පාසල ඇරී නිවෙස් වෙත පයින් යමින් සිටි දස හැවිරිදි පාසල් සිසු දැරියන් දෙදෙනකු ත්‍රීවීල් රථයකින් පැමිණ පැහැරගෙන යැමට තැත් කරනු ලැබූ තරුණ අඹු සැමි යුවළක් පූගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම අඹු සැමි යුවළ පැමිණි ත්‍රීවීල් රථය සමග එහි රියෑදුරා ද පොලිස් භාරයට ගෙන ඇති බවයි සදහන් වන්නේ.
පාසල් සිසු දැරියන් දෙදෙනා පාසල ඇරී පැපිලියවල අමුහේන - මුල්ලකැල්ල පාරේ නිවෙස් වෙත පයින් ගමන් කර තිබෙන අතර ඒ අවස්‌ථාවේ ත්‍රිරෝද රථයෙන් පැමිණි තරුණ අඹු සැමි යුවළ එම සිසු දැරියන් දෙදෙනා ත්‍රිරෝද රථයට නංවා ගෙන පළා යැමට තැත් කරද්දී එම දෙදෙනා ඔවුන්ගෙන් මිදී දිවගොස් බේරී තිබෙනවා. ඉන්පසුව ත්‍රිරෝද රථය මදක් ඉදිරියට ධාවනය කොට ආපසු හරවාගෙන පළාගොස් ඇති බවත් සදහන්.
මේ සිද්ධිය ගැන එම සිසු දැරියන් දෙදෙනා සිය මවුවරුන් දෙදෙනා සමග පොලිසියට කළ පැමිණිල්ලක් මත වහාම ක්‍රියාත්මක වූ එහි පොලිස් නිලධාරීන් විසින් එම ත්‍රිරෝද රථය සමග එහි රියෑදුරා කිරිඳිවැල නගරයේදී අත්අඩංගුවට ගෙන ඔහුගේ ප්‍රකාශ මත එම අඹු සැමි යුවළ ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කරන්නේ.
එම අඹු සැමි යුවළ කුරුවිට ප්‍රදේශයේ පදිංචිදරුවන් වන අතර සැමියාගේ වයස අවුරුදු 31 ක් හා බිරිඳගේ වයස අවුරුදු 21 ක් වේ.
එම ත්‍රිරෝද රථ රියෑදුරා කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර අකරතැම්බයට මුහුණ දුන් එම සිසු දැරියන් දෙදෙනා පැපිලිවල ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලබන එම ප්‍රදේශයේම පදිංචිකාරියන් බවත් පැවසේ.