උතුර ගැන වචනයක් පාර්ලිමේන්තුවේ කතා කළේ නෑ
එකිනෙකාට ගරු කරමින් ව්‍යවස්ථාවක් හැදෙන්න ඕන
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක අහිමි කිරීම තුළින් රට බෙදීම සඳහා ගෙන ඒමට නියමිත ව්‍යවස්ථාව පැරදීමට හැකියාව ලැබී ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද පස්වරුවේ හෝමාගමදී පැවති ජන හමුවක් අමතමින්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත මහා සමුළුව අද පස්වරුවේ හෝමාගම බස් නැවතුම්පොළ ඉදිරිපිටදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.