Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
11
කාන්තා දූෂකයින්ට එම දූෂිත කාන්තාව විවාහ කරදී මුළු ජිවිත කාලය පුරාවටම දූෂණය කිරීමට ලබා දුන් අරුම පුදුම නීතිය - Photos

- කාන්තා දූෂකයින්ට එම දූෂිත කාන්තාව විවාහ කරදී මුළු ජිවිත කාලය පුරාවටම දූෂණය කිරීමට ලබා දුන් අරුම පුදුම නීතිය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,289 Views
මෙය කිසිවෙකුත් විශ්වාස නොකරන විදිහේ නීතියක්. කෙනෙක් යම් කාන්තාවක් දුෂණයට ලක්කරනවා. නමුත් එසේ දූෂණයට ලක් කරපු කාන්තාව නිත්‍යානුකුලව විවාහ කර ගත්තොත් එම දූෂකයා එම වරදින් නිදොස් කොට නිදහස් වෙනවා. 
 
මෙම අමුතු නීතිය මෑතකදී කරලියට පැමිණියේ පලස්තීනය නම් රටෙන්. එරට ජනපති එරට තිබෙන ව්‍යවස්ථාවෙන් එම නීතිය අවලංගු කිරීමත් සමඟම තමයි මෙම සිද්ධීන් නැවතත් ලෝකයට අසන්නට ලැබුණේ. 
 
පලස්තීනය විසින් ගත් මෙම තීරණයෙන් පන්නරය ලැබූ අසල්වැසි රටවල් කිහිපයක්ම එම නීතිය ඉවත් කරගෙන තිබුණා. 
 
නමුත් එම නීතිය විවිධ වූ ස්වරුපයන්ගෙන් බලාත්මක වූ රටවල් අදටත් තිබෙනවා.

එම රටවල් අතරින් බහුතරයක්ම පිහිටා තිබෙන්නේ මැද පෙරදිග සහ අප්‍රිකානු රටවල් වලයි. දූෂකයාව විවාහ කරන නීතිය අද බොහොමයක් රටවල් වලින් තුරන් වී තිබෙනවා. 
 
පර්යේෂකයින් පවසන විදිහට එම නීතිය ආරම්භ වනුයේ 1810 දී ප්‍රංශ නීතියකින්. එම නීතියට අනුව කාන්තාවක් පැහැරගනු ලැබූ පුද්ගලයා එම කාන්තාව විවාහ කරගැනීමට කැමති නම් නීතියෙන් එම පුද්ගලයාව අපරාධ කරුවෙකු සේ සලකන්නේ නැහැ. 
 
ඒ වගේම දුෂණය ලක්වූ තරුණිය සමග අදාළ අපරාධකරුවා යම් කාලයක් විවාහ වී සිටිනවා නම් ඔහුටද එම අපරාධය වූ දඬුවමින් නිදහස් වෙන්නට පුළුවන්. 
 
1911 වර්ෂයේදී එම ප්‍රංශ නීතිය ඔටෝමන් අදිරජ්‍යයාගේ නීති පොතටද ඇතුලත් වුණා. 
 
ඒවගේම ලොව බොහොමයක් රටවල් වලට එම නීතිය ඇතුලත් වුණේ බටහිර අධිරාජ්‍යවාදීන් එම නීතිය යටත් විජිතයින්ට හඳුන්වා දුන් නිසයි. ප්‍රංශය විසින් ජනපද පිහිට වූ උතුරු අප්‍රිකාවේ, ලෙබනනයේ මෙන්ම ඇතැම් දකුණු අප්‍රිකානු රටවල් ද මෙයට උදාහරණයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. 
 
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ඔවුන් විසින් යටත් කරගත් මුස්ලිම් රටවල් වලට ඔවුන්ගේ නිතිය හඳුන්වා නොදී ඔටෝමන් නීතිය හඳුන්වා දීම ද එම නිතිය මැද පෙරදිග මුස්ලිම් රටවල් වලට ඇතුළු වීමට එක හේතුවක් ලෙස කියන්නට පුළුවන්. 
 
ප්‍රංශය එම නීතිය 1994 වර්ෂයේදී අවලංගු කළ අතර එය අනුගමය කරමින් ඩෙන්මාර්කය සහ ඉතාලිය වැනි අනිකුත් රටවල් ද එම නීතිය අවලංගු කිරීමට උත්සහ කළා. 
 
ඒ සමඟම මැදපෙරදිග සහ අප්‍රිකාවේ රටවල් කිහිපයක්ම එම නීතිය හකුළාගෙන තිබෙනවා. එම නීතිය පැවති කාලය තුළදී ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබුණු අතර ස්ත්‍රී දුෂකයින්ට දඩුවම් කරන්නට හැකියාව තිබුණේ නැහැ. එකල එම නීතිය බිහිවුණේ කාන්තාවන් පිරිමියාගේ දේපලක් බව සිතන ලද සමාජයක් තිබුණු නිසයි. මන්දයත් කාන්තාවකගේ කන්‍යාභාවය අහිමි වුන විටක එම කාන්තාවට කිසිම වටිනාකමක් නැතිබවටයි බොහෝදෙනෙකුගේ අදහස වුණේ. 
 
