Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
20
හිසට හරියට සෙවණක් නැතුව නැති බැරිකම් රැසක් මැද බස් රථයක ජීවත් වන අසරණ දරු පවුලක් ගැන කඳුළු කතාවක් - Video

- හිසට හරියට සෙවණක් නැතුව නැති බැරිකම් රැසක් මැද බස් රථයක ජීවත් වන අසරණ දරු පවුලක් ගැන කඳුළු කතාවක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,088 Views
වැසිකිලි පහසුකම් සදහා භාවිත කරන්නේ මහියංගණ රජමහා විහාරස්ථානයයි
"වෙන කිසිම දෙයක් ඕන නැහැ දරුවොත් එක්ක වැටිලා ඉන්න තැනක් තිබුනා නම් හොදටම ඇති"

හිසට සෙවණක් කියන්නේ මෙලොව ජීවත්වන සෑම කෙනෙකුගේම සිහිනයක්.

නමුත් ඒ සිහිනය තවමත් සිහිනයක්ම වු දරු පවුලක් පිළිබදව අපට වාර්තා වුණේ මහියංගණය ප්‍රදේශයෙන්.

මාස 7ක් 8ක් තිස්සේ මහියංගණය රජ මහා විහාරය ඉදිරිපිට ප්‍රධාන මාර්ගය අයිනේ බස් රථයේ ජීවත්වෙන හෂේන් ගයනෙත් ඇතුළු මේ සාමාජිකයන්, බොහෝදෙනෙකුට හුරුපුරුදු දර්ශනයක්.

හෂේන්ගේ පියා වසර 9ක් පමණ රියදුරෙකු වශයෙන් සේවය කල පුද්ගලයෙක්.

හෂේන්ගේ මව

"බස් එකේ ගිහිල්ලා අරන් එන 1000,1500 ජීවත්වෙන්න ආදායම මදි හොදටම. ඊට පස්සේ තමයි ගොඩාක් ණයවෙලා මේ බස් එක ගත්තේ. ෆෝමිට් එකක් හදාගන්නම් කියන බලාපොරොත්තුවෙන්. ඒ වුණාට ඒවටත් ලක්ෂ 7ක් 8ක් ඉල්ලනවා පාරට දාගන්න බස් එක".

ඔවුන්ට ඒ සිහිනයට තිත තබන්නට සිදුවන්නේ, මිල මුදල් අඟහිඟකම හේතුවෙනුයි.

එතැන් පටන් හෂෙන්ගේ දෙමාපියන් කෑම පාර්සල් විකිණීම ජීවිකාව කරගනිමින් තම දරුදෙදෙනා සමගින් අලුත් ජීවිතයක් ආරම්භ කරනවා.

හෂේන්ගේ මව

"ගෙවල් කුලී දීගන්න සමහර වෙලාවට බැහැ ඉතිං. ඊට පස්සේ තමයි තීරණය කලේ කමක් නැහැ එහෙනම් බස් එකේ උයන පිහින ගමන්ම ඒකෙත් ඉමු කියලා බස් එකටම ඇවිල්ලා දරුවෝ දෙන්නත් එක්ක ඇවිල්ලා ජීවත්වෙන්නේ. කෑම 10ක් 12ක් වගේ තමයි උපරිම හදන්නේ. ඒකෙන් තමයි ඉතිං හැම කටයුත්තක්ම කරගෙන ජීවත්වෙන්නේ"

මේ පවුලේ සාමාජිකයන් සියලුදෙනා තම ඕනෑ එපාකම් ඉටු කරගන්නේ මේ බස් රථය තුළයි. වැසිකිලි පහසුකම් සදහා මොවුන් භාවිත කරන්නේ මහියංගණ රජමහා විහාරස්ථානයයි.

හෂේන්ගේ මව

"රුපියල් පන් හයදාහක්වෙනවා එක කාමරයක්. ඒක අපිට ගෙවාගන්න දරාගන්න බැහැ. දරුවාට පාඩම් කරන්න ලයිට් නැහැ. පාඩම් කරන්න මේසයක් තියාගන්න තැනක් නැහැ. ගොඩාක් අසරණවෙලා ඉන්නේ ඒ හින්දා. වාරික 4ක් 5ක් විතර ඇරියස්වෙලා තියෙන්නේ. බස් එකත් නැතිවුණොත් අපිට ඉන්න තැනත් නැතිවෙනවා. එහෙම වුණොත් අපිට දරුවොත් එක්ක පාරටම වැටෙන්න සිද්ධවෙනවා. උදේ හවා මෙතන ඉන්න සමන් දෙවියන්ගෙන් පවා ඉල්ලන්නේ වෙන කිසිම දෙයක් ඕන නැහැ. දරුවොත් එක්ක වැටිලා ඉන්න තැනක් තිබුනා නම් හොදටම ඇති".


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  423 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,738 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  41,229 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  38,827 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,955 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,284 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,163 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,551 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,873 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,776 Downloads



Top 10 Commenters

Latest Comments

Top