Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
02
"දේශපාලන හේතූන් මත සිරගත කළ දුමින්ද සිල්වා වැනි සිරකරුවන්ට නිදහස ලබාදිය යුතුයි" - මේජර් අජිත් ප්‍රසන්න - Video

- "දේශපාලන හේතූන් මත සිරගත කළ දුමින්ද සිල්වා වැනි සිරකරුවන්ට නිදහස ලබාදිය යුතුයි" - මේජර් අජිත් ප්‍රසන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,823 Views
අපි මේ උපවාසය නිදහස් දිනය දක්වා ගෙනියනවා 
 
ජනාධිපතිතුමාට විතරයි පුළුවන් මේක නිවැරදි කරන්න
 
මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උපවාසයක නිරත වනවා.
 
ඒ, දැනට සිරගත වී සිටින යුද කාලසීමාවේදී ක්‍රියාන්විතයේ යෙදී සිටි රණවිරුවන් සිව්දෙනෙකුට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලමින්.
 
"2009 මැයි මාසයේ 18 ,19 වෙනකොට මේ රටේ ත්‍රස්වාදය නිමා කරලා කියලා අපි හැමෝම සතුටු වුණා. හැබැයි අද මරණීය දඬුවම ලැබුණු රණවිරුවෝ 4 දෙනෙක් ඉන්නවා. වැලිකඩ ඉන්නවා සුනිල් රත්නායක රණවිරුවා, මේජර් ඩික්සන් රාජමන්ත්‍රී, ප්‍රියන්ත රාජකරුණා, සමන්ත පුෂ්පකුමාර රණවිරුවන් ඉන්නවා පල්ලේකැලේ බන්ධනාගාරයේ. මේ අයට තියෙන චෝදනාව තමයි මිනීමැරුම්. හැබැයි 12,000 ක් නිදහස් කරානේ කොටි සැකකරුවො. ඒ ගොල්ලො කී දාහක් මැරුව ද කියල අපි දන්නෙ නැහැ. මේ රට නිදහස් කර ගන්නට රණවිරුවො විදිහට ඒ අය සිදුකළ රාජකාරිය ඉෂ්ඨ කරන්න ගිහිල්ල තමයි අද ඔවුන්ට මරණ දඬුවම නියම වෙලා තියෙන්නේ."

උදාහරණයක් ලෙස ඔබ දන්නවා දුමින්ද සිල්වා කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට අද මරණ දඬුවම ලැබිලා තියෙනවා. ඒ නඩු තීන්දුව බැලුවත් හොඳටම තේරෙනවා ඒ වෙඩි තැබීම සිදුකරලා තියෙන්නේ දුමින්ද සිල්වා පාර්ශවයෙන් නොවෙයි. අනිත් පැත්තෙ පාර්ශවයෙන්. එතකොට දුමින්ද සිල්වාට වෙඩි වදිනවා, සිහිය නැති වෙනවා, ඔහු රෝහල් ගත වෙනවා, ඔහු කාටවත් කිසිම අණක් දීලා නැහැ වෙඩි තියන්න. මුලින්ම වෙඩිල්ල වැදුනෙත් ඔහුට. හැබැයි තීන්දුව දෙන්නෙ මරණ දඬුවම.
 
මේ වගේ අවස්ථාවක ජනාධිපතිතුමාට විතරයි පුළුවන් මේක නිවැරදි කරන්න. ඒ නිසා අපි මේ වෙලාවේ ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ජනාධිපතිතුමනි, අපි ඊයේ උපවාසය පටන් ගත්තා. මේ රණවිරුවො 4 දෙනාට ජනාධිපති සමාව දෙන්න කියලා. අපි මේක නිදහස් දිනය දක්වා ගෙනියනවා. මහා ඉහළින් නිදහස සමරයි ගාලුමුවදොර. හැබැයි රට නිදහස් කර ගත්ත රණවිරුවො හතර දෙනා හිර ගෙවල්වල යකඩ කූරු ගණිනවා. ඔබට බලතල තියෙනවා ජනාධිපතිතුමනි, ජනාධිපති සමාව දෙන්න."


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  2,854 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  9,803 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  4,154 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,105 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,486 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  678 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  788 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,535 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  20,450 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  1,917 Downloads



Top 10 Commenters

Latest Comments

Top