Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
12
"මම ගත්ත වැරදි තීරණ දිහා බලලා දුක් වෙලා පසුතැවිලි වෙනවට වඩා මම හිතනවා ඒවා හදාගෙන ඉදිරියට යන්න.." - හර්ෂණ බෙත්මගේ

- "මම ගත්ත වැරදි තීරණ දිහා බලලා දුක් වෙලා පසුතැවිලි වෙනවට වඩා මම හිතනවා ඒවා හදාගෙන ඉදිරියට යන්න.." - හර්ෂණ බෙත්මගේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,881 Views
"මම නළුකමෙන් හම්බ කරගෙන ජීවත් වෙන කෙනෙක් නෙමෙයි..."

"මමත් ගොඩක් ආදරෙයි.."

හර්ෂණ බෙත්මගේ වගේම වොල්ගා කල්පනී කියන්නේ පුංචි තිරයේ නිරන්තරයෙන්ම දකින්න ලැබෙන චරිත දෙකක්. පෙම්වතුන් ලෙසත් පුංචි තිරයේදී දකිනවා. නමුත් ඔවුන් දැන් විරසක වෙලා කියලා කටකතා පැතිරෙනවා. ඔවුන්ගේ අලුත් තොරතුරු ගැන හර්ෂණ කියන්නේ මෙහෙම කතාවක්.

ඉතින් හර්ෂණ කොහොමද මේ දවස්වල වැඩකටයුතු?
මේ දවස්වල නාට්‍ය කිහිපයක රූගත කිරීම් කරගෙන යනවා. ඒ වගේම තවත් අලුත් ටෙලිනාට්‍යයකට සූදානම් වෙනවා.

හර්ෂණ කාලයක් රංගන කටයුතුවලට break එකක් දීලා තිබුණා. එකපාරටම ආයිත් කලා කටයුතු සමග එකතු වෙන්න හිතුවේ ඇයි?
ඇත්තටම මගේ ව්‍යාපර කටයුතු සමග කාර්යබහුල වීමත් සමග කලා කටයුතුවලට දායක වෙන්න කාලය තිබුණේ නැහැ. මේ වෙද්දී ව්‍යාපාර කටයුතුවලින් පොඩි නිදහසක් ලැබුණා. ඒ නිසා කලා කටයුතු කිහිපයකටම සම්බන්ධ වුණා.

හර්ෂණගේ ව්‍යාපාර කටයුතු ගැනත් කියමුද?
ඔව්, ඇත්තටම ව්‍යාපාර පැත්තට යොමු වෙන්න මගේ ලොකු හීනයක් තිබුණා. තව අලුත් ව්‍යාපාරයකුත් අලුතෙන් පටන් ගත්තා. ඒවා තමයි ඉතින් විස්තර.

හර්ෂණ බෙත්මගේ කියන්නේ බොහෝ ප්‍රේක්ෂක ආදරයකට හිමිකම් කියූ කෙනෙක්. කලකට පස්සේ නැවතත් පුංචි තිරය සමග සම්බන්ධ වෙද්දි ඒ ප්‍රතිචාර ​නොවෙනස්වම හර්ෂණට ලැබෙනවාද?
එදා ඒ ලැබුණ ප්‍රතිචාර සමග බලද්දි අද වන විටත් ඒ ප්‍රතිචාර එලෙසින්ම පවතිනවා කිව්වොත් මම නිවැරදියි. මමත් මගේ ප්‍රේක්ෂකයින්ට ගොඩක් ආදරෙයි.

දැන් දිගට රංගන කටයුතුවලට දායක වෙන්නද හර්ෂණගේ බලාපොරොත්තුව?
ඇත්තටම කිව්වොත් ඔව්, දැන් ඉතින් දිගටම නිර්මාණවලට දායක වෙනවා. මම නළුකමෙන් හම්බ කරගෙන ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. මේ වෙද්දි මම මගේ ස්ථාවරය හදාගෙන ඉවරයි. ඇත්තටම මම මගේ රංගන ජීවිතය පැත්තෙන් තෘප්තිමත්.

පසුගිය කාලේ පුංචි තිරය පිළිබඳ හර්ෂණ තුළ කලකිරීමක් තිබුණා නේද?
ඇත්තටම මම ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය ගැන ගොඩක් කලකිරීමෙන් හිටපු කෙනෙක්. මොකද සමහර චරිතවලට නළුවගේ මුදල තීරණය කරන්නේ නිෂ්පාදකවරයා. නළුවට කිසිම තැනක් නැහැ. ගොඩක් අධ්‍යක්ෂවරු නළුවො හොයන්නේ චරිතවලට වඩා එයාලට අවශ්‍ය දිනවලට. අවුරුද්දක් විතර මම රංගන ක්ෂේත්‍රයේ වැඩකටයුතු සමග එකතු වුණේ නැහැ. රංගන ශිල්පියාව තුට්ටු දෙකට දාන නිර්මාණවලට මම දායක වෙන්නේ නැහැ. මම ස්වාධීනව කතා කරන කලාකරුවෙක්.

අද වනවිට හර්ෂණගේ ජීවිතය සතුටු වෙනවද?
ඇත්තටම ඔව්, ආපස්සට හැරිලා බලලා මම ගත්ත වැරදි තීරණ දිහා බලලා දුක් වෙලා පසුතැවිලි වෙනවට වඩා මම හිතනව ඒ දේවල් නිවැරදි කරගෙන ඉදිරියට යන්න පුළුවන්නම් ගොඩක් වටිනවා කියලා.

හර්ෂණගේ ඉදිරි බලාපොරොත්තු මොනවද?
හොඳ නිර්මාණවලට දායක වෙමින් මගේ ව්‍යාපාර කටයුතු හොඳින් කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

මේධාවි ජයතිලක




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  71 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  415 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  168 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  412 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  754 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  5,062 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  491 Downloads

Ma Layata Lan Wee - Prasanga Thisera & Shashika Nisansala
Ma Layata Lan Wee
Prasanga Thisera & Shashika Nisansala
⤵  810 Downloads

Hithuwakkari - Malon Jerom
Hithuwakkari
Malon Jerom
⤵  606 Downloads

Mata Watahuna - Anushka Madushanka
Mata Watahuna
Anushka Madushanka
⤵  491 Downloads



Top 10 Commenters

Latest Comments

Top