2012 වර්ෂයේදී සිදුවූ එක්තරා සිදුවීමක් අදටත් උදාහරණයක් ලෙස ගන්නට පුළුවන්. එනම් 16 හැවරිදි අමිනා ෆිලාලි කියන තරුණියට ඇයගේ දුෂකයා සමඟ විවාහ වන්නට සිදුවුණු නිසා ඇය විසින් සියදිවි හානි කරගැනීමයි. ඇයට ඔහු සමඟ විවාහ වීමෙන් පසුවත් නිරන්තරයෙන්ම ඔහුගෙන් ලිංගික වද හිංසා සිදු වී තිබෙනවා. 
 
නමුත් මෙම සිදුවීම නූතනයේ සිදුවූ එවැනි සිදුවීම අතරින් එක සිදුවීමක් පමණයි. 
 
එම නීතිය වසර සියගණනක් පැරණි නීතියක් වුවත් එය විවධ ස්වරුපයන්ගෙන් අදටත් පවතිනවා. 
 
උදාහරණයක් ලෙසට පිලිපීනය ඇල්ජිරියව සහ බහරේන් යන රටවල නීතියට අනුව ස්ත්‍රිදුෂකයකුගෙන් දූෂණයට ලක්වුණු එම කාන්තාව විවාහ කරගන්නවා නම් ඔහුට එම අපරාධයෙන් නිදහස් වෙන්නට පුළුවන්. ලොව තවත් රටවල් කිහිපයකම මෙම නීතිය විවිධ ස්වරූප කිහිපයකින්ම පැවතෙනවා. සිංගප්පූරුව රොමේනියාව තායිලන්තය තුර්කිය උදාහරණයක් ලෙස ගතහොත් දුෂණයට ලක්වූ තැනැත්තිය දූෂකයාට සමාව දෙනවා නම් අදාළ තැනැත්තාට වරදින් නිදහස් වෙන්නට පුළුවන්. 
 
ඊට අමතරව දුෂණයට ලක්වූ තැනැත්තියගේ පවුලේ අය සමඟ එකඟතාවයකට පැමිණිමෙනුත් ස්ත්‍රී දුෂණ වරදින් නිදහස ලබන්නට පුළුවන් රටවල් තිබෙනවා. ඒ වගේම විවාහයක් තුල සිදුවන ස්ත්‍රී දුෂණ සිදුවීම් වරදක් සේ නොසලකන රටවලුත් තිබෙනවා. ඉතින් මේ ඉහත නීතිවලින් ස්ත්‍රී දුෂකයින්ට ඉහත කළ වරදින් පැනයාමට විශාල උදව්වක් ලැබෙනවා. 
 
එය හරියට දූෂණයට ලක් වූ කාන්තාව මුළු ජිවිතයම දුෂණය කිරිමට දුෂකයාට ලැබුණු අතිරේක වාසියක් වැනි දෙයක්. නමුත් කාන්තාවන් පිරිමින්ගේ දේපලක් බව සිතන සමාජයක් තිබෙන තුරු මෙම නීතිය විනාශයට පත්වන්නේ නැහැ. 
 
මන්දයත් එක පවුලක් තරුණියක් තවත් තරුණයකු විසින් දුෂණය ලක් වූ විට එම දෙමව්පියන් සමාජ අවමානයෙන් බේරීමට එම දියණිය සරණ පවා දෙනවා. 
 
අඩුම තරමේ නීතියේ පිහිට පතන්නේවත් නැහැ. 
 
ඉතින් රටක නීතිය ස්ත්‍රී දූෂකයින්ට දඬුවම් ලබා දෙන මට්ටමක තිබුණත් එරට මිනිසුන් සිතන්නේ ස්ත්‍රීය මිනිසුන්ගේ ලිංගික භාණ්ඩයක් කියා නම් ස්ත්‍රී දූෂකයින්ට දැඩි නීති පනවා තිබුණත් ඒවා ක්‍රියාත්මක වන්නේ නැහැ.

16 හැවරිදි අමිනා ෆිලාලි කියන තරුණියට ඇයගේ දුෂකයා සමඟ විවාහ වන්නට සිදුවුණු අවාසනාවන්ත සිදුවීම..
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  36 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  411 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  166 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  402 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  728 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  4,942 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  477 Downloads

Ma Layata Lan Wee - Prasanga Thisera & Shashika Nisansala
Ma Layata Lan Wee
Prasanga Thisera & Shashika Nisansala
⤵  790 Downloads

Hithuwakkari - Malon Jerom
Hithuwakkari
Malon Jerom
⤵  587 Downloads

Mata Watahuna - Anushka Madushanka
Mata Watahuna
Anushka Madushanka
⤵  477 Downloads



Top 10 Commenters

Latest Comments

Top