Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
17
ලොවක් කම්පා කරමින්, අබිරහස් ලෙස ඝාතනය වූ පුංචි සුරංගනාවියකගේ සංවේදී කතාව - Photos

- ලොවක් කම්පා කරමින්, අබිරහස් ලෙස ඝාතනය වූ පුංචි සුරංගනාවියකගේ සංවේදී කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23,101 Views
එක්සත් ජනපදයම කැළඹූ ඝාතනය
 
DNA සාම්පල හෙළි කළ රහස්..
 
ජොන්බෙනෙට් රැම්සේ කියන 6 හැවිරිදි දැරියගේ ඝාතනය, ඇමරිකා එක්සත් ජනපදය තුළ නිර්වචනය කරනු ලබන්නේ, එය “ජාතියක් මුළා කළ“ ඝාතනයක් වශයෙනුයි. එයට හේතු වූයේ එම ඝාතනය පිටුපස ඇති අබිරහස් කතාන්දරයයි.

රැම්සේගේ මරණය සිද්ධ වෙන්නේ 1996 දෙසැම්බර් 26 වැනි දිනයි. ඇගේ පවුලේ හිටියේ, පියා, මව හා ඇගේ සහෝදරයායි. එදින, එනම්, 1996 දෙසැම්බර් 26වන දින රැම්සිගේ මවට කප්පම් ඉල්ලූ ලිපියක් ලැබෙනවා.

ඇය මෙයින් බියට පත්වෙලා වහාම පොලීසියට කතා කරලා කියනවා. එතනින් එහාට ගතවෙන මිනිත්තු 20 ඇතුළත නිවසේ බිම් මහලේ තිබිලා රැම්සේගේ මළසිරුර හම්බවෙනවා.

ඇයව ඝාතනය කරලා තිබුණු තැන ටෙලිෆොන් වයර් එකක් තිබුණා. ඒ වගේම තමයි ඇගේ මරණයට හේතුව බෙල්ල සියුම් පටියකින් තද කරපු එක බව, පරීක්ෂණවලදී අනාවරණය වෙනවා. 

ජොන්බෙනෙට් රැම්සේ රූපලාවන්‍ය තරඟ ගණනකින් ජයග්‍රහණය ලබපු කෙනෙක්. ඇය ඒ වනවිටත් රූපලාවන්‍ය තරඟ කිහිපයකින් ජයග්‍රහණ අත්පත් කරගෙන හිටියා. 

ඊළඟට ඇයගේ මරණයට හේතුව හොයාගෙන යනකොට කාරණා කිහිපයක්ම හම්බවෙනවා. 

එතනින් පළවැනි එක තමයි, ඇගේ ඇඳුම්වල හා යටඇඳුම්වල තිබුණු DNA. දෙවැනි කාරණයට ගියොත්, පවුලේ අයට ලැබුණු කප්පම් ලියුම. මේ ලියුම ලියලා තියෙන්නේ මේ නිවසින්ම ගත්ත පෑනකුයි කොළෙකුයි භාවිතා කරලා. ඊළඟට මේ මරණය නිවසේම කෙනෙක් විසින් සිදු කළා කියලා සැක කරන්න පුළුවන්. මේ ලිපියේ හැටියට ඩොලර් ලක්ෂ එක් ලක්ෂ 18000ක කප්පම් මුදලක් ඔවුන් විසින් ඉල්ලලා තියනවා. 

මේ ලිපිය ලැබිලා මළසිරුර මතුවුණේ කොහොමද කියන එකත් ප්‍රශ්නයක්. ඊළඟට පවුලේ සියලු දෙනාගෙම අත්අකුරු ගළපලා බැලුවත් කිසිම කෙනෙක්ගේ අත්අකුරු කප්පම් ලිපියට ගැළපෙන්නේ නැහැ. අඩුමගානේ DNA සාම්පලත් ගැළපෙන්නේ නැහැ. 

