නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට මැති ඇමතිවරුන් රැසක් තීරණය කිරීමත් සමඟ වනවිට පාර්ලිමේන්තුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බහුතර බලය ගිලිහී තිබෙනවා. මේ වනවිට සන්ධානයට සහය පළ කරණ මන්ත්‍රීවරු සංඛ්‍යාව 112 ක්.බජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද මේ වනවිට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 112 දෙනෙකුගේ සහය හිමිවී තිබෙනවා.
මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමෙන් පසුව ජනාධිපතිවරණය පැවැත්වෙන තෙක් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන විවිධ පක්ෂවල අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් 25 දෙනෙකු ඔහුට සහය පළකිරීම සදහා එක්වුණා.
එම මැති ඇමතිවරුන් වන්නේ,,,
- හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න
- හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක
- හිටපු අමාත්‍ය නවීන් දිසානායක
- හිටපු අමාත්‍ය රවුෆ් හකීම්
- හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක
- හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්
- හිටපු අමාත්‍ය බසීර් සේගුදාවුද්
- හිටපු නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන
- හිටපු නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා
- හිටපු නියෝජ්‍ය අමාත්‍ය පී. දිගම්බරන්
- හිටපු නියෝජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන්
- හිටපු නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක
- පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි
- පාර්ලිමේන්තු මන්ත්‍රී රජීව් විජේසිංහ
- පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක
- පාර්ලිමේන්තු මන්ත්‍රී අචල ජාගොඩ
- පාර්ලිමේන්තු මන්ත්‍රී පී. රාජතුරෙයි
- පාර්ලිමේන්තු මන්ත්‍රී හුනයිස් ෆාරුක්
- පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලී
- පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් අස්ලම්
- පාර්ලිමේන්තු මන්ත්‍රී හසන් අලී
- පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසාල් කාසීම්
- පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්.එම්. හාරිස්
- පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එස්. තවුෆික්
- පාර්ලිමේන්තු මන්ත්‍රී මුත්තලී බාබා ෆාරුක් යන අයයි.
මේ අතර මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට තේරී පත්වීමෙන් පසු ඊයේ රාත්‍රී 12 වනවිට ඔහුට සහය පළ කිරීම සදහා හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් ඇතුළු පාර්ලිමේන්තු නියෝජිතයින් දස දෙනෙකු එක්වුණා.
එම දස දෙනා වන්නේ
- හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සරත් අමුණුගම
- හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ
- හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය එස්. බී. නාවින්න
- හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න
- හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු
- හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්
- හිටපු අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ
- හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා
- හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර
- පාර්ලිමේන්තු මන්ත්‍රී නිල්වලා විජේසිංහ යන අයයි.
මේ අතර අද දිනයේද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මැති ඇමතිවරුන් 11 දෙනෙකු එක් වුණා.
ඊට ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජිතයින්ද අයත්.
- හිටපු අමාත්‍ය ෆීලික්ස් පෙරේරා
- හිටපු ආමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්
- හිටපු අමාත්‍ය දයාශ්‍රිත තිසේරා
- හිටපු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා
- හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක
- හිටපු නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය
- හිටපු නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම්
- හිටපු නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල් කාදර්
- පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු
- පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර
- පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දින 100 වැඩ පිළිවෙළට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන වමේ පක්ෂවල නියෝජිතයින්ද සහය පළ කරනවා.
එම නියෝජිතයින් වන්නේ.
- හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය තිස්ස විතාරණ
- හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර
- හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර
- හිටපු අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර
- හිටපු නියෝජ්‍ය අමාත්‍ය වයි.ජී. පද්මසිරි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට ප්‍රථම ආණ්ඩුපක්ෂය නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිව තිබූ පාර්ලිමේන්තු නියෝජිතයින් සංඛ්‍යාව 161 ක්.
කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජයන්ත කැටගොඩ යන මහත්වරුන් මහින්ද රාජපක්ෂ මහතාට සහය පළකිරීමට පසුගියදා එක්වුණා.
මේ පිළිබඳ වීඩියෝව පහතින්...