මේ අපූරු උණු වතුර ළිං සමූහය පිහිටා ඇත්තේ තූර්කියේ නිරිත දිග නගරයක් වන ඩෙනිසිලි හි ය. තූර්කි භාෂාවෙන් ‘පමුක්කාලේ’ යනු ‘සේද මාළිගය’ යන්නයි. පමුක්කාලේ උණු වතුර ළිං සදහා උල්පත් නිර්මාණය වී ඇත්තේ මැන්දිරාස් ගංගාවේ නිම්න භූමිය ආශ්‍රිතව ය.
මෙය යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් බවට පත් කරනු ලැබුවේ 1988 වර්ෂයේ දී ය. හෙක්ටයාර 1077 ක මෙම උණු වතුර ළිං සමූහය පැතිරී ඇත. මෙම සුදෝ සුදු හිම පැහැ හුණු ගල් පොකුණු 17 ක් නිර්මාණය වී ඇත. මේවා වෙනත් උණු වතුර මෙන් සුදු පැහැයෙන් නොව නිල් පැහැයෙන් දිස් වීම විශේෂත්වයකි. මෙම උණු වතුර ළිං හි සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 ත් 100ත් අතරය.
මෙම උණු වතුර ළිං වලට ඉහළින් ඉපැරණි ග්‍රීක රෝම බලකොටුවක් වන හයරාපොලිස් බලකොටුව නිර්මාණය වී ඇත. ‘හයරාපොලිස්’ යන්නෙහි තේරුම වනුයේ ‘ශුද්ධ වූ නගරය’ යන්නයි.
එමෙන් ම මෙම උණු වතුර ළිං කැල්සියම් වලින් පොහොසත් අතර රෝග නිවාරණ ශක්තියක් ද පවතියි. ලොව වටා බොහෝ පිරිසක් ඒ නිසාවෙන් ම මෙම කුඩා ළිං සමූහයෙන් නෑම සදහා පැමිණීම සිදු වේ.