සිය බිරිඳට සහ දරු දෙදෙනාට අමානුෂික ලෙස පහර දුන් සැමියෙකු කෑගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුවතක් වාර්තා වනවා.
35 හැවිරිදි වියේ පසු වූ මොහු දෙදරු පියෙකි. මොහු කෑගල්ල නගරයේ සිය ත්‍රිරෝද රථය හයර් කර උපයා ගන්නා සුළු මුදලින් බිරිය හා දරු දෙදෙනා රැකබලාගෙන තිබෙනවා.ෙ
මොහු හයර් දුවන අතරතුරදී සිය බිරිඳටත් හොරා කෑගල්ල නගරයට ආසන්න ගමක පදිංචිව සිටින තරුණියක සමඟ අනියම් ප්‍රේම සම්බන්ධතාවක්ද පවත්වාගෙන ගොස් තිබෙනවා. මොහු ඇයට 'කුරුණෑගල අක්කා' නමින් ආමන්ත්‍රණය කරන අතර සිය ජංගම දුරකථනයේද 'කුරුණෑගල අක්කා' නමින් සටහන් කර තිබෙනවා.
මොහුගේ දුරකථනයට ඉකුත් 09දා රාත්‍රි 8.30ට පමණ කුරුණෑගල අක්කා විසින් දුරකථන ඇමතුමක් ලබාදීමෙන් පසු ඔහු ත්‍රිරෝද රථය රැගෙන නිවෙසින් පිටත්ව ගොස් ආපසු රාත්‍රි 10.00ට පමණ යළි නිවෙසට පැමිණ තිබෙනවා.
නිවෙසට පැමිණි සැමියාගෙන් ඔහුගේ බිරිය රාත්‍රියේ ගිය හයර් එකේ මුදල් ඉල්ලා තිබූ අතර ඔහු පැවසුවේ 'සල්ලි දෙන්න මම හයර් ගියේ නැහැ ඒ ගෑනිත් එක්ක මම පාර්ක් එකේ කතා කරමින් සිටියා" යනුවෙන්. පසුව කාන්තාව සැමියාට බැන වැදී අතින් පහර කිහිපයක් දී ඔහුට එල්ල කර තිබෙනවා.
පසුව පුරුෂයා සිය බිරියට නිවෙස ඇතුළේදී අතින් හා පොල්ලකින් පහරදී හිස බිත්තියේ ඇන දිගට වැවී තිබූ ඇගේ කොණ්ඩයද කතුරකින් කපා දමා පසුව ඔහු නින්දට ගොස් තිබෙනවා.
පසු දින (10) අලුයම යළි දෙදෙනා අතර ගැටුමක් ඇතිවූ අතර වඩු වැඩට ගන්නා උපකරණයක් වන මුලු මට්ටමකින්ද බිරිඳට අමානුෂික ලෙස පහර දී තිබෙනවා.
පසුව වැඩිමහල් පිරිමි දරුවා සිය පියා විසින් මවට පහරදීම වළක්වන්නට මැදිහත්වූ විට පිරිමි දරුවාට පහරදී දරු දෙදෙනාද නිවෙසින් එළවා දමා තිබෙනවා. දරු දෙදෙනා නිවෙසින් බැස ගිය පසු දෙදරු පියා බිරිය මිදුලට ගෙන මහ පාරේ යන මිනිසුන්ට පෙනෙන ලෙස ඇය ඇඳසිටි ඇඳිවතද ගලවා දමා තිබෙනවා.
සැමියාගේ පහර කෑමට ලක් වූ පසුව තුවාල ලැබූ කාන්තාව සිය මව සමඟ කෑගල්ල මහ රෝහලට පැමිණ ප්‍රතිකාර ලබා ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බිරිඳ පොලිසිය හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කරඇත්තේ සිය සැමියා කලක සිට හෙරොයින් පානය කරන බවත් කොළඹින් මෙලෙස කුඩු ගෙනත් පානය කරන බවත්ය. මේ සම්බන්ධව ඇය ඇය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ තමාටත් දරු දෙදෙනාටත් සහනයක් ලබාදෙන ලෙසයි.