මුහුණ පැහැපත් කරගන්න මහන්සි වෙනවා වගේම බෙල්ල ගැනත් හිතුවා නම් තමයි හොඳ. අද අපි කතා කරන්නේ බෙල්ල යට කළු වීම ලෙහෙසියෙන්ම නැති කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නයට විසඳුමක්. බොහෝ දෙනෙක් මුහුණට කරන සත්කාර බෙල්ලට කරන්නේ නැහැ. බෙල්ල අමතක කරලාම දානවා. ඔබ ස්නානය කරන කොට මුහුණ පිරිසිදු කරනවා වගේම බෙල්ල පිරිසිදු කරන එකත් අමතක කරන්න එපා. ඒ සඳහා මෙම ස්වාභාවික ප්‍රතිකර්ම අනුගමනය කර බලන්න.
නැවුම් එළකිරිවලින් ඔබේ බෙල්ල හොඳින් සම්භාහන කරගන්න. කිරි කියන්නේ හොඳ පිරිසිදු කාරකයක්. එමගින් ඔබේ බෙල්ලේ කුණු දුවිලි හොඳින් ඉවත් කරනවා. ඒ වගේම එළකිරි කියන්නේ සම පැහැපත් කිරීමට විශාල හැකියාවක් තිබෙන ද්‍රව්‍යයකි.
ඔලිව් තෙල් සහ සීනි එකට මිශ්‍රකර හොඳින් බෙල්ල ස්ක්‍රබ් කරන්න. දවස් තුනකට වතාවක් මෙය සිදු කොට වෙනස දැකගත හැකිය. කෙසෙල් ගෙඩියක් ගෙන එය ඔලිව් තෙල් තේ හැන්දක් එක්කර තලපයක් වනතුරු මිශ්‍ර කරන්න. එම තලපය බෙල්ලේ ගල්වා විනාඩි 15කට පසුව සෝදා හරින්න. ලෙමන් සහ රෝස වතුර සමාන ප්‍රමාණවලින් ගෙන හොඳින් මිශ්‍රකොට බෙල්ල සම්බාහනය කරන්න. රැයක් පුරා එය තිබෙන්නට හැර මඳ උණුසුම් ජලයෙන් හොදා හරින්න. එහෙමත් නැත්තම් ලෙමන් යුෂ තේ හැන්දකට කහ කුඩු ස්වල්පයක් මිශ්‍රකොට බෙල්ලේ ආලේප කොට තබා විනාඩි 10කින් 15කින් සෝදා හරින්න.
බේකින් සෝඩා, ලුණු සහ ඔලිව් තෙල් තේ හැඳි එක බැගින් ගෙන තලපයක් වනතුරු හොඳින් මිශ්‍ර කරන්න. විනාඩි විස්සකින් පමණ සෝදා හරින්න. මී පැණි සහ තක්කාලි මඟින්ද බෙල්ලේ ඇති අවපැහැ බව අවම කරගත හැකිය. ඒ සඳහා තක්කාලි යුෂ තේ හැන්දකට මී පැණි කලවම් කොට ආලේප කරන්න. විනාඩි 20ක් තිබෙන්නට හැර සෝදා හරින්න. යෝගට් සහ කහ කුඩු එකට කලවම් කොට තලපයක් ලෙස සදා ගන්න. විනාඩි 15ක් බෙල්ලේ ආලේප කොට තබා සෝදා හරින්න. එසේත් නැත්නම් යෝගට් සහ දෙහි බින්දු කිහිපයක් එකට මිශ්‍රකර විනාඩි 20ක් පමණ බෙල්ලේ ආලේප කොට තබා සෝදා හරින්න. අර්තාපල් යුෂවලින්ද බෙල්ලේ කළු පැහැ වීම් අවම කරගන්න පුළුවන්. අර්තාපල් ගෙඩියක් ගෙන පෙති ආකාරයට කපන්න. විනාඩි 5ක් 10ක් ඔබේ බෙල්ලේ කළු පැහැ වී ඇති ස්ථාන මත එම අල පෙති තබා හොඳින් පිරිමදින්න.
දොඩම් ලෙලි ගෙන ඒවා වියළා කුඩු කරගන්න. එයටම නැවුම් එළකිරි හැන්දක් පමණ දමා මිශ්‍රකර ගන්න. එය ඔබේ බෙල්ලේ ගල්වා විනාඩි 20ක් පමණ වේලෙන්නට හැර සෝදා ගන්න. දොඩම්වල ඇති විටමින් C වල ඇති ස්වාභාවික ප්‍රතිඔක්සිකාරක ගුණය මගින් ඔබේ බෙල්ල අවපැහැ ගතිය කෙමෙන් ඉවත්වනවා.
හාල් කැඳ මඟින්ද බෙල්ලේ අවපැහැ ගතිය අවම කරගන්න පුළුවන්. බත් කැඳ ගෙන ඔබේ බෙල්ල හොඳින් සම්භාහනය කර විනාඩි 10ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න.