වොෂින්ටන් පෝස්‌ට් මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ සිරුරු කොටස් අඩංගු සූට්‌කේස් පහක් තුර්කියේ සෞදි කොන්සල්ගේ නිවසට ගෙන යන අයුරු දිස්‌වන සීසීටීවී දර්ශන තුර්කි පොලිසිය ප්‍රකාශයට පත්කර තිබෙනවා.
මේ සූට්‌කේස් ගෙන එන්නේ පස්‌දෙනකුගෙන් යුත් පිරිසක්.
සෞදි කොන්සල් කාර්යාලය සමීපයෙනුයි මෙම කොන්සල් නිවස පිහිටා තිබෙන්නේ.
තුර්කියේ අහබර් රූපවාහිනී සේවය පැවසුවේ එම සූට්‌කේස්‌වල ජමාල් කෂෝගිගේ සිරුරු කොටස් තිබූ බවයි.
එම සිරුරු කොටස් ඇසිඩ් බඳුන්වල දමා විනාශ කර ඇතැයි වාර්තා වුණා.
මේ අතර ජමාල් කෂෝගිගේ ඝාතනයට වගකිව යුතු සෞදි ඝාතක කණ්‌ඩායම තුර්කියට භාරදෙන ලෙස තුර්කි රජය කළ ඉල්ලීම ප්‍රතික්‌ෂේප වී තිබෙනවා.