Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
14
"අපි හැමෝටම ජීවිතේ එක එක කාලවලදි ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා..." - චතුරිකා පිරිස්

- "අපි හැමෝටම ජීවිතේ එක එක කාලවලදි ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා..." - චතුරිකා පිරිස්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26 Views
"මම දිනකට අවම වශයෙන් පැය 8ක් උපරිමය පැය 10ක් නිදා ගන්නවා..."

"ඉස්කොලේ යන පොඩි කෙල්ලෙක් වාගේ ලස්සනයි’ කියලා කියනවා.."

නිරෝගිව, ලස්සනට ඉන්නනම් අපි අනිවාර්යයෙන්ම මානසිකව සතුටින් සිටීම ඉතාම වැදගත් වෙනවා. එහෙම නැතුව මොනතරම් වටින පේෂල් මූණට දැම්මත් ඔළුවට තෙල් සත්කාර කළත් ගුණදායක කෑම බීම, විටමින් වර්ග ගත්තත් වැඩක් වෙන්නෑ. අපි හැමෝටම ජීවිතේ එක එක කාලවලදි ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ප්‍රශ්න නිමා වී සතුටින් ඉන්න කාලයකුත් ඒ එක්කම ලැබෙනවා. එක්තරා දාර්ශනිකයෙක් කියා තිබුණා තමන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් එයට පිළිතුරත් තමා ළඟම තිබෙනවා.

එම නිසා ප්‍රශ්න හමුවේ නොසැලී සිටින්න කියලා. ඒත් එක්කම කියා තිබෙනවා ඔබේ ප්‍රශ්නයට පිළිතුරක් නැතිනම් ඒ ගැන නොසිතන්න කියලා. ඒ නිසා මමත් අනුගමනය කරනවා. මනසින් සතුටින් ඉන්නවානම් අපි ඉබේම බාහිරෙනුත් ලස්සන වෙනවා. මා පෞද්ගලිකව විශ්වාස කරනවා කාන්තාවකට බාහිර ලස්සන සමඟ හදවතිනුත් ලස්සන වෙලා ඉපදෙන්නේ වාසනාවකට කියලා.

ඔබට ආදරය කරන රසිකයන් පිරිසක් කැමතිවෙයි ඔබේ දෛනික ජීවිතයේදි රූපය ලස්සනට තියා ගන්න කරන දේ ගැන දැනගන්න?
දිනකට පැය 8ක සුවදායක නින්දක් ලබාගැනීම නිරෝගී ජීවිතයකට ඉවහල් වන නිසා මම දිනකට අවම වශයෙන් පැය 8ක් උපරිමය පැය 10ක් නිදා ගන්නවා.
සතියකට දින තුනක් දිනකට පැය 2 ගානේ ව්‍යායාමවල නිරත වෙනවා. එය අනිවාර්යෙන්ම කරනවා. නැත්තං මගේ හිතට හරි නැහැ. වතුර නම් බොන්න එච්චර කැමති නැහැ. ඒත් හිතලාම දිනකට බොන්න ඕන වතුර ප්‍රමාණය බොනවා.

සතියකට වරක් පිරිසිදු පොල්තෙල්වලට විටමින් ඊ කරලක් දමා රත්කර හිස ගල්වා හොඳින් සම්බාහනය කර පැය කිහිපයක් ඉඳලා ෂැම්පු කරලා හෝදනවා. ම්... තව සතියකට වරක් විතර බිත්තර සුදු මදයට කස්තුරි කහයි, දෙහි බිංදු කිහිපයකුයි දාලා කලවම් කරලා මූණේ ගාලා විනාඩි 20x30 ඉඳලා හෝදනවා. කෝමාරිකත් ඉඳහිට ශරීරයේ ගල්වනවා. රාත්‍රියේදිත් මුහුණේ ආලේප කරන්න පුළුවන් හොඳ ස්වාභාවික ආලේපනයක් කෝමාරිකා. ඊට අමතරව අපේ රටේ දේශගුණයට ගැලපෙන සමේ ph අගයට ඔරොත්තු දෙන ස්වාභාවික ආලේපනයක් දෛනිකව ගල්වනවා. පැක් වර්ග භාවිතා කිරීමේදී මුහුණට, අත් දෙකට මෙන්ම බෙල්ල ප්‍රදේශයටත් ගල්වනවා. සමේ තෙතමනය ආරක්‍ෂා කරන මොයිස්චර්රයිසින් ක්‍රීම් වර්ගයක් ශරීරය පිරිසිදු කිරීමෙන් පසුව දිනපතා ගල්වනවා. ක්‍රීම් වර්ගයක් තෝරා ගැනීමේදී ඒකේ කෝමාරිකා තියෙනවද කියලා බලනවා. රාත්‍රී මුහුණු සත්කාරයකුත් භාවිතා කරනවා.