ඊළඟට මේ මරණයේ ප්‍රධාන සැකකාරයෙක් බවට පත්වෙන්නේ බිල් මැක්ර්වේ කියන පුද්ගලයා. ඒකට හේතුව තමයි ඔහු දැරිය මියයන්න දින දෙකකට කලින් ඒ නිවසට ඇවිත් තියනවා. ඔහුගේ දුවත් අවුරුදු 22කට කලින් පැහැරගැනීමට ලක් වූ බවත් සඳහන්. ඒ විතරක් නෙවෙයි, ඔහුගේ බිරිඳ කතාවක් ලියලා තියනවා, ඒ කතන්දරේ අවසානයේ තැනක තියනවා, දරුවෙක් බිම්මහලේ දූෂණය කිරීමක් ගැන. මෙන්න මේ කියන කාරණා සියල්ලම මැක්ර්වේ කියන පුද්ගලයාව සැකකරන්න හේතු වෙනවා. නමුත් ඔහු රැම්සේගේ මරණය ගැන කතා කර තිබුණේ මහත් කළකිරීමකින්. 

"ඇගේ මරණය මගේ හෘද සැත්කමටත් වඩා වේදනාකාරි වුණා. මගේ ජිවිතයට ඇය නව අරුතක් ලබා දුන්නා..." යැයි ඔහු ප්‍රකාශ කර තිබුණා. 

නමුත් ඔහුව සැකකරන්න ප්‍රමාණවත් සාක්ෂි නොලැබෙද්දි ඊළඟ සැකකරුවා වෙන්නේ ගැරි ඔලිවා. ඔහු සැකකරන්න හේතුව වුණේ, ළමයින් යොදා නිල් චිත්‍රපට හදන වරදට ඔහු සිරගත වුණු කෙනෙක්. ඒ වගේම තදින් මත්ද්‍රව්‍යවලටත් ඇබ්බැහි වුණු පුද්ගලයෙක් ඔහු. පුදුමය තමයි මේ පුද්ගලයාගේ පසුබිම්බියේ තිබිලා රැම්සේගේ ජායාරූපයක් හම්බවෙනවා. මේ ගැන කරපු ප්‍රශ්න කිරීම්වලදී ඔහු කියා තිබුණේ තමන් "රැම්සේගේ ඝාතනයෙන් මහත් කම්පාවට පත් වුණා, ඇය වෙනුවෙන් ස්මාරකයක් නිර්මාණය කරන" බවයි. කොහොම වුණත් ඔහුට චෝදනා ගොනු කරන්න තරම් ප්‍රමාණවත් සාක්ෂි ලැබෙන්නේ නැහැ. 

අන්තිමට මුණ ගැහෙන කෙනා තමයි, ජෝන් මාර්කා. ඔහු විසින් මයිකල් නම් මාධ්‍යවේදියෙකුට ඊමේල් පණිවිඩ මඟින් මෙම ඝාතනය ගැන පාපොච්චාරණයක් කර තිබුණා. ඒ ලිපිය අනුව, ඔහු රැම්සේව නිදන කාමරයේ සිට බිම් මහලට ඔසවා ගෙන ඇවිත් තියෙන්නේ ඇගේ හිසට විදුලි පන්දමකින් පහර එල්ල කරමින්. කතාවේ කියන විදිහට ඔහුත් එක්ක මේ වැඩේට තව කෙනෙකුත් හවුල් වෙලා තියනවා. 

මේ ඊමේල් පණිවිඩවල තිබුණු අකුරුත් එක්ක කප්පම් ලිපියේ අකුරුත් සමානව යනවා කියලත් හෙළිවුණා. කොහොමහරි 2008 අගෝස්තු මාසයේදී බැංකොක් නුවරදී ඔහු පොලිස් අත්අඩංගුවට පත් වෙන්නේ දරුවන් යොදාගෙන නිල් චිත්‍රපටි නිර්මාණ කිරීමේ වරදට. 

