මහබැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ අජිත් නිවාඞ් කබ්රාල් ඊයේ (09) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. මේ පිළිබඳ සිදුකළ විමසීමකදී ඔහු සඳහන් කළේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද (09) සවස භාර දුන් බවයි.
ශ්‍රී ලංකාවේ 12 වන මහබැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් මහබැංකු මූල්‍ය මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.
මේ අතර, සුරැකුම්පත් සහ විනිමය කොමිසමේ සභාපති ආචාර්ය නාලක ගොඩහේවා ද අද සිය ඉල්ලා අස්වීමේ ලිපිය මුදල් අමාත්‍යාංශය වෙත යොමු කර තිබෙනවා. ඔහු එහිදී සදහන් කර ඇත්තේ තනතුරට සුදසු නව පුද්ගලයෙකු පත් කිරීමට ඉඩ සලසමින් මෙලෙස ඉල්ලා අස්වන බවයි.
එමෙන්ම විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. ඊයේ (09) පස්වරුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශයට පත් කරනු ඇති බවයි එම ආරංචි මාර්ග සදහන් කළේ.