කෑම බීම ගැනීමේදී නම් ටිකක් සැලකිලිමත්. තෙල්, සීනි, පිටිවලින් නිෂ්පාදිත කෑම, සකස් කළ ආහාර ගන්නේ හරිම අඩුවෙන්.

කාන්තාවකට ලස්සන වැදගත් කියා ඔබ හිතනවාද?
ඔව්. නිවසේ සියලූ වගකීම් යුතුකම් දෙවුර දරන මවක් බිරිඳක් ලස්සනට ඉන්නවා නම් ඒක නිවසට ආලෝකයක්. මා මෙහිදී ලස්සන කියා අදහස් කරන්නේ මුහුණේ ලස්සන පමණක් නොවේ. කාන්තාවකගේ ලස්සන මුහුණකට පමණක් සීමා වන්නේ නෑ. නිය, කෙස්, දත්, හම, ඇස් ආදී සියල්ල ලස්සනට, පිරිසිදුව, නිරෝගීව තබා ගැනීමට උත්සාහ දැරිය යුතුයි. මෙලෙසින් තම ශරීරය ලස්සනට තියා ගන්න උත්සාහ ගන්නවා නම් කාන්තාවකට ලස්සන වීම අභියෝගයක් වන්නේ නැහැ.

විලාසිතා තෝරා ගැනීමේදි ඔබ සැලකිලිමත්ද?
ඔව්. හමේ පාට, ශරීරයේ උස ප්‍රමාණය, ශරීරයේ මහත, සහභාගි වෙන උත්සවය ආදී කරුණු කෙරෙහි සැලකිලිමත් වෙනවා විලාසිතා තෝරා ගැනීිමේදී.

ශරීරයට වඩාත් ගැලපෙන පාට මොනවාද?
කහ පාට, රෝස පාට වගේම නේවි බ්ලූ පාටත් මගේ ඇඟට ගොඩක් ගැලපෙනවා.

වඩාත් සුදුසු ඇඳුම?
ම්... මෙහෙමයි. හයිහීල්ස් දාලා දිගට ඇඳුම ඇන්දාම ‘අනේ චතුරිකා ඔයා මේ ඇඳුමට හරිම ලස්සනයි’ කියලා කියනවා. දණිස්සෙන් උඩට ඇඳුම් ඇන්දාම ‘ආනේ ඔයා තාම ඉස්කොලේ යන පොඩි කෙල්ලෙක් වාගේ ලස්සනයි’ කියලා කියනවා. එතකොට හිතෙනවා හැම ඇඳුමම මට ලස්සනයි කියලා.

වෘත්තියකින් ඉදිරියට යාමේදී ලස්සන වැදගත්ද?
නැහැ. රංගන වෘත්තිය හෝ වෙනයම් හෝ වෘත්තියකින් ඉදිරියට යාමට අවශ්‍ය වන්නේ අදාළ අංශය කෙරෙහි දක්වන කැපවීම, නිපුණතාවය සහ දක්‍ෂතාවය. ලෝකය ජයගත්ත බොහෝ පුද්ගලයන් සේම මෙරට මෙන්ම පිටරටවල පවා කලාවෙන් බොහෝ ජයග්‍රහණ හිමි වී තිබෙන්නේ රූපයෙන් බොහෝ ලස්සන අයටම නොවේ. දක්‍ෂතාවය ඉතා වැදගත් බවයි මගේ හැඟීම.

ලස්සනට ඉන්න කැමති හැමෝටම කියන්න පුළුවන් ලස්සන අවවාදය කුමක්ද?
මේ ලෝකයේ සිටින හැම කාන්තාවක්ම ලස්සනයි. ඒ ලස්සන කෙනකුගෙන් කෙනකුට වෙනස් වුණ ආවේණික දෙයක්. ලස්සනට ඉන්න පහසුවෙන්ම කළ හැකි දේ තමයි මානසිකව සතුටින් සිටීම. ඊට අමතරව තමන්ගේ හැකියාව අනුව නිවසේදී හෝ රූපලාවන්‍යාගාරයකට ගිහින් මසකට වරක් හෝ මුහුණ පිරිසිදු කිරීම, අයිබ්‍රෝ පිළියෙළ කරගැනීම වැනි පුංචි පුංචි දේවල් කර ගන්න පුළුවන්. කෑම බීම ගැනීමේදී සෞඛ්‍ය සම්පන්න දේවල් ගැනීමත් වතුර වැඩිපුර බීම, දිනකට පැය බාගයක් හෝ ඇවිදීම වැනි පුංචි දේවල් කරන්න පුළුවන්.
 
අසුන්තා එදිරිසූරිය



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top