කාන්තාවන් කුසගින්නේ තබමින්, මරණයට පත් කරලා
ඔවුන්ගේ අත් පා, මුහුණු, පියයුරු සපා කාලා
මේ කතාව ඉතිහාසයේ සිටි දරුණුතම ඝාතනයන් සිදු කළ කාන්තාවක් ගැනයි. ඇය නමින් එලිසබත් බැතෝරි.
1560 උපන් ඇය බොහොම ලස්සන පෙනුමක් තිබුණු, හොඳ අධ්‍යාපනයක් තිබුණු කාන්තාවක්. ඇයගේ පියා ජෝර්ජ් බැතෝරි. මව ඈන් බැතෝරි.
බැතෝරි පවුල හංගේරියාවේ එක්තරා ප්‍රදේශයක් තමන්ගෙම රාජ්‍යයක් වගේ පාලනය කරමින් හිටියා. ඈන්ට කුඩා කාලයේ අපස්මාරය වැළඳෙනවා.
මේ විදිහට අපස්මාරය වැළඳුනාම ඒකට බේතක් වශයෙන් ඒ කාලයේ මිනිසුන් අපස්මාරය නැති කෙනෙකුගේ ලේ ටිකක් අරගෙන අපස්මාරය වැළඳුණු කෙනෙකුගේ තොල්වල තවරනවා.
කොහොම වුණත්, එලිසබත් කුඩා කාලයේ ඉඳලම ඇති දැඩි වෙන්නේ රජවාසල තුළයි.
එතනදී ඇයට හුඟක් දරුණු දේ දැකගන්න ලැබෙනවා. උදාහරණයක් විදිහට වරදකරුවන්ට දෙන දැඩි දඬුවම් ඇස් පනාපිටම එලිසබත් දැකබලාගත්තා. (මේ කියන කාරණා ඇය අර තරම් දරුණු වෙන්න හේතු වුණා කියලා කියන්න පුළුවන්.)
එලිසබත් විවාහ වෙන්නේ අවුරුදු 15දී. ඇගේ විවාහය උත්සවශ්‍රීයෙන් පැවත්වුණු බවත්, විවාහයට 4500ක පමණ පිරිසක් පැමිණි බවත් සඳහන්. ඇගේ සැමියා වෙන්නේ ෆ්රෑන්ක්. යුද්ධය දරුණුවටම පැවති කාල සීමාව වෙනකොට ඇගේ සැමියාත් මිය යනවා.
ඔහු මිය ගියාට පස්සේ පියෝගි කියන සැමියාගේ මිත්‍රයාට තමයි සියලු දේපල පැවරෙන්නේ.
1602 වගේ ආසන්න කාලයකදී එලිසබත් කියන චරිතය පිටුපස ඉන්න දරුණු ඝාතක කාන්තාව ගැන මුලින්ම අහන්න ලැබෙනවා.
මේක කටකතාවක් විදිහටයි එකිනෙකා දැනගන්නේ. අන්තිමට මේ සිදුවීම හංගේරියානු රජයට දැනගන්න ලැබෙනවා.
අවසානයේ හෙළි වුණේ ඇය විසින් තරුණ කාන්තාවන් 650 කට ආසන්න පිරිසක් මෙසේ ඝාතනය කර ඇති බවයි. මේ ගැන සුසන්නා කියන ඈ යටතේ සේවය කරපු සේවිකාවක් දින පොතක ලියලා තියනවා.
එලිසබත් මේ ඝාතන සියල්ලම කරන්නේ අපස්මාරයට බෙහෙතක් විදිහටයි. ඇය මේ ඝාතනය කළ සෑම කාන්තාවකගේම ලේ බීලා තියනවා. ඒ විතරක් නෙවෙයි, මේ සියලුම කාන්තාවන්ගේ අත් පා, පියයුරු, මුහුණු හපලා දරුණු වදහිංසා දුන් බවත් සඳහන්.
ඔවුන්ව දින ගණනාවක් කුසගින්නේ තියාගෙන ඉඳලා අත් පා පවා පුච්චලා. පියෝගි තමයි එලිසබත්ගේ මේ ඝාතන සියල්ල හෙළිදරව් කරගන්නේ.
ඒකේ ප්‍රථීපලයක් විදිහට 1610දී ඇය සිරගත කරනු ලබනවා. එතනින් වසර 4කට පසු ඇය හදිසියේම මිය ගිහින් තිබුණේ සිරමැදිරිය තුළදිමයි.
ඇගේ මේ බිහිසුණු කතාව ඒ සමය වන විට විශාල ආන්දෝලනයක් ඇති කළ සිදුවීමක් වුණා.
පසුකාලීනව ඇගේ ජිවිත කතාව අළලා සිනමා කෘති පවා බිහිවෙන්නේ ඒකේ ප්‍රථිපලයක් විදිහට.
කොහොම වුණත් ලෝක ඉතිහාසයේ මෙපමණ ඝාතන ප්‍රමාණයක් කළ දරුණුම ඝාතක කාන්තාවක් විදිහටයි ඇයව හඳුන්වා දී ඇත්තේ.
එලිසබත් විසින් කාන්තාවන් 650කට අධික පිරිසක් ඝෘතනය කළ බව සඳහන්..
පසුකාලීනව ඇගේ ජිවිත කතාව අළලා සිනමා කෘති පවා බිහි වුණා..