Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
17
පසුගිය දිනවල කොළඹ නගරය පුරා භීතිය පැතිරූ "පප්පා" කළ අමානුෂික ඝාතන එකින් එක වමාරයි. රහස් තොරතුරු සියල්ල එළියට.

- පසුගිය දිනවල කොළඹ නගරය පුරා භීතිය පැතිරූ "පප්පා" කළ අමානුෂික ඝාතන එකින් එක වමාරයි. රහස් තොරතුරු සියල්ල එළියට.Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,675 Views
වෙඩි තියලා ඉවර ‍වෙලා කෝල් කළාම බයික් එක තියන්න ඕනි තැන කියනවා 
 
මේ එක කේස් එකකට මට රුපියල් පන්දාහ ගානේ ගෙවනවා
 
“සිත්ති රියේෂව මරන්න මටත් ලෑස්තිවෙලා ඉන්න කියලා කාංචිපාන ඉම්රාන් ඩුබායි ඉඳලා මට කෝල් කරලා කිව්වා. ඒ වැඩේට ටීම් දෙකක් ලෑස්ති කළා. පළවෙනි ටීම් එකට බැරි වුණොත් දෙවැනි ටීම් එකෙන් හරි කොයි විදිහකින් හරි සිත්තිව මරලා දාන්න කියලා කාංචිපාන කිව්වා...“

“මම හිටියේ දෙවැනි ටීම් එකේ. බයික් එක පැද්දේ මම. වෙඩි තියන්න එවපු කෙනා කවුද කියලා මම අඳුරන්නේ නෑ. පළවෙනි බයික් එක ගිහින් සිත්තිට වෙඩි තිබ්බා. වැඩේ හරි ගියා. ඒ නිසා අපි ආපහු යන්න ගියා....“

මාළිගාවත්ත, ජම්පාටා, ග්‍රෑන්ඩ්පාස් ඇතුළු ස්ථාන කිහිපයකදී වෙඩි තබා ඝාතනය කිරීම් සහ තුවාල සිදු කිරීම්වලට සම්බන්ධ බවට කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මාල්වත්තේ රිල්වා නොහොත් ‘පප්පා‘ යන අය ප්‍රශ්න කිරීම් වලදී පපොච්චාරණය කර තිබුණා.

මොහු අත්අඩංගුවට පත්වන්නේ පසුගිය තුන්වැනිදා සවස් වරුවේ ඛෙත්තාරාම ක්‍රීඩාංගනය අසළදීයි. මොහු එදින සවස මෙම ක්‍රීඩාංගණය දෙසට පැමිණෙන බවට අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට තොරතුරු ලැබී තිබෙනවා.
 
එම තොරතුරට අනුව එදින සවස් වරුවේ ඛෙත්තාරාම ක්‍රීඩාංගනයට ඔහු තනිවම පැමිණ ඇති අතර එම අවස්ථාවේදී නිලධාරින් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අල්ලාගත් අවස්ථාවේදී පරීක්ෂා කිරීමේදී ඔහු සතුව තිබී කුඩා ප්‍රමාණයේ හොරොයින් පාර්සලයක්ද හමුවුණා. එහි බර මිලිග්‍රෑම් පන්දහස් තුන්සීය හතළිහක් බවද සඳහන්.
 
ඒ අනුව මොහු මෙම ස්ථානයට පැමිණෙන්නට ඇත්තේ කුඩු විකිණිම සඳහා විය යුතු බව විමර්ශන කණ්ඩායමේ අදහස වුණා. අත්අඩංගුවට ගත් රිල්වාන් පසුදින මාළිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කොට රඳවා ප්‍රශ්න කිරීමේ නියෝග ලබා ගැනීමට විමර්ශන කණ්ඩායම කටයුතු කළා. ඒ අනුව ඔවුන්ට දින 7ක් රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලැබුණා.
 
ඒ අනුව ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළ අතර එහිදී වෙඩි තැබීමේ සිද්ධි හතරක තොරතුරු ඔහු විසින් අනාවරණය කර තිබෙනවා.
 
ඒ සියලුම වෙඩි තැබීම් සිදු කර තිබුණේ දැනට ඩුබායි හි සිටින මාළිගාවත්තේ කුඩු පාතාලයේ කාංචිපාන ඉම්රාන් විසින් බව මොහු කළ ප්‍රකාශ වලින් හෙළි වුණා.
 
රිල්වාන්ට පැවරී තිබුණේ යතුරු පැදිය, ගිනි අවිය, හෙල්මට් ආදිය කියන තැනින් ගෙන පදවාගෙන ගොස් තුවක්කුකරුද රුගෙන ඉලක්කය සපුරා ගැනීමෙන් අනතුරුව යළි යතුරු පැදිය ගිනි අවිය ඇතුළු භාණ්ඩ කාංචිපන කියන ස්ථානයේ තැබීම පමණයි.
 
“බයික් එක කාගේද, ගේන්නේ කවුද කියලා මම දැක්කේ නෑ. මට කාංචිපාන කෝල් කරලා කියනවා, අද වැඩක් තියනවා, ඔයා ඒකට යන්න. කළුපාට බයික් එකක් මාළිගාවත්ත රූබී හෝල් එක ළඟ නවත්තලා තියනවා. යතුරයි හෙල්මට් දෙකයි ජැකට් දෙකයි වෙපන් එකයි බයික් එකේ ඇති කියලා බයික් එකේ අංකයත් කියනවා...“
 
“බයික් එක අරගෙන එයාට කෝල් කළාම එයාම මට තැනත් කියලා එතන ඉන්න කෙනෙක්ගේ විස්තර කියනවා. ඒ පුද්ගලයා ඇඳගෙන ඉන්න ඇඳුම් ගැන කියලා එයාව බයික් එකට නග්ගගෙන වෙපන් එක දීලා යන්න ඕනි තැන කියනවා...“
 
“වෙඩි තියලා ඉවරවලා කෝල් කළාම බයික් එක තියන්න ඕනි තැන කියනවා. ජැකට්, හෙල්මට්, වෙපන් සේරම ගත්ත විදිහටම බයික් එක එක්ක තියන්න ඕනි. රූබී හෝල් එක ළඟ තමයි තියන්න් කියන්නේ. එතන තියලා මට යන්න කියනවා...“
 
“මේ එක කේස් එකකට මට රුපියල් පන්දාහ ගානේ ගෙවනවා. සල්ලී දෙන්නේ ඊසි කෑෂ් ක්‍රමයට. මෙහේ කෙනෙක් සල්ලි දාන්නේ. මට තියෙන්නේ මාරු කරලා ගන්න...“ රිල්වාන් එලෙස සියලු තොරතුරු හෙළි කළා.
 
මොහුගේ හෙළී කිරීම්වලට අනුව විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ද සොයා ගැනීමට හැකිවුණා. එය මාළිගාවත්ත ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණ අසළ සඟවා තිබුණා.
 
28 හැවිරිදි මොහුගේ පදිංචිය කොළඹ 14 මාළිගාවත්ත ලිපිනයෙයි. මොහු කුඩුවලට ඇබ්බැහි වී සිටින අතර ආදායම් මාර්ගය වූයේ කුලියට මිනීමැරීම හා මත්ද්‍රව්‍ය ජාවාරමයි.
 
සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් මීට පෙර සැකපිට අත්අඩංගුවට පත්ව ඇති අතර මේ වන විට අධිකරණය මඟ හැරීම හේතුවෙන් මොහුට වරෙන්තු කිහිපයක් නිකුත් කර තිබෙනවා. 
දෙදාහස් දාහත වර්ෂයේදී ත්‍රී රෝද රථ දෙකක් සහ යතුරු පැදියක් කොල්ල කන මොහු පසුව අත්අඩංගුවට පත්වුණා.
 
කෙසෙල්වත්ත පොලීසියෙන් වරෙන්තු දෙකක් ද කොටහේන පොලීසියෙන් එක් වරෙන්තුවක් ද ග්‍රෑන්ඩ්පාස් පොලීසියෙන් තවත් වරෙන්තුවක් ද නිකුත් කොට තිබෙනවා. මොහු අත්අඩංගුවට පත් වන්නේ එලෙස අධිකරණය පොලීසි මඟ හරිමින් තව දුරටත් කාංචිපාන ඉම්රාන්ගේ ගෝලයෙකු ලෙස මනුෂ්‍ය ඝාතන සඳහා සහය දෙමින් සිටියදීයි.
 
කණ්ඩායම් දෙකක් යොදවා රියේෂා මරා දමන්නේ පසුගිය වසරේ අගෝස්තු මාසයේ විසිහය වැනිදා රාත්‍රීයේදීයි. ඒ ජුම්මා මස්දිස් පාරේ, මාළිගාවත්ත පෙදෙස ලොන්ඩ්‍රිය අසළදීයි.
 
 එදින ඇය ඒ වෙලාවේ නිවසින් එළියට එන්නේ සිනමා පටයක් නැරඹීමට පුංචි අම්මා ඇතුළු පවුලේ අය සමඟ සිනමා ශාලාවට යාමට ත්‍රී රෝද රථයක් කැඳවාගෙන ඒමටයි.
 
එහෙත්.... නිවෙසින් පිටතට පැමිණ ටික දුරක් යද්දි යතුරු පැදියකින් ආ දෙදෙනෙකු ඇයට වෙඩි තබන අතර නළලට එල්ල වූ වෙඩි පහරින් ඇය එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්වුණා. 
 
ඇය කාංචිපාන ඉම්රාන්ගේ විවාහක බිරියයි.
 
ඔහු ඇයගෙන් දික්කසාද වීමට අධිකරණයේ නඩුවක් පවරා තිබූ අතර ඇය ඔහුට දික්කසාදය ලබා දීම ප්‍රතික්ෂේප කර තිබුණා. කාංචිපාන ඉම්රාන් මෙරට සිටි සමයේදී වරක් ගංජා තොගයක් සමඟ අත්අඩංගුවට පත්වුණා. පසුව ඔහු බන්ධනාගාර ගත කෙරුණු අතර මාස කිහිපයකට පසු ඔහුට ඇප ලැබුණා. ඔහුගේ ඇපයට අත්සන් කරනු ලබන්නේ එවකට ඔහුගේ නිත්‍යානූකූල බිරිය වූ රියේෂායි.
 
ඇප මත එළියට විත් ටික දිනකින් කාංචිපාන මෙරටින් පලා යන්නේ ඔහුට දාව රියේෂාට උපන් දරුවාත්, අනියම් බිරියත් රැගෙනයි. ඔහුගේ අනියම් බිරියද හිටපු පාතාල කල්ලි නායකයෙකුගේ වැන්දඹු බිරියයි. මංජල්ලක්කම් නම් එම කුඩු පාතාලයා මීට වසර කිහිපයකට පෙර ඝාතනය වුණා.
 
ඒ වනවිට කාංචිපානට එරෙහි ගංජා නඩුව අධිකරණයේදී විභාග වුණා. නඩු වාරවලට පෙනී නොසිටීම නිසා කාංචිපානට වරෙන්තු නිකුත් වූ අතර ඇපකාරිය වූ රියේෂාට ඒ සම්බන්ධයෙන් වග උත්තර බඳින්න සිදු වුණා.
 
ඇය ඝාතනය වීමට දින කිහිපයකට පෙරද එම නඩුව විභාගයට ගෙන තිබුණා. එහිදී ඇය පවසා තිබුණේ එදා තමා කාංචිපානගේ බිරියව සිටියත්, වර්තමානයේ ඔහු වෙනත් කාන්තාවක් රැගෙන මෙරටින් පලාගොස් ඇති බවත්, දැන් තමාට ඔහු සමඟ කිසිම සම්බන්ධයක් නොමැති නිසා තමාව මේ නඩුවෙන් නිදහස් කරන ලෙසයි.
 
වෙඩි තබා ඇය ඝාතනය කරන්නේ ඉන් අනතුරුවයි. ඇයගේ ඝාතනය කාංචිපාන කළාද නැතිනම් ඔහුගේ විරුද්ධවාදියා වන බයියා යන අය විසින් කෙරුවාද යන සැකය මතුවුණා.
 
එවකට අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිව සිටි උප පොලිස් පරීක්ෂක නයනජිත් ඇතුළු කණ්ඩායමක් රියේෂා ඝාතනය සඳහා ඔත්තු බැලූ හා තොරතුරු සැපයූ බවට සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තා. ඉන් එක් අයෙකු වූයේ රියේෂාගේ පුංචි අම්මාගේ පුතායි. එනම් රියේෂාගේ මල්ලියි. කාංචිපාන දමා ගිය පසුව ඇයට පිහිටට සිටියේ පුංචි අම්මායි.
 
ඇය පුංචි අම්මාගේ නිවසහි කල් ගෙවූ අතර ඇයව මරා දැමීම සඳහා කාංචිපානට පසුබිම සකසා දෙන ඇගේ ඥාති සහෝදරයා පදිංචිව සිටියෙත් එම නිවසේමයි.
 
එදින සිනමා පටයක් නරඹන්නට යාමට යෝජනා කොට ත්‍රී රෝද රථයක් සොයාගෙන එන්නට ඇයව යවන්නෙත් ඔහු විසිනුයි.
 
අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මේ සියලු තොරතුරු අනාවරණය වූ අතර රියේෂා ඝාතනය සඳහා තොරතුරු සැපයීමට භාවිතා කළ ජංගම දුරකථනය පොලීසිය භාරයට ගත්තා.
 
 රියේෂා මරා ගෙවී ගිය හතරවැනි දිනයේදී මාළිගාවත්ත ජුම්මා පාරේ තවත් වෙඩි තැබීමක් සිදුවුණා. එදින වෙඩික්කරුගේ ඉලක්කය වූයේ අබ්දුල් රවුෆ් නැමැත්තායි.
 
ඔහු මාළිගාවත්ත කුඩු පාතාලයේ තවත් පාර්ශවයක් වන බයියාගේ ගෝලයෙක්. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ රවුෆ් එම ස්ථානයේම ඇද වැටෙන අතර තුවක්කුකරු පලා යනවා. තුවාලකරු රෝහල්ගත කිරීමෙන් පසු සුවය ලබන අතර එම වෙඩි තැබීම සඳහා යතුරු පැදිය කැඳවූයේ තමා බව මැල්වත්තේ රිල්වාන් පිළිගෙන තිබුණා.
 
මාළිගාවත්ත මොහොමඩ් රම්සි නොහොත් අජ්මීර් යන අයට වෙඩි තබන්නේ ද කාංචිපානගේ උපදෙස් මත බවට සැක පළ වුණා. රම්සි එම වෙඩි තැබීමෙන් මිය ගියේ නැහැ.
 
පසුගිය වසරේ නොවැම්බර් මසදී ග්‍රෑන්ඩ්පාස් පරාක්‍රම පාරේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටි ව්‍යාපාරිකයෙකු ඉල්ක්ක කොට වෙඩි තබන අතර ඒ සඳහා යතුරුපැදිය කැඳවූයේද තමා බව රිල්වාන් පිළිගනු ලබනවා. එම ව්‍යාපාරිකයා ද මිය ගියේ නැහැ.
 
මෙම සිද්ධි තුන සඳහාම රිල්වාන් යතුරුපැදිය පැද ඇති අතර වෙඩි තබා ඇත්තේ ද එකම පුද්ගලයෙක්. ඔහු කාංචිපානගේ වෙඩික්කරුවෙක්. එහෙත්.. ඔහු ඉලක්කයට වෙඩි තැබීමට නොහැකි අයෙකු බවද මෙම සිද්ධි තුනෙන්ම අනාවරණය වුණා.
 
රිල්වාන් පවසන පරිදි පසුගිය වර්ෂයේ ජුලි මස 8වන දිනදා ජම්පටා වීදියේදී වෙඩි තබා දෙමළ ජාතික යුවළක් ඝාතනය කිරීමේ සිද්ධියට යතුරු පැදිය පදින්නේ ද ඔහුයි. එම වෙඩි තැබීම සිදු කරන්නේ මදුෂාන් නැමරත් හිටපු නාවික භටයෙක්. ඔහු මදූෂ්ගේ ගෝලයෙක්. ඔහුව අත්අඩංගුවට ගැනෙන්නේ පලවි රිමෝෂන් නැමති සැකකරුගේ පාපොච්චාරණයක් මතයි. 
 
ප්‍රශ්න කිරීම් වලදී පලවි රිමෝෂන්ද ඝාතන හතරක් ගැන තොරතුරු හෙළි කර තිබුණා. ඒ මෝදර ප්‍රදේශයේ පදිංචි රාජේන්ද්‍රන්, ඇන්ටන් රාජ්, ජම්පාටා විදීයේ රාජා හා ඊවා යුවළ ඝාතනය කිරීම් පිළිබඳවයි.
 
මදුෂාන් මදූෂ්ගේ කල්ලියේ අයෙක් වන අතර එවකට ඔහු සිරගතව සිටි අතරේ ජංගම දුරකථන ඔස්සේ සියලු කතාබහ සිදුව තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  495 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  1,901 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  875 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  323 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,064 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  652,952 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  242,796 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,339,560 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,553,581 Downloads

Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  5,364 Downloads



Top 10 Commenters

Latest Comments

Top