පෙම්වතාගේ නමක්, ගමක්වත් හරිය දන් නැල්ලු
දූෂණය කළ තරුණයින් ප්‍රදේශයෙන් පලා ගිහින්
16 හැවිරිදි බාල වයස්කාර පාසල් සිසුවියක් සමූහ දූෂණයට ලක් කර ඇතැයි නාගොඩ පොලීසිය පවසනවා.
පොලීසියට ලැබී ඇති පැමිණිල්ලකට අනුව පෝද්දිවල මත්තක ප්‍රදේශයේ පදිංචි මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි මෙම සිසුවිය මෙයට සති දෙකට පෙර තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන ඇති අතර ඔහු විසින් ඇයට ජංගම දුරකථනයක් ද ලබා දී තිබෙනවා.
මේ අතර පෙරේදා (12) දහවල් දුරකථනයෙන් ඇයට කතා කළ තරුණයා තමාගේ මවට හඳුන්වා දීමට එන ලෙස පවසා තිබෙනවා.
ඒ අනුව ඇය සීනි ගෙන ඒමට වෙළඳසැලට යන බව තම මවට පවසමිනුයි තරුණයා සමඟ යතුරුපැදියකින් පිටත්ව ගොස් ඇත්තේ.
එසේ ගොස් නාගොඩ පොලිස් වසමේ පරණ තානායම්ගොඩ ප්‍රදේශයේ අලුතින් ඉදිරිකරනු ලැබූ පාළු නිවසක නතර කර තිබෙනවා.
එහිදී ඇය මව කොහිදැයි විමසූ විට ඔහු පවසා ඇත්තේ මව ගාල්ලට ගිය බවයි.
පසුව ඔහු එම නිවසේ කාමරයක් තුළදී ඇය දූෂණය කර ඇති බව සඳහන්. ඉන් පසුව කාමරයට පැමිණි තවත් අයෙකු නංගී ඇයි දැයි යනුවෙන් විමසා තර්ජනය කොට ඔහු විසින් ද ඇය දූෂණය කර තිබෙනවා.
මේ අතර එම පුද්ගලයා එළියට එනු දුටු කාන්තාවක් කෑ ගසන විට තරුණයින් දෙදෙනා යතුරු පැදියේ නැගී පලා ගිය බවයි වාර්තා වන්නේ.
ඇය විසින් ප්‍රේම සම්බන්ධය පවත්වාගෙන ගිය තරුණයාගේ ලිපිනයක් හෝ නියම නම පවා ඇය නොදන්නා බවයි පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.
පොලිස් භාරයට ගත් සිසුවිය කරාපිටිය රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ වාර්තා කර තිබුණේ ඇය දූෂණයට ලක්ව ඇති බවයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගාල්ල පොලිස් අධිකාරි අනුරුද්ධ භාණ්ඩාර හක්මනගේ මහතාගේ උපදෙස් පරිදි නාගොඩ පොලිස් ස්ථානාධිපති ධම්මික ඩයස් ඇතුළු නිලධාරින් පිරිසක් පරීක්ෂණ පවත්වනු ලබනවා.