නිර්මාණය කළේ එච්. එම්. ජයවර්ධනයන්. ගීත රචනය හා රූප රචනය හත්පෝරුවේ හිමියන්ගේ."

කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ ජීව විද්‍යා අංශයෙන් 2015 වසරේදී උසස් පෙළ අවසන්කළ ප්‍රශාන්තා 2006 වසරේදී රාජ්‍ය පාසල් ළමා නාට්‍ය තරගාවලියේදී සමස්තලංකා ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කර තිබෙනවා. තවද ගායනය, සිතුවම් ඇදීම වගේම පාපන්දු ක්‍රීඩිකාවක ලෙසත් ප්‍රශාන්තා කැපී පෙනෙන දක්ෂතා දැක් වූ චරිතයක්.

"2007 වසරේදී පාසලේ පාපන්දු කණ්ඩායමේ දැල් රකින්නිය වූයේ මමයි. 2007 සිට 2015 දක්වා පාසල් පාපන්දු කණ්ඩායම නියෝජනය කළා. 2009, 2010 වසරවල පාසලේ දැල්පන්දු කණ්ඩායමේ සාමාජිකාවක් වුවා. මේ සෑම අවස්ථාවකදීම සමස්ථලංකා ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කළා. පාසල් සංගීත කණ්ඩායමේ සහ නාට්‍ය කණ්ඩායමේ සාමාජිකාවක් ලෙස කටයුතු කර සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කළා. ප්‍රශාන්තා කෙටිකලකදී සිතුවම්කරණයට යොමු වී කිහිප අවස්ථාවකදීම ඇගයීමට ලක්වූවාය."

"පිකාසෝ ආර්ට් කන්ටෙස්ට්‘ සම්මානය සහ රාජ්‍ය චිත්‍ර මූර්ති 2018 ආලේඛ්‍ය චිත්‍ර තරගයෙන් මාගේ චිත්‍රයකට විශිෂ්ට සම්මානය ලැබුණා. 2017වසරේදි ජේ. ඩී පෙරේරා කලාගාරයේදි ‘සිත්තරකුගේ පාරාදීසය‘ මගින් කළ සිතුවම් දැක්ම සහ මාතර පැරැණි ඕලන්ද මධ්‍යස්ථානයේ දී පැරැණි සිත්තරුන් 80ක් සමග පැවැත්වූ චිත්‍ර ප්‍රදර්ශනයත්, ‘මායම් නැති සායම් ‘ චිත්‍ර ප්‍රදර්ශනය ඇතුළු චිත්‍ර ප්‍රදර්ශන ගණනාවකම මේ වනවිට මාගේ නිර්මාණ ඉදිරිපත් කර තිබෙනවා". කැලණිය ආයුර්වේද විෂ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන ප්‍රශාන්තා දැනට වෙදකමත්, සිතුවම් කලාවත් කරන ගමන්ම ඉන්දික ප්‍රගීත් මහතා යටතේ සංගීතය හදාරයි.

“මේතාක් පැමිණි ගමන්මගට උරදුන් මව ගිරේෂා ගයත්‍රි සේනානායක සහ පියා හේරත් වන්නිනායකයක , කැලණිය ආයුර්වේද විෂ වෛද්‍ය විද්‍යාලයේ ආචාර්යවරු ඇතුළු සියලු දෙනාටම ස්තූතියි ලබාදෙන සහයෝගයට. මගේ අනාගත බලාපොරොත්තුව සිතුවම්කරණය මෙන්ම දේශීය වෛදකම ඉදිරියටත් කරගෙන යෑමයි.

-නයනා වෑත්තෑව-
(සිළුමිණ පුවත්පත)

     
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  2,872 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  9,808 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  4,154 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,105 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,486 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  678 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  788 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,535 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  20,453 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  1,917 Downloads



Top 10 Commenters

Latest Comments

Top