රැකියාවක් ලෙස පොල් කැඩීම සිදුකරනවා....
දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වූ පවුලක්
ගලේවෙල බෙලියකන්ද ප්‍රදේශයේදී පොල් කැඩීම සඳහා ගසකට නැග සිටී දෙදරු පියෙකු පය පැටලී ගසෙන් ඇදවැටී ඊයේ 15 පස්වරුවේ මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ගලේවෙල බේලියකන්ද රටමිරිස්හේන ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ගාමිණී කුමාර විජේතුංග නමැති පුද්ගලයෙකු බව පොලිසිය පවසනවා.
රැකියාවක් ලෙස පොල් කැඩීම සිදුකරන මියගිය ගාමිණි විජේතුංග ඊයේ උදෑසන පොල් කැඩීම සඳහා නිවසෙන් පිටත්ව ගිය බවත් පසුව ගසෙන් ඇදවැටී ගලේවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව ගාමිණී කුමාර විජයතුංග මහතාගේ බිරිඳ වන එම් .ඒ .චන්ද්‍රකාන්ති පවසනවා.
වයස අවුරුදු 7ක සහ වයස අවුරුදු 4 ක කුඩා දියණියන් දෙදෙනෙකු මෙම මියගිය පුද්ගලයාට සිටින බවත් ඔවුන් දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වන අය බවත් වාර්තාවුණා.
වයස අවුරුදු හතක් වූ නිලක්ෂා ලක්ෂ්මි දියණිය බේලියකන්ද පාසලේ 2වසරේ ඉගෙනුම ලබන අතර වයස අවුරුදු හතරක් වූ සසිනිකා දිල්රුක්ෂි දියණිය තවමත් පෙර පාසල් වියේ පසුවනවා.
මොහුගේ මියයෑම හේතුවෙන් ප්‍රදේශවාසීන්ද දැඩි කම්පනයට පත්ව සිටින අතර මියගිය අයගේ බිරිඳ චන්ද කාන්ති මහත්මිය හඬා වැටෙමින් කියා සිටින්නේ තම දියණියන් දෙදෙනාගේ වගකීම් සියල්ල තමා වෙත පවරා තම සැමියා මිය ගිය බවයි.