ඔහු විසින් පාපොච්චාරණක් සිදු කළත් මේ කිසිම සැකකරුවෙකුගේ DNA සමඟ දැරියගේ ඇඳුම්වල තිබුණු DNA ගැළපුණේ නැහැ. ඒ ඇඳුම්වල තිබුණු DNA කාගේද? මේ කියන ගැටලු සහගත දේ නිසා සැකකරුවන් කිසිවෙකුට සෘජුවම චෝදනා එල්ල කරන්න බැරිවුණා. මොකද ඔවුන්ගේ පාපොච්චාරණ හා එතන ඇත්තටම සිදුවුණා යැයි කියන සිදුවීම අතර පරස්පරතා තිබුණා. 

මේ හේතුන් වගේම ඇයගේ මරණය සිද්ධ වෙන වෙලාවේ නිවසේ උදවිය එතන නොහිටියාද? බොහෝ වෙලාවට පවුලේ මව හෝ පියා, එහෙම නැත්තම් සොහොයුරා විසින් වැරදීමකින් හරි ඇයව මරා දැමුවාද? මේ කියන ප්‍රශ්නවලට පිළිතුරු තවමත් ලැබී නැහැ. ඒ නිසාමයි මෙය ජාතියක් මුළා කළ අබිරහස් ඝාතනයක් ලෙස හඳුන්වනු ලබන්නේ..

පහත ජායාරූපවල සිටින්නේ ජොන්බෙනෙට් රැම්සේ නම් 6 හැවිරිදි දැරියයි... ඇය රූපලාවන්‍ය තරඟවලින් බොහෝ ජයග්‍රහණ අත්පත් කරගෙන හිටියා. එම තරඟවලින් ඇයට විවිධ දීමනාද ලැබීමට නියමිතව තිබුණා.
 
 
ඇගේ සිරුර තිබූ තැන පටියක් හමුව ඇති අතර ඇයව මරණයට පත් කර ඇත්තේ බෙල්ල සියුම් පටියකින් තද කිරීමකින් බව මරණ පරීක්ෂණයේදී හෙළි වුණා.
 
 
කප්පම් ඉල්ලා ලැබුණු ලිපිය පහතින්...
 
 
පහත ජායාරූපයේ සිටින්නේ බිල්. ඔහු මරණයට මුල්ම සැකකරු වූ අතර ඔහුගේ බිරිඳ විසින් ලියා තිබූ කෘතියකද දැරියක් බිම්මහලේ දූෂණය කළා කතාංගයක් තිබුණා. කෙසේ වුවත් බිල්ට සෘජුව චෝදනා ගොනු කිරීමට නොහැකි වූ අතර ඔහු එම මරණයෙන් කම්පනයට පත් වූ බව ප්‍රකාශ කොට තිබුණා. 
"ඇගේ මරණය මගේ හෘද සැත්කමටත් වඩා වේදනාකාරි වුණා. මගේ ජිවිතයට ඇය නව අරුතක් ලබා දුන්නා..."
 
 
ගැරි ඔලිවා දරුවන් යොදා ගනිමින් නිල් චිත්‍රපට නිර්මාණය කිරීමේ වරදට සිරගත වූවෙක්. ඔහුද මෙම මරණයට ප්‍රධාන සැකකරුවෙක් වුණා.
 
 
රැම්සේගේ ස්මාරකය...
 
 
ඇගේ මරණය සමඟ හමු වූ ඇඳුම්... මෙවායේ DNA කිසිවක් සැකකරුන්ගේ DNA සමඟ ගැළපුණේ නැහැ.
 
 
ඇගේ මව පියා හා සොහොයුරා. (මොවුන්ගෙන් කෙනෙක් ඈව ඝාතනය කළා යන කතන්දරය මේ වෙනතෙක් කිසිවෙක් බැහැර කර නැහැ.)
 
 
අවසානයට කොටු වූ සැකකරු මාර්කා කාර් පහත ජායාරූපයෙන්..
 
 
 
 
 
 
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  497 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  1,919 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  877 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  324 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,069 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  652,970 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  242,798 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,339,588 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,553,609 Downloads

Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  5,367 Downloads



Top 10 Commenters

Latest Comments

Top