Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
17
ගුරුකුලයේදී බැතිමතුන් දෙදෙනෙකු කෙලෙසා සිරයට නියම වූ ස්වාමිවරයා කළ තවත් ඝාතනයක සුළමුල හෙළිවෙයි - Photos

- ගුරුකුලයේදී බැතිමතුන් දෙදෙනෙකු කෙලෙසා සිරයට නියම වූ ස්වාමිවරයා කළ තවත් ඝාතනයක සුළමුල හෙළිවෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,685 Views
මාධ්‍යවේදියා ඝාතනය කලේ සත්‍ය වෙනුවෙන් යුතුකම ඉටු කළ නිසාද?
කාන්තාවන් 50  දෙනෙකුගෙන් ලිංගික අපයෝජන චෝදනා..

ලිංගික අපචාර චෝදනාවකට වැරදිකරු වී සිරගත වී සිටින ඉන්දීය ස්වාමිවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු 2002 වසරේදී මාධ්‍යවේදියෙකු ඝාතනය කළ බවට ද වැරදිකරු වී තිබෙනවා.

"දෙරා සාචා සවුදා" නම් ගුරුකුලයක නායකයා වූ ගුර්මීට් රාම් රහීම් සිං (Gurmeet Ram Rahim Singh) නමැත්තා සිය කාන්තා බැතිමතුන් දෙදෙනෙකු දූෂණය කිරීම හේතුවෙන් 2017 වසරේදී වසර 20ක සිර දඬුවමක් නියම කෙරුණා.

තවද පුවත්පත් සංස්කාරකවරයෙකු වූ රාම් චන්දර් චත්‍රපති නැමති මාධ්‍යවේදියා ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද ජනවාරි 17 වන දා ඔහුට දඬුවම් නියම කිරීමට නියමිතයි.

මොහු දේරා ගුරුකුලයේ මූලස්ථානයේ සිදුවූ අපචාර සිද්ධි සම්බන්ධයෙන් කළ අනාවරණයකින් පසු මෙම මාධ්‍යවේදී ඝාතනයද සිදු කර ඇති බවයි හෙළි වී ඇත්තේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් තවත් තිදෙනෙක් වැරදිකරුවන් බවට පත්ව සිටිනවා. ඒ ඒ, කුල්දීප් සිං, නිර්මාල් සිං සහ ක්‍රිෂන් ලාල්ය යන අයයි.
මෙම චෝදනා සම්බන්ධයෙන් හර්යානාහි පංච්කුලා අධිකරණයේ නඩු විභාගයට බන්ධනාගාරයේ සිට ඔහු සහභාගි වී තිබුනේ සජීවී වීඩියෝ දර්ශන මාර්ගයෙනි.

මෙම නඩු විභාගය පැවැත්වෙන අතරතුර හර්යානා ප්‍රාන්තයට සහ දේරා බැතිමතුන් වැඩි වශයෙන් වෙසෙන පන්ජාබ් ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට ආරක්ෂක රැකවල් යොදා තිබුණා.

2017 වසරේදී ඔහුට එරෙහිව නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව දැඩි ප්‍රචණ්ඩත්වයක් ඇති වූ අතර ඉන් පුද්ගලයින් 38 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා.

මෙම තීන්දුවෙන් පසුව අදාළ ආගමික මූලස්ථානයේදී තමන් ලිංගික අපයෝජනයට ලක්වූ බව පවසමින් කාන්තාවන් 50 දෙනෙක් පමණ පැමිණිලි ඉදිරිපත් කර තිබුණා.

ආධ්‍යාත්මික නායකයෙකු ලෙස තමන් විසින් ම හඳුන්වා ගන්නා ලද 51 හැවිරිදි රාම් රහීම් සිංගේ ගෞරවය බිඳ වැටුණේ, 2002 වසරේදී පුවත්පතක පළවූ ලිපියක් හේතුවෙනි.

රාම් රහීම් සිංගේ නම හෙළි නොකළ බැතිමතෙකු විසින් එම ලිපිය ලියා තිබුණා. එය පළ කරන ලද්දේ, චත්‍රපති (Chhatrapati) නමැති මාධ්‍යවේදියා සංස්කරණය කළ හින්දි පුවත්පතක් වන පූරා සච් (සම්පූර්ණ සත්‍යය) නමැති පුවත්පතේය.

ඒ මගින් දේරා මූලස්ථානයේ සිදුවූ ලිංගික අපචාර ගැන විස්තරද දක්වා තිබෙනවා.

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී චත්‍රපතිගේ පුත්‍රයා වන අන්ෂුල් චත්‍රපති The Print පුවත්පතට පවසා ඇත්තේ, "යම් දවසක ඔබට කවුරුන් හෝ වෙඩි තබනු ඇත," යනුවෙන් සිය පියාගේ මාධ්‍ය මිතුරන් අනතුරු අඟවා තිබූ බවයි.

එසේ මිතුරන් කළ අනතුරු ඇඟවීමට ඔහු දුන් පිළිතුර වී ඇත්තේ, "නියම මාධ්‍යවේදීන් වෙඩි ප්‍රහාර ලබන අතර සපත්තු ප්‍රහාර නොලබන," බවයි.

අදාළ ලිපිය පළ කර දින 5 කට පසු එනම්, 2002 වසරේ ඔක්තෝබර් 24 වන දා දේරා බැතිමතුන් විසින් චත්‍රපතිගේ නිවස අසලදී ඔහු ඝාතනය කර තිබුණා.

කෙසේ වෙතත්, අදාළ පුවත්පතෙහි පළවූ ලිපිය හේතුවෙන් දේරා මූලස්ථානයේ සිදුවූ බව කියන අපචාර සම්බන්ධයෙන් විමර්ශනද  සිදු කෙරුණා.
සිය පියා ඝාතනය වන විට 21 වන වියේ පසු වූ ඔහුගේ පුත් අන්ෂුල් පූරා සච් පුවත්පත සියතට ගෙන රාම් රහීම් සිංට එරෙහි අපචාර චෝදනා පිළිබඳව ලිපි පළ කළා.

"සත්‍යය වෙනුවෙන් මගේ තාත්තා ඔහුගේ ජීවිතය කැප කළා," 2017 වසරේදී පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පැවසීය. "ඔහුගේ කැප කිරීම අපතේ යන්න මම ඉඩ තියන්නේ නැහැ."


   රාම් රහීම් සිං ස්වාමිවරයා



මාධ්‍යවේදී චත්‍රපති

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  423 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,737 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  41,228 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  38,826 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,954 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,284 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,163 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,550 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,873 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,776 Downloads



Top 10 Commenters

Latest Comments